_ආදර_සමීකරණ_

By NethmaDissanayake

85.1K 13.7K 11.8K

🧪 More

හැඳින්වීම
1 වෙනි කොටස 🧪
2 වෙනි කොටස 🧪
3 වෙනි කොටස 🧪
4 වෙනි කොටස 🧪
5 වෙනි කොටස 🧪
6 වෙනි කොටස 🧪
7 වෙනි කොටස 🧪
8 වෙනි කොටස 🧪
9 වෙනි කොටස 🧪
10 වෙනි කොටස 🧪
11 වෙනි කොටස 🧪
12 වෙනි කොටස 🧪
13 වෙනි කොටස 🧪
14 වෙනි කොටස 🧪
15 වෙනි කොටස 🧪
16 වෙනි කොටස 🧪
17 වෙනි කොටස 🧪
18 වෙනි කොටස 🧪
19 වෙනි කොටස 🧪
20 වෙනි කොටස 🧪
21 වෙනි කොටස 🧪
22 වෙනි කොටස 🧪
23 වෙනි කොටස 🧪
24 වෙනි කොටස 🧪
25 වෙනි කොටස 🧪
26 වෙනි කොටස 🧪
27 වෙනි කොටස 🧪
28 වෙනි කොටස 🧪
30 වෙනි කොටස 🧪
31 වෙනි කොටස 🧪
32 වෙනි කොටස 🧪
33 වෙනි කොටස 🧪
34 වෙනි කොටස 🧪
35 වෙනි කොටස 🧪
36 වෙනි කොටස 🧪
37 වෙනි කොටස 🧪
38 වෙනි කොටස 🧪
39 වෙනි කොටස 🧪
40 වෙනි කොටස 🧪
41 වෙනි කොටස 🧪
42 වෙනි කොටස 🧪
43 වෙනි කොටස 🧪
44 වෙනි කොටස 🧪
45 වෙනි කොටස 🧪
46 වෙනි කොටස 🧪
47 වෙනි කොටස 🧪
48 වෙනි කොටස 🧪
49 වෙනි කොටස 🧪
50 වෙනි කොටස 🧪
51 වෙනි කොටස 🧪
52 වෙනි කොටස 🧪
53 වෙනි කොටස 🧪
54 වෙනි කොටස 🧪
55 වෙනි කොටස 🧪
56 වෙනි කොටස 🧪
57 වෙනි කොටස 🧪
58 වෙනි කොටස 🧪
59 වෙනි කොටස 🧪
60 වෙනි කොටස 🧪
61 වෙනි කොටස 🧪
62 වෙනි කොටස 🧪
63 වෙනි කොටස 🧪
64 වෙනි කොටස 🧪
65 වෙනි කොටස 🧪
66 වෙනි කොටස 🧪
67 වෙනි කොටස 🧪
68 වෙනි කොටස 🧪
69 වෙනි කොටස 🧪
70 වෙනි කොටස
71 වෙනි කොටස 🧪
72 වෙනි කොටස 🧪
73 වෙනි කොටස 🧪
74 වෙනි කොටස 🧪
75 වෙනි කොටස 🧪
76 වෙනි කොටස 🧪
77 වෙනි කොටස 🧪
78 වෙනි කොටස 🧪
79 වෙනි කොටස 🧪
80 වෙනි කොටස 🧪
81 වෙනි කොටස 🧪
82 වෙනි කොටස 🧪
83 වෙනි කොටස 🧪
84 වෙනි කොටස 🧪
85 වෙනි කොටස 🧪
86 වෙනි කොටස 🧪
87 වෙනි කොටස 🧪
88 වෙනි කොටස 🧪
89 වෙනි කොටස 🧪
90 වෙනි කොටස 🧪
91 වෙනි කොටස 🧪
92 වෙනි කොටස 🧪
93 වෙනි කොටස 🧪
94 වෙනි කොටස 🧪
95 වෙනි කොටස 🧪
96 වෙනි කොටස 🧪
Unpublished කරන්නේ නෑ..🧪[ආදර සමීකරණ]
97 වෙනි කොටස 🧪
98 වෙනි කොටස 🧪
99 වෙනි කොටස 🧪

29 වෙනි කොටස 🧪

758 138 124
By NethmaDissanayake


මං ටිකක් වෙලා wash room එකේ ඉඳලා ආයේ යන්න එළියට එද්දි මෙන්න මූ මගේ පොත් ටිකත් උස්සගෙන එනවා...තේවිට පේන්නේ නැති වෙන්න මම ගෙඩි ගැහිලා තිබුණු එක කොන්ඩෙ දාල වැහුවා...

