chapter 49

99 19 37
                                    

එලියේ හොදටම වහිනකොට ඇතුලේ සීතල වෙලා ගියා...ඒ උනත් හොදට තුරුල්වෙලා හිටපු අපි තුන්දෙනාටනම් සීතල අහලකවත් තිබ්බෙ නැති තරම්..සීතලත් එක්ක මුසු වෙන උනුසුම ඇගට සනීපයක් ගේද්දි අපි තුන්දෙනා බෙඩ්ශීට් එක යට ගුලි ගැහිලා නින්දට වැටුනා....

උදේ පාන්දරින්ම අපි නැගිට්ටෙ ලෝකෙ නැති ලෙඩ හදගෙන වෙනකොට අපි තුන්දෙනාටන ටෙන්ට් එක කැලෙව්ට විසික් කරල ඇදට පයින්න හිතුනා...ඒත් ඒ මගුල විසික් කරන්නත් ටෙන්ට් එක අකුලගන්න ඕන නිසා උදෙන්ම නැගිටපු අපි ටෙන්ට් එක ගැලෙව්ව...බිම නිදාගත්ත නිසා අපිට කොනදවල් කඩෙන් ගන්න තත්වෙට වැටිල තිබ්බ...උදේ පාන්දරින්ම ඇහැරුනු පිනිබින්දු තනකොල වල දිලිසි දිලිසි තියෙද්දි ගාර්ඩ්න් එකේ අයිනෙ වවල තියෙන රෝස පදුරු වල තියෙන රෝස මල්වල පෙතිවලට වැටිල තියෙන පිනි බිදු රෝසමල් වලට පලන්දපු මුතු මාලය වගේ දිලිසි දිලිසි තියෙද්දි අපි පින්නෙම අටවපු කූඩරම ගලවල බඩු අස්කරා...

උදේ පාන්දර නැහිල නැහිල මහන්සි උන නිසා තුන්දෙනාම එකතුවෙලා උදේට කෑම හැදුවා...තව සති දෙකකින් අපි නීතියෙන් ස්වාමියො වෙනවා...තුන්දෙන්නාම ඉන්නෙ ඒනිසා කියාගන්න බැරි සතුටකින්...මන් මම උගන්නන පන්තියේ ලමයි ඔක්කොටම වගේ අපි තුන්දෙනාගෙ වෙඩින් එකට ආරාදනා කලා වගෙම අපෙ බෝලෙත් යුනිවසිටි එකේ ඔක්කොටම වගේ ආරාදනා කරද්දි යූන් එයාගෙ ඔෆිස් එකේ හැමෝටම වගේ ආරදනා කලා...අපි තුන්දෙනාට වඩා යූන්ගෙ මල්ලි උනු ජන්ග්කුක් සතුටු වෙද්දි ඌ වෙඩින් එකේ හැම මගුලටම වගේ නැහුනා...හරියට නිකන් ඌ බදිනව වගේ..ඒකා පලවෙනියටම අපි දෙන්න විවාහ වෙද්දිත් අපි දෙන්නගෙ වෙඩින් එක වෙනුවෙන් නැහුන...මේ පාරත් එහෙම..කට වාචල උනත් පොඩි එකා අපි ඉස්සරහ පොඩි එකෙක් වගේ හුරතල් වෙනවා...හරියට බලකුක්කෙක් වගේ..අපි තුන්දෙනාට මෙච්චරයි කියල කියන්න බැරිතරම් ආදරෙන් සලකන ඒකා වචනෙන් පරිසමාර්ත හොද සහෝදරයෙක්...පොඩි එකෙක් වගේ හුරතල් වෙන අවුරුදු විස්සෙ අතදරුවගෙ වැඩේම අද දවසෙම වෙඩින් එක ගැන විස්තර සාකච්චා කෙරෙන එක වෙනකොට මන් ඒකට කියන්න නමක් හදාගත්තා...ඌ තමා අපේ ගෙදරම බාලම එකා...අනික ඌ බලුකුක්කෙක් වගේ හුරතලේ...නැට්ටක් වගේ තිබ්බනම් වනලම ගැලවිලා යනවා...ඒනිසා මන් උට කතාකලේ පොඩි කුක්ක කියල...ඒකගෙ නමේම තියනව ඉතින් බලු ගතිය...

Undying LoveWhere stories live. Discover now