chapter 88

80 17 36
                                    

අන්තිමේ මුන්සො අපිට බොව් කරල රූම් එකෙන් එලියට ගියා...යුන්ගිව අර මිනිස්සු ජේයිල් එකට එක්කන් ගියා වගේම ජන්ග්කුක් අපි දෙන්නවත් එක්කන් ගෙදර එන්න පිටත් උනා....

ගෙදර ආපු මන් ජිමිනවත් වොශ්කරල එයාව ඇදෙන් තිබ්බ...ජින්නම් ගෙදර ඉදන් කෑම ඕඩ කරල..ඌ ජිමිනටවෙනම කැම එකක් ගෙදර හදල...මන් වොශ්කරන් ආවම එයා කෑම එක මගේ අතට දුන්න වෙනකොට මන් කාමරේට ගිහින් ජිමින්ට රෑ කෑම එක කෑව්ව...කෑම කැව්වත් බඩට යන්නත් කලින් බෝලේ කාපු කෑම ඔක්කොම වගේ එලියට දැම්ම...ඩොක්ටස මෙහෙම වෙන එක සාමන්‍යයි කිව්ව උනත් එයාට එහෙම වෙද්දි මගේ හිතට තවත් දුකයි...මන් වමනෙ උනු කෑම ටික අස්කලා වෙනකොට ජින් ආපහු ගිහින් එයාට සුප් එකක් හදල පෙව්ව වෙනකොට යාන්තමට ඒක බීල එයා නිදාගත්තා..මන් කාමරේ දොර වහල දාල ඇදෙන් හාන්සි උනා....ජින් මට කන්න කතාකරල දොරට තට්ටු කලා වෙනකොට මන් කිසිම උත්තරයක් නොදී ඇස් පියාගත්තා...ටික වෙලාවකින් දොරට ගහන සද්දෙ නැතිවෙලා යද්දි මගේ ඇස්පියන් බර උනා...


උදේ පාන්දරම මන් නැගිට්ට වෙනකොට මට මතක් උනේ අද යූන්ගෙ අවසන් නඩු විබාගේ...මන් ඉක්මනින් ඇදුමක් දාන් ලෑස්තිඋනා වෙනකොට බෝලෙත් ලෑස්ති උනා...අපි හතර පස්දෙනා ඉක්මනින් ලෑස්තිවෙලා ආව වගේම ජූන් උගෙ වාහනෙන් අපිව උසාවියට ඩ්‍රොප් කලා....

උසාවියෙන් බැහපු අපි මුන්සො එනකම් කොරිඩෝවට වෙලා හිටියා...ටික වෙලාවක් යද්දි යුගිව එක්කන් එන පොලිස් වාහනේ උසාවියෙන් නැවත්තුව වෙනකොට එයා වාහනෙන් එලියට බැස්ස...පුරුදු විදියටම කොරිඩෝව දිගේ ඇවිදන් ගියපු එයාගෙ ඇස් අහම්බෙන් මගේ ඇස් එක්ක මුන ගැහුන වෙනකොට කලින් තිබ්බ කිසිම හැගීමක් නැති මූනෙ අද හිනාවක් ඇදිල තිබ්බ...මට සතුටටත් වඩා මහ අමුතු හැගීමකින් මාව වහගන්නව වගේ දැනුනා...එයා මට හිනා උනා..හරිම සන්සුන් විදියට...හරිම ආදරෙන්...කලින් වගේම ආදරේ පිරුනු ඇස්වලින් මන් දිහා බලන් හිටපු එයා ඒ හිනාව එහෙන්මම තියන් උසාවිය ඇතුලට ගියා....

මහ මූසල අමුතු හැගීමක් මගේ හිත අස්සෙ එහෙමෙහෙ වෙද්දි ආයාසෙන් ඒක අමතකකරල දාපු මන් උසාවි කාමරය ඇතුලට ගියා වෙනකොට ජිමිනත් මාත් එක්කම ඇතුලට ආව...මන් ජග්කුජ් ටේ බෝලෙ එතන තිබ පුටුවලින් ඉදගත්තා වගේම ටික වෙලාවක් යද්දි විනිසුරුකාරතුමා නඩුවට ආව...මුන්සොත් ඒත් එක්කම වගේ ඇතුලට ආව වෙනකොට වෙනදට උද්‍යෝගෙන් පොරිනු ඇස්වල මන් අද ලොකු කලබලයක් දැක්ක..අඩුම එයා අද අපි දිහා බලන්නවත් මහන්සි උනේ නෑ....කොහොමහරි අන්තිමට අවසන් නඩුවාරය ඇරබුනා....

Undying LoveWhere stories live. Discover now