"ඇයි..."?

"Physics sir පැවැරුම් වගයක් එවලලු...යොමාල් ආවා පංතියේ එවුන් එකතු කරගෙන එන්න...ගෙදර ගිහින් කියල දෙන්නම් අද...මේවා හදන හැටි...දැන් වරෙන් පන්තියට යමු...."

ඒකත් හොඳයි...මොකද දැන් මට කොහොමත් ඕක අහගන්න mood එකක් නෑ.....අනික මූ ඉන්නෙත් කේන්ති ගිහින්...තව ගුටි කන්න වෙන්නේ....

අපි ආයේ පංතියට එද්දි අතන මෙතන විසිරිලා හිටපු පංතියේ එවුන් ඔක්කොම ආයේ යොමාල් හොයාගෙන ඇවිල්ලා....පස්සේ ඌ board එකේ sir දුන්න පැවැරුම දානවා...මගේ මූණ ටිකක් හරි නෑ....මොකද බං මේක රිදෙනවා....ආයේ සුපිරියට....ගෙදර යනකම් ගාන්න දේකුත් නෑනෙ...

මං ගිහින් වාඩි වුණාට පස්සේ ආයේ සෝසේ මගේ අතේ එල්ලුනා....මං හොරෙන් බැලුවේ එයා දිහා....ඒත් මූ පැවැරුම ලියනවා....

"කෝ අහගත්තද...."?

"නෑ බල්ලෝ...."

"එහෙනම්....මොකක් කරාද මෙච්චර වෙලා...."?

"ප#ක් කරා.....අන්න අරක ලියපන්....."

මට තරහ ගියේ බන් මේ වේදනාව නිසා....මම ඇඟිලි තුඩු වලින් නලල දෙපැත්ත මිරිකන ගමන් හිටියේ....

"උබේ ඔලුව රිදෙනවද...."?

"ම්ම්....උඹ ගාව idex එකක් නැද්ද...."?

"හිටපන්.....බලන්න...."

සෝසේ උගේ bag එක අවුස්සනවා...ඒත්...idex ගෑවොත් අරූ දැනගනී....

"අඩේ නෑනෙ බං...මං ඒක දාල ඇවිල්ලා..පන්තියේ first add box එකේ තියනවා නේ හිටපන් මම අරගෙන එන්න..."

"සෝසේ එපා....දැන් හරි වගෙ...වැඩි වුණොත් ගාමු ..."

මූ මගේ දිහා අමුතු විඳියට බලල ආයේ වාඩි වුණා ...එතකොටම අරුන් දෙන්නා ඔන්න foot ball practice ඉවර වෙලා දාඩිය නාඟෙන දුවගෙන ආවා....

"අම්මෝ මහන්සි.....වතුර එකක් දීපල්ලා...."

ටෝටො මගේ වතුර බෝතලේ අරගෙන බීගෙන බීගෙන ගියේ ආයේ මාස ගානක් වතුර බීලා නෑ වගෙ...

"මේ..තේවි...අවුරුද්දට නිවාඩු දෙන්න කලින් basketball ball මැච් එකක් තියනවලු...දැන් එද්දි ජනිත් sir කිව්වේ...අපිට එකදිගට after school ටික දවසක් ඉන්න වෙයි වගෙ..."

"අඩේ ...බන්...class නම් cut කරගන්න බෑ ඔන්න...උඹලා දන්නවනේ chemistry class එක කොහෙත්ම cut කර ගන්න බෑ...පස්සේ ස්කොලෙ ඒවත් නෑ...class එකේ ඒවත් නෑ....එක්කෝ උදේට දාගන්න බැරිද බන් sir ට කියල...."

