chapter 66

101 19 17
                                    

Sg - මේ අහන්න..උබ තරම් මගෙ මල්ලිට ගැලපෙන ආදරවන්තයෙක් වෙන කොහෙවත් නෑ....මන් ඔයාව මේගෙදරින් එලවන්නෙ නෑ..තේරුනානෙ..අඩන එක නවත්තන්න...

මන් මුකුත් නොකිය බිම බලන් හිටිය වෙනකොට පූස්මහත්තය මගේ කාමරේ ඉන්න එක මට අපහසුවක් වෙයි කියල හිතිලද කොහෙදෝ පුටුවෙන් නැගිටල කාමරෙන් එලියට යන්න හැදුවා..මට පූස්මහත්තය නිසා කියලා කිසිම අපහසුතාවයක් දැනිලා නෑ..

Tae- පූස්මහත්ත.....ඔයා මේ කාමරේ හිටිය කියල මට කිසිම ප්‍රශ්නයක් නෑ...

මන් කිව්වම යන්න හදපු පූස්මහත්තය එතනම හිටගත්තා වගේම මන් දැක්ක එයාගෙ උරහිස් ගැස්සෙනව...එයා අඩනවද...හෙමින් පූස්මහත්තය ලගට ගිය මන් එයාගෙ ටීශර්ට් කොනෙන් ඇද්ද...  එකපාර මන් ඉන්න දිහාවට හැරුනු පූස්මතත්තය මාව තදින් බදාගත්ත වෙනකොට එයා අඩන්න ගත්තා...ඇත්තටම මට පුදුම හිතුනා හරි හුරුපුරුදු ගතියක් දැනුන, සහෝදරයෙක්ගෙ හැගීම දැනුනා කොටින්ම මන් හැගීම් ගොන්නක හිරවෙලා හිටිය වෙනකොට එයාව ආපිට වැල්දගන්නවත් මට සිහියක් තිබුනෙ නැති උනා...

Sg - මට සමාවෙන්න ටේයොන්..අනේහ් මට සමාවෙන්න...උබ වෙනුවෙන් මුකුත් නොකලට මට සමාවෙන්න....උබේ ඔය අහින්සක හිත තැලුවට මට සමාවෙන්න ටේයොන්...මෙච්චර වෙලත් මට උබව අදුනගන්න බැරිවුනාට සමාවෙන්න...අනේ උබේ පූස්මහත්තයට සමාව දෙන්න.....මට පුලුවන් උබෙන් සමාවගන්න විතරයි...අනේ මට සමාවෙන්න...

පූස්මහත්තය මාව බදන් ඉකිගගහ ඇඩුව වෙනකොට මන් කිසිම දෙයක් හිතාගන්න බැරුව ඔහේ හිටිය වෙනකොට එයා මාව බදන් එකදිගට සමාව ඉල්ලුව...එයා කිව්ව සමරහ දේවල් මට නොතේරුනත් එයා මගෙන් සමාව ඉල්ලන්න තරම් වැර්දදක් කලේ නෑ කියන්න මන් දැනන් හිටියා....එයා මගෙන් සමාව ඉල්ලන්න ඕනෙ නෑ...කොහෙත්ම ඕනෙ නෑ...එයා කිසිවැරැද්දක් කලේ නෑ...අනික පූස්මහත්තය කියන්නෙ මන් වගේ අනාතයෙක්ගෙන් සමාව ඉල්ලන්න සුදුසුකෙනෙක් නෙමේ ටේයොන්...

මන් ඉක්මනින් පූස්මහත්තයව මගෙන් ඈත් කරල එයාගෙ අත්දෙකෙන් අල්ලගත්තා...සමාවගන්න එයා මට වැරද්දක් කරල නෑ..

Tae- මේ මොකද පූස්මහත්තයා..ඔයා සමාව ඉල්ලන්න මට වැරද්දක් කලේ නෑනෙ...ඉතින් මෙහෙම සමාව ඉල්ලන්න එපා....මගේ හිත රිදෙනවනෙ...ඔහොම අඩන්න එපා පූස්මහත්තයා...ඔයාට කදුලු ගැලපෙන්නෙ නෑ...ඔයාට ගැලෙපෙන්නෙම ඔයාට ආවෙනික ආඩම්බර කාර හිනාව..ඒනිසා හිනා වෙලා ඉන්න....

Undying LoveWhere stories live. Discover now