chapter 92

89 18 26
                                    

Ms- හ්ම්...අර නාකිය වෙච්ච මගේ බාප්ප යුන්ගිව මිනීමැරුම් චොදනාවට ලක් වෙලා ඉන්න අනිත් හිරකාරයො ඉන්න කූඩුවට දාලා...මන් පොලීසියේ මිනිහෙක්ට කියල යුන්ගිව වෙනම තිබ්බෙ ඌ අසනීපෙන් නිසා...අනික දන්නවනෙ හිරේ ඉන්න මිනිස්සුන්ගෙ හැටි...අනික කොරියාවෙ කාන්තාවන් ගාතනය කියන්නෙ ලොකු වැරද්දක්...ඒවගේ දේවල් වලට අහුවෙන අයව හිරේට දැම්මම  හිරේ මිනිස්සු සලකන විදියට ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ හෝසොක්..

Jh- උන්..උන් එයාට මොවහරි කරලද මුන්සො..

Ms- හ්ම්..උන් එකතුවෙලා යුන්ගිට ගහල..ඔලුවට තුවාල වෙලා..සිහිනැති උන නිසා හොස්පිට්ල් එක්කන් ගිහින්...මන් දැන් යන්න ඕනෙ එයා ගැන බලන්න..

Jh- මාත් එනව..ප්ලීස් මුන්සො මට එන්න ඕනෙ..

Ms- තේරුම් ගන්න ඔයාට එයාව බලන්න බෑ...එයා තාම හිරකාරයෙක් නිසා ඕගොලොන්නට බලන්න දෙන්න බෑ...මන් මේකට වගකියන්න ඕන මිනිහට හොද වැඩක් කරන්නම්කො....

Jh- ඒ මගෙ මනුස්සය මුන්සො...මට එන්න ඕනේ..

Ms- තේරුම් ගන්න ...ඔයාට එන්න බෑ..එච්චරයි...මන් එතනට ගිහින් එයාගෙ තත්වෙ ඔයාට කියන්නම්...අනික මට කාගෙවත් හිත සනසන්න තේරෙන්නෙ නෑ...එතන වෙලා තියන දේවල් ඒවිදියටම  මන් කියනවා...ඒක ඔයාගෙ හස්බන්ට අව්ලක් වෙයි කියල දැනෙනවනම් එයට පෝන් එක දෙන්න එපා..මොකද මනුස්සයෙක්ගෙ හිතරිදෙන දෙවල් ඒගොලොන්ට දරාගන්න පුලුවන් ප්‍රමානය සතුටු කරන්නෙ කොහොමද කියන්න මන් දන්නෙ නෑ..මට දෙයක් කියන්න ඕන උනොත් මන් ඒක මූනටම කියනව..ඉතින් ඔයාගෙ හස්බන්ට පෝන් එක නොදෙන තරමට හොදයි...මන් යන්නම්..

මුන්සො ජිමින්ට පෝන් එක දෙන්නැත්නම් හොදයි කියල යන්න ගියා වෙනකොට මන් එහෙමම සෙටියට වැටුනා..සාක්ශි හම්බුනු නිසා සතුටින් හිටපු අපේ සතුට විනාඩියක් යන්නත් කලින් නැති වෙලා ගියා...එයා හාර්ට් පේශන් කෙනෙක්...දැන් හිරේ ඉන්න මිනිස්සු මගේ යූන්ට ගහලලු..සිහියත් නෑලු...එයා හොදින්ද කියලවත් මන් දන්නෙ නෑ..පොඩ්ඩක් සතුටින් හිටියොත් ඊලග තත්පරේ ආයෙ අර දුකම අපිව වහගන්නව...මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා..ජිමින් මුකුත්ම නොකිය මාව බදාගත්තා..

Undying LoveWhere stories live. Discover now