"ම්ම්...ඒක කතා කරලා විසදගන්න නම් පුළුවන්...බලමුකො...වාර විභාගෙත් ළඟ එනවනේ බං...ඒක ඉස්සෙල්ලා කර ගන්න එපැයි..."

"ඔව්..ටෝටො...තව සතියයි ඒකට...උඹලා දෙන්න ෂෝට් නෝට් book හැදුවනේ...."

"ඔව්..chemistry හැදුවා....උබත් හැදුවනේ ...අඩේ අඩේ....මොකද බන් අද නිකන් වැස්සක් පායලා වගෙ.....කතා පෙට්ටිය වැහිලා...මොකෝ..ජානු...."?

මං ඉන්නෙ බන්...හෙන අමාරුවෙන්...මුන් දන්නවා ඇයි රෙද්ද ඒක...මම මූන්ගේ කතා අහගෙන ඉන්න ගමන් board එකේ තියන පැවැරුම ලියනවා....

ඒත් මම නිකමට බලද්දි යුවාන් ඉන්නෙ හෙනම කල්පනාවක...දාඩිය දාල ඌව හොඳට රතු වෙලා...ඌ තමා අපේ එවුන්ගෙන් සුදුම...සුදු කියන්නේ ආයේ ලිලී පාට...අව්වේ ගියාම ආයේ නිකන් තක්කාලි සෝස් වෙනවා....

"මේ...මොකෝ අරූ..."??

මම ටෝටොට අතින් ඇනලා ඇහුවේ ඇහෙන් යැගියව පෙන්නලා...

"ඌට මල පැනලා ඉන්නෙ ඔය..පාඩුවේ ඉන්න දීපන්...දන්වන්නේ...හැටි..."

"ඇයි යකූ මොකක්ද වූණේ..."?

සෝසෙත් එහෙන් හොම්බ දාගෙන ආවා...අපිටත් ඉතිං ඕපයක් කිවුවම...ආයේ ඉතිං....දන්නේ නැද්ද....

ටෝටො ෂේප් එකේ උගේ අයියන්ඩි දිහා බලලා හොම්බ දාගෙන ඉන්න අපි දෙන්නා ගාවට පහත් වුණා.....

"අද...ground ඉද්දි..පොඩි කතාවක් ගියා...අපේ foot ball team එකේ එවුන්...ඒකට මූට මල පැනලා ඉන්නෙ...."

"මොකක්ද බල්ලෝ ඒ..."?

මූ අපි දෙන්නා ගාවටම පහත් වුණා....පස්සේ රහසින්....

"චන්දුල....ඉන්නෙ....."

"ඔව් ඉතිං....."??

"ඌ maths එකේ කාටහරි line වගේ...team එකේ කතාවක් යනවා..."

"මො...ක...ක්...."??

මමයි, සෝසේයි කොච්චර හයියෙන් ඒක කිව්වද කියනවා නම් මුළු පන්තියම අපේ දිහා බැලුවා...

මම ෂේප් එකේ බැලුවේ එයා දිහා...හොඳ වේලාවට තේවිට ගානක් නෑ...

"අඩේ ඒ කියන්නේ....ඌත්...ආස කොල්ලොන්ට කියල නම් කියන්න එපා......"

"නැත්නම් ඉතිං අපේ ස්කොලෙ කෙල්ලො ඉන්නවද බල්ලෝ....අනික maths එකේ....මට හිතාගන්න බෑ උගේ හිත ගත්තෙ කවුද කියල...."

"මං සෝසේ එක්ක දවල් ඕක ගැන කතා කරා විතරයි යකූ...ඉතිං යැගියට මල පැන්නේ ඇයි.....??"

"අපේ team එකේ එවුන් කියනවා ඒ අපෙ පන්තියේ එකෙක් කියලා...උන් එක එක විහිළු කරා.......ඉතිං...උන් කි....ව්වේ....."




"ටි...යා.....න් ...."


හරි....යැගියට ඇහිලා....


