chapter 90

109 20 48
                                    

Sg - අඩන්නැතුව කන්න....කාල ඉවර උනාම හිනාවෙලා ඉන්න..ඊලග හැම තත්පරේම හිනාවෙලා ඉන්න..හුස්ම ගන්න හැම මොහෙතම හිනාවෙන්න හේතුවක් හොයාගන්න...උබට හිනාවෙන්න හේතු නැති වෙලා නෑ..ඒක මතක තියාගන්න...මොකද ඔයාට ලස්සන මතක තියනව..හැමදාම හිනාවෙලා ඉන්න...

එයා ආපහු මගේ කදුලු පිහිදාල සුශී කෑල්ල මගේ කට ලගට ගෙනවා..
එයා කොහොම කිව්වත් මට දරාගන්න බෑ....මගෙ ඇස් ඉස්සරහම තව ටිකකින් උබ යන්න යනකොට මට දරාගන්න බෑ..එයා කදුලු පිස්සත් මගේ ඇස්වලින් වැටෙන කදුලුවල නැවතුමක් තිබ්බෙ නෑ...මන් එයා කැව්ව සුශී කෑල්ල හපන්න ගත්තා...හිතේ දුකට කෑම කටවත් උගුරෙන් පහලට යන්නෙ නැති වෙද්දි මන් ගොඩක් වෙලා කෑම කට හප හප හිටියා...අන්තිමේ කොහොමහරි මන් ඒක ගිලගත්තම එයා එයාගාව තිබ්බ ප්ලාස්ටික් වතුර බෝතලයකින් මට වතුර පෙව්ව...මට එයාව බදාගන්න ඕනෙ...එකම එක පාරක් එයාගෙ උනුසුම විදින්න ඕනෙ...

Jh- මාව ආපහු සැරයක් වැලදගන්නවද....ආපහු සැරයක් මට ආදරෙයි කියනවද...මෝඩයෝ කියල බයිනවද.....

එයා මට හීනි හිනාවක් පාකෙරුව....

Sg - කෝ මෙහාට එන්න..

එයා එයාගෙ ගාවට එන්න කියල ඇද මෙට්ටෙට තට්ටුකලා වෙනකොට මන් එයාගාවට  ලන් උනා...මන් එයාගෙ ලගට ආව වෙනකොට එයාගෙ අතින් මගේ නිකට උඩට කරපු එයා මගේ නලලට දිගා හාද්දක් දුන්න...එයාගෙ තෙත තොල්වලටත් වඩා එයාගෙ ඇස්වලින් කඩන් වැටිල මගේ නලල දිගේ රූටන කදුලු බින්දු සීතල සීතල උනා..ඊලග හෝරාවෙ වෙන්නෙ මොකක්ද කියල දෙන්නම දැනන් හිටිය වෙද්දි ඒ දිග හාදුවෙන් වෙන් උනු එයා මන් දිහා බලන් හිටියා...ඒ ඇස් දිලිසුනා...කදුලු නිසා ඒ ඇස් ගොඩක් දිලිසුනා... අන්තිමේ එයා මාව එයාගෙ අත්දෙකෙන්ම වැලදගත්තා..එයා මාව කිටිකිටියට තුරුලු කරගත්තා...එයාගෙ හදවතේ ගැස්ම මගෙ කම්මුල්වලට දැනෙන තරම්....එයා මාව වැලදගත්ත වෙනකොට එයා මගේ ඔලුව මැද්දට හාදු වැස්සක්ම දුන්න..මට ඉකි ගැහුනා..දුක සතුට කියන හැගීම් දෙකෙන්ම මාව පිරිල යද්දි මට ඒ දෙකටම ඇඩුනා....

Sg - මැරුනත් මන් උබට ආදරෙයි සුදුමහත්තයා...ඒක ආයේ ආයෙ කියන්න ඕනෙද මෝඩයෝ..

Undying LoveWhere stories live. Discover now