"ඇති....ඒ ගැන ආයේ කතා කරන්න ඕනි නෑ කියල මම උබට කියල නේද ආවෙ...මේ exam අස්ස ඕවා ඕනිම නෑ...උන් කොහොමත් ළඟදීම කෑමක් ඉල්ලනවා...කතා හදල...."

"යැගියා මොකක්ද වූණේ කියපන් ...."?

සිරාවට ඌට හොඳටම මල පැනලා...

"ඒක ඕනි නෑ..ජානු....උන් එක්ක ඕනවට වඩා ගැවසෙන්න එපා එච්චරයි....විශේෂයෙන්ම උඹ...."!!!!


"මොකද බන්...."?

තේවිටත් අපේ කතාව ඇහිලා...

"මම උඹලා ඔක්කෝටම පස්සේ ඒක කියන්නම්....දැනට ඕනි නෑ...වැඩක් කරපල්ලා...ටියාන් තෝ මගේ මල්ලී නම් කට......කට.....පරිස්සමට...මම මූණ ටිකක් සෝදගෙන එන්නම්...."

එහෙම කියල යුවාන් ගියේ...ටෝටොටත් සැර කරලා...මොකක්ද වූණේ කියල හිතාගන්න බැරුව අපි ඔක්කොම ඉන්නෙ confused උන්ගා බුන්ගා වෙලා....ඒත් අපිට බෑ උන්ට බල කරන්න ...උන් කියන වේලාවක කියයි....

දෙවියනේ අපේ පන්තියේ එකෙක්.....මගේ බඩ බොක්ක දාගෙන යනවා....කවුරු වෙන්න පුළුවන් ද....මං අපෙ පන්තියේ එවුන්ගේ මූණු ටික මතක් කරගෙන කරගෙන ගියා...චන්දුට ගැලපෙන එකෙක්....කවුද යකූ.....හිතාගන්න බෑ....

මං වගේම මොංගල් වෙලා කල්පනා කරන සෝසේ ගාවට මං ෂේප් එකේ නැවුනා ....

"මේ....ඌ ....top ද bottom ද ඕයි...."?

"ම්ම්...හිතාගන්න බෑ.....බං...ඌ නිකන් top වගෙ....නැද්ද.."

"සිරාවට..."???

මගේ පපුවත් රිදෙනවා...මට බැලුනේ එයා දිහා....

"එතකොට...බල්ලෝ..ටොප්ලා ටොප්ලාට කැමති වෙනවද ......"?

"බොහෝ දුරට එහෙම වෙන්නේ නැහැ බන්...හැබැයි ඉතිං වෙන්නත් බැරි නෑ....ඇයි දැන් උඹ අනුමාන කරන්නෙ කාවද ..."?

"නෑ නෑ මොකුත් නෑ... ඔය පැවරුම කරපන්..."

ඊට පස්සේ ඉතිං ස්කොලෙ ඇරලා යනකම් මම හිටියේ ඕක හිත හිතා...අපිට අද හවස combined maths class ....sir කියන දේවල් අහගෙන හිටියත් සැරින් සැරේ මගේ ඔලුව ඇද්දුන් දෙනවා....මම හිටියේ බිත්තිය අයිනෙ නිසා sir ට මාව ලොකුවට පේන්නේ නෑ ...ගෙදර ගිය ගමන් මොනා හරි ගාගන්න ඕනේ....

ඒත් අද අම්මත් ගෙදර.. එයාට night duty නෑනෙ අද....එයාගෙ උකුසු ඇස් වලින් නම් පුතේ මේක හංගන්න බෑ...බොරු කියන්න අකමැති වුණත් අද මේ බල්ලා නිසා මේ අහිංසක මං බොරුකාරයෙක් වෙනවා...

ඌට නම් මොකද අයින්ස්ටයින් වැහුනා වගෙ මූ මේ අහගෙන ඉන්නෙ combined maths class එකේ sir ෂෝට් නෝට් හදන හැටි කියල දෙන එක... .

මොකද බන් ගොඩක් අය හිතන්නෙ maths කියන්නේ ඉලක්කම් විතරමයි කියල වුණාට...තියරි කොටස ගොඩකුත් තියනවා...අපි බන් කවදාවත් කියන්නේ නෑනෙ exam එකට ගනන් පාඩම් කරනවා කියල...සාමාන්‍යයෙන් කියන්නේ ගනන් හදනවා කියලා...එහෙමනේ....

"ලමයි...දැන් ඉතිං උඹලට පළවෙනි වාර විභාගේ ළඟ ළඟ එනවා...කට්ටිය ෂෝට් නෝට් book හදල ඇතිනේ...ගොඩක් අය චිට් එවලා තියනවා හරියට maths වලට කොහොමද කෙටි සටහන් හදන්නේ කියල....මම අද ඒ ගැන උඹලට කියල දෙන්න කියල බැලුවේ...අපි දැන් ගනන් ගොඩක් අද හැදුව නිසා...."

"මෙහෙම නේ බන්...අනිත් subject වගෙ නෙවෙයි maths කියන්නේ සීයට 97 ක් ඉලක්කම්......සීයට 1 ක් නොදන්නා පද ඒ කියන්නේ බන්.ඉංගිරිසි අකුරු...ඉතුරු සීයට දෙකින් 1 ක් නියම.. ඒ කියන්නේ අකුරු.......අනිත් සීයට එක වස්තු...."

"වස්තු කියන්නේ මේ උඹලා ඔය ආදරේට කෙල්ලො කොල්ලොන්ට කියන වස්තු එහෙම නෙවෙයි...මොකද තොපි හිනා වෙන්නේ....වස්තු කිව්වේ බන් ගන වස්තු,හැඩතල ඕවා...."

"ඉතිං අනිත් විෂයන් වල වගෙ අපිට ලොකුවට අකුරු එක්ක ගනුදෙනුවක් නෑ...ඒත්...අකුරු ඕනේ...ඉතිං උඹලා combined maths වලට කෙටි සටහන් හදන කොට ඕක ඔලුවේ තියාගෙන හදන්න ඕනේ...."

"මෙහෙමයි මම උඹලට උදාහරණයක් කියන්නම්....ඉස්සෙල්ලම ගනිල්ලා ටිකක් ලොකු පොතක් ...මොකද උඹලට මේ ඔක්කොම පාඩම් ඔක්කොම...එක තැනකට ලේසියෙන් ගන්න පුළුවන් එතකොට....pure, applied කියල පොත් දෙකක් ඕනි නෑ...ඔක්කොම එකම පොතකට ගමු..."

"උඹලා ගෙවල් වල ඇති බන් පරණ diary...ඔය අම්මලාට තාත්තලාට office වලින් එහෙම හම්බවෙන්නේ..අන්න ඒ වගේ diary වගෙ පොතක් තිබුණා නම් ලේසි පුතේ....කඩේත් තියනවා ඔහොම පොත්..."

"හරි දැන් ඕක දෙකට බෙදා ගනින් pure වලට වෙනම applied වලට වෙනම...පොත උඹලට පාඩම් කරන්න ආස හිතෙන විඳියට හදා ගන්න එක උඹලගේ වැඩක්...අපිට තවම පාඩම් ගොඩ ගැහිලා නෑ...තවමත් මේ මුලනේ...ඉතිං දැන්ම වැඩේ පටන් ගත්තම ලේසි...."

"දැන් පොත අරගෙන පළවෙනි පාඩමේ නම එහෙම ලියලා....උඹලා පාඩම තේරුණ හැටි හොඳට බලපන්...ඒ කිව්වේ මොනාද මං මේ කොටසින් ඉගෙන ගත්ත වැදගත් දේවල් කියල...."

"එතකොට උඹලට highlight වෙන්න ඕනෙ ඒ පාඩම අස්සේ තිබුණු..සූත්‍ර, ප්‍රමෙයන්, නියම....ඔන්න ඔව්වා...ෂෝට් නෝට් එකේ පුතේ....කවදාවත් සූත්‍ර ගන්න පියවරවත් ප්‍රමෙයන් ඔප්පු කරන හැටි වත් ලියන්නේ නෑ...එහෙම ලිව්වොත් බන් අපිට මහ සිංහලේ වංශ කතාව වගෙ පොතක් ඕනි වෙයි...."

"පුළුවන් තරම් සරලව පාඩමේ වැදගත්ම ටික කැටි කරන්නයි ඕනේ....තේරුනා නේද..."??

"ඕක හදන්නේ දුම් අල්ලන්න මුල්ලක තියන්න එහෙම නෙවෙයි ..නිතරම බලපන්...සූත්‍ර....ප්‍රමෙයන් ,නියම ඕවා...මහා ලොකු පොත් ගන්නත් එපා...එහෙ මෙහෙ හරි අරගෙන යන්න පුළුවන් size එකක් අරගෙන ලස්සනට හදාගෙන පාඩම් කරපල්ලා...."


Combined maths class ඉවර වෙලා අපි ගෙදර එද්දි හවස 6 ත් පහු වෙලා...අම්මා අද 5 වෙද්දී වගෙ ගෙදර ඇවිල්ල අපි යද්දිත්....

අම්මා හදල දුන්න තේ එක බිබී මම මේ ආපු වෙලේ ඉඳන් කරන්නෙ sir කියපු එක අමතක වෙන්න කලින් ෂෝට් නෝට් book එක හදන එක ..ඒක බන් අර කිවුව ගමන් මොරාල් එකක් එන්නෙ ගෙදර ගිය ගමන් කරනවා කියල අන්න ඒක....

මම ෂෝට් නෝට් book වලට ගත්තෙ diary වගෙ පොත් 3 ක්...අර...බං auto book තියෙන්නෙ..අපි අර al ol ඉවර වෙලා ලියන්නේ...අන්න ඒ වගේ වැඩි විච්චූරන නැති normal පොත් 3 ක්...මම අපේ එවුන් එක්කම ගිහින් මෙහෙ book ෂොප් එකකින් අරගෙන ආවා....

පස්සේ ඕකෙන් එකක් අරගෙන දැන් මේ මම sir කිව්ව විදියට පළවෙනි පාඩමේ ඉඳන් නෝට් එක හදාගෙන යනවා...maths වල ඉතිං මහ දෙයක් නෑනෙ...සූත්‍ර, නියම, ප්‍රමෙයන් ටිකනේ....තවම ඉතිං මේ මුලනේ....මම applied කොටසින් පටන් අරන් ඕක ලස්සනට හදන්න ගත්තෙ....

මගෙ ගාව තියනවා අපේ ඩැඩා රටින් එව්ව highlight pen set එකක්.....ඉතිං මේ වගෙ වැඩ වලට ඒක වටිනවා...ඕකේන් මගේ ගාව තියෙන්නෙ මම ආසම පාට ටික...බාගයක් දුන්න තේවිට...අරුන් 3 දෙනා උන් ආස පාට ගත්තා...ඔක්කොම colours 24 ක් තිබුණා ඒකේ....

ඕක හද හද ඉද්දි ආයේ මගේ ඔලුව රිදෙන්න ගත්තම තමා මතක් වුණේ මොකුත් ගා ගත්තෙ නෑ කියල....අද ඉතිං ඇවිල්ල ඇග විතරයි සෝදගත්තේ...නාන්න බෑනෙ....

මම තේ බීලා ඉවර කෝප්පෙත් අරගෙන කුස්සියට යද්දි අම්ම උයනවා ...


'මොකෝ බඩගිනිද චුටි...."?

"නෑ අම්මා...අනේ මොනා හරි ගාන්නකෝ...අද මගේ ඔලුව වැදුනා ස්කොලෙ ඉඳන්...wash room එකේ ලිස්සලා...බිත්තියේ ...."

මට බන් මූණ බලාගෙන....බොරු කියන්න බෑනෙ බන්......ඒ නිසා මං කෝප්පේ සෝදන ගමන් කිව්වේ ඕක....

"කෝ බලන්න....දෙය්යනේ චුටි....හොඳ පාරක් වැදිලා..මේ හොඳටම ගෙඩි ගැහිලා...නිල් වෙලා....ආව ගමන් කිව්වේ නැත්තෙ ඇයි ලමයෝ...ඔහොම නෑවේ එහෙම නෑනෙ...."?

"නෑ නෑ නෑවේ නෑ......ආආවි....තද කරන්න එපා අනේ....රිදෙනවා...."

"කෝ...ඔහොම ඉන්න...ඕක උණු වතුර පොට්ටනියක් පොගලා තවන්න ඕනේ...එතකොට ඉදිමුම බහී...තැලිලත් වගේ....රත් හදුන් ටිකක් ගෑවා නම් හරි..cream එකක් තියනවනේ ...."

අම්මා උණු වතුර එක්ක ලොකු රෙදි පොට්ටනියක් හදාගෙන එන්න ගිය අතරේ....මෙන්න මූ එනවා කෝප්පේ සෝදන්න....කොල්ලා නාල වගේ...සුවඳ...බාගෙට කොන්ඩෙ පිහිදාගෙන නිසා තවමත් කෙස් අග වතුර බිංදු අලුත්....හෙම්බිරිස්සාව හොඳ වුණා විතරයි...මේ යකා බාගෙට ඔලුව පිහිදාන්නේ....




"ඇයි Aunty උණු වතුර මොකටද....."?

"මෙන්න මේ ළමයා හොඳ පාරක් වද්දගෙන ඔලුව...මේ බලන්න පුතා...ගෙඩි ගැහිලා...මේ ළමයා ගෙදර ආපු ගමන් කිව්වේ නෑනෙ..මේ හොඳටම තඩිස්සි වෙලා...කොහේද පුදුම විසයක්නේ තියෙන්නෙ "

අනේ...යකූ....අම්මගෙ මහා ලොකු පුතා....ඕකා තමා මගේ අහිංසක තට්ටේ පැලෙන්න මෙහෙම කරේ....දැන් එනවා මෙතන බබා වෙන්න.....අනේ මගේ කට...බලාගනින් හොඳට උදේ ඉඳන් මම මේ වේදනාව කොච්චර ඉවසන් හිටියද කියලා.....

තේවි ඇවිල්ලා මුණත් අමුතු කරගෙන මගේ ඔලුවට එබිකම් කරා....

"හහහ්හාආ........එච්චර....."??😟

එච්චර නෙවෙයි....මෙච්චර ...දැන් වෙන්න ඇති පේන්නේ....හිතක් පපුවක් නෑ වගෙ මට නෙලලා....ඉස්ගෙඩියා.....

අපේ අම්මා හිමින් එතන උණු රෙදි පොට්ටනිය තියන්න ගියත් මට රිදුනා...ඒ අස්සේ මූත් එනවා ඇඟිලි ගහන්න....

"ආආආආආ....මට රිදෙනවා....දෙන්නම ඕක පාරනවනේ..."

"Aunty දෙන්න මං ඕක හිමින් කරන්නම්...ඔයා උයන්න...නැත්නම් මූ නිසා අර ලිපේ තියන මාළුව රොස් වෙලා යයි ..."

"අනේ ඔව් තේවි පුතා....මෙයාට ඕක ආපු ගමන් කියන්න මතක නෑනෙ...මේ උයන අස්සේ එන්නේ...අනේ පුතේ ඕක හිමින් තවලා අර උඩ first add box එකේ තියනවා රත් හදුන් paste එකක් ඕක ගාන්න ඕනෙ ..."

"දෙන්න Aunty මං කරන්නම් Aunty උයන්න....."

"හරි. එහෙනම්...ජානු කිව්වේ අද රෑට පාඩම් කරනවා කිව්වේ ඔයාල එකට ..."

"ඔව්..Aunty අපි මේ ෂෝට් නෝට් book හදන්න කියල.....ජානු ට කියල දෙන්න කිව්වනේ....අද මට free මං ඒ නිසා කියල දෙන්න බැලුවේ ..."

යකූ මේ මොකක්ද වෙන්නේ...මෙන්න මූ පොඩි උණු වතුර බෝල් එකයි....සිනිදු රෙද්දක් අරන් අම්මා මගේ ඔලුව තවන්න හදපු රෙදි පොට්ටනියයි අරගෙන උඩට යනවා......

අම්මට ගානක් වත් නෑ එයා උයනවා...මම ගල් පිට්ටු ගිලලා වගෙ එහෙම්මම හිටියා...මෙන්න මූ උඩ ඉඳන් එබුනා....

"ජානු....වරෙන්......මේ වතුර එක නිවෙනවා......"

අනේ හත්තික්කේ.....දැන් මොකක්ද කරන්නෙ.......මූම ගහලා මුම බෙහෙත් දානවා ...ඔලුව නෙවෙයි මගේ පපුවේ පැත්තක් හිරි වැටිගෙන එනවා.....මං හිමින් හිමින් උඩ මගේ කාමරේ ළඟට එද්දි එයා ඇතුලට ගිහින්....

"කෝ වරෙන්....මොකක්ද කරන්නේ ...."?

මම හිමිට ගියා....දඩ දඩ ගාලා පපුව ගැහි ගැහී.....

"මෙතන වාඩිවෙයන්...."

එයා ඇස් වලින් පෙන්නුවේ මගේ ඇද....

ඒත් මම ඉන්නේ බන්...හිතාගන්න බැරුව....මොකුත්....

"ජානු...."

.........

"ඒයි...."

...........

"ම්ම්..."

"වාඩිවෙන්න...."

මං ඉඳගත්තේ නෑ....ඉන්දවුනා....එයාගෙ අත් දෙක හෙන සීතලයි...දැන් ටිකකට කලින් නාපු නිසා වෙන්න ඇති....උණු වතුර එකින් තවන්න කලින් එයා මගේ ඔලුවේ ගෙඩි ගැහිලා තිබුණු තැන හෙන පරිස්සමින් බලනවා...

මම ඉන්නේ ඇදේ වාඩි වෙලා...එයා ඉන්නේ මගේ ගාව හිටගෙන......එයා ගාවින් එන්නේ බන්....සීතල සුවඳ....අන්න ඒක.....

එයාගෙ ඇඟිලි ඉදිමුන තැන එහෙ මෙහෙ යද්දි මාව ගැස්සිලා යනවා....සිරාවට එතන අල්ලද්දී රිදෙනවා....

"ඌයි....."🥴

"මෙච්චර රිද්දන්න හිතුවේ නෑ බන්......උඹට ගොඩක් රිදිලා.....ඇයි කිව්වේ නැත්තෙ ම්ම්ම්...??දවසම කොහොමද මේක ඉවසන් හිටියේ....අනික class වෙලෙත් ...."

මං මොකුත් කිව්වේ නෑ...බිම බලාගෙන හිටියේ ...

"ජානු....."

"ම්ම්...."

"කියපන් කොහොමද...???"


ඉවසීම කලාවක් නම් ජානු ඒකේ පිකාසෝ.....මට එහෙම කියන්න ඕන වුණත් මගේ ඇස් තිබුනෙ...ඒ වෙද්දිත් මගේ කොට කලිසමෙන් බාගෙට නිරාවරණය වෙලා තියෙන කලව උඩට එයාගෙ තෙත කොන්ඩෙන් බේරිලා වැටුණ වතුර බිංදුව ගාව......


උඹ........සුවඳයි තේවි......




මම ජානුක්‍ය....(jk)



ඊලග කෑල්ල........තවත් රසවත්.....👉👈😉



✍️𝙎𝙝𝙖𝙙𝙤𝙬🐰🍓



බනින්න එපා ඉතිං...හොඳම තැනින් නතර කරා කියල....😬

....උම්මා 😘❤️

30 වෙනි කොටසින් එන්නම්.....😉


Lv you .....💜

















Continue Reading

You'll Also Like

894 74 6
එයා මගෙ හිත කියෙව්වෙ හරියට රචනාවක් කියවනවා වගේ
52.7K 9.3K 46
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
18.8K 2.9K 38
අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන