chapter 69

90 18 8
                                    

ඇදේ ඉදගත්ත මන් හතරට නවල තියෙන කොලේ දිග ඇරිය වෙනකොට සූසයිඩ් කරගන්න කලින් තාත්තගෙ අත් අකුරෙන් මට ලියුමක් ලියල තිබිල තිබුනා..

____________________________________________

මන් දන්නව මන් කලේ හදන්න බැරි වැරද්දක්...යුන්ගි උබේ තාත්තට උබේ අම්මව අදුනගන්න බැරි උනා ඒක ඇත්ත...ඒත් ඔයාවගේම මේ තාත්තත් හදවතට රැවටුනේ නෑ යුන්ගි....අම්ම වෙනස් උනා කියන්න මාත් දැනන හිටියා...ඔව් මට හොදටම දැනුනා...වෙනදට ලග ඉන්න මගේ බිරිදගෙ උනුසුම මට එයාගෙන් දැනුනෙ නෑ....ඒත් මන් විස්වාස කලා ඒ මගේ බිරිද කියල...වෙනස් උනත් ආදරේ කලා...ඔයාගෙ අම්මා වෙනස් වෙලා කියල දැනනුත් මට ඕන උනේ නෑ ඒක පිලිගන්න.. කාලයක් යද්දි මන් වෙච්ච ඔක්කොම දැනගත්ත...මේ ඔක්කොම මේ වෙද්දි මන් දැන්න හිටියා...මේ ගෑනි ඔයාගෙ අම්ම නෙමේ කියලත් දැනන් හිටියා...කාලෙකට කලින් මටත්, උබ මට දුන්න පොත හම්බුනා...මන් ඔයාට කලිනුයි පුතේ ඔක්කොම දැනගත්තේ.....ඒ ඉන්නෙ මන් ආදරේ කරපු උබේ අම්ම නෙමේ කියල මන් දැනගත්තෙ ගොඩක් කාලෙකට කලින්...ඒත් ලමය ඉස්සර ඕන තාත්තෙක් අසරනයි මගෙ යුන්ගි...උබ එතකොටත් ගොඩක් ලෙඩ වෙලා හිටියා...මගෙ ලමයට ඩිප්‍රෙශන් පවා හැදිල තියනකොට මන් කොහොමද ඒ ගෑනිව උබෙන් අයින් කරන්නෙ...මොකද උබ අම්ම කියන ඒ ගෑනිව මට අයින් කරන්න ඕන උනේ නෑ....

මන් දන්නව ජන්ග්කුක් කියන්නෙත් මගේ ලමයෙක් නෙවෙයි කියල...ඒත් පුතේ සත්තයි ඒ ගැනි කිව්වෙ මගේ බිරිද එක්ක මගෙ පුන්චි පුතත් නැති උනා කියල...මට හිටියෙ උබ විතරයි යුන්ගි....උබ සතුටු උනේම උබ මල්ලි කියල හිතන් හිටපු ජන්ග්කුක් නිසාමයි...ඩිප්‍රෙශන් හැදිල ඉද්දි හොද උනෙත් කුක් නිසා..කොටින්ම මගේ ලමය මනුස්සයෙක් වගෙ ජීවත් වෙන්න ඉගැන්නුවෙ ජන්ග්කුක් නිසා...මන් තීරනය කලා ඔයා ලොකු වෙද්දි ඒ ගැනිව මගෙන් ඈත් කරන්න..ඒ උනත් එහෙම කලොත් ඒ ගෑනි උබ සතුටින් ඉන්න එකම හේතුවත් උබෙන් උදුරගන්නව කියද්දි මන් අසරන වෙන්න පුලුවන් අන්තෙටම අසරන උනා....උබ පුදුම විදියට ජන්ග්කුක්ට බැදුනා....මාත් ජන්කුක්ව මගේම ලමයෙක්ට තරම් ආදරේ දුන්න...මන් මගේ ලමයගෙන් දැනගත්තා ලේ බැදීම් වලට වඩා හයිය සහෝදර බැදීම් මේ ලෝකෙ තියනව කියන්න...මට ඕන උනේ නෑ ලෙඩින් ඉන්න ඔයා මෙ මුකුත් දැනගන්නවට....මගෙ ලමය හැමදාම එයාගෙ මල්ලි එක්ම ඉන්නයි මට ඕන කලේ...හැබයි පුතේ මන් උබට මේ හැම දේපලක්ම ලිව්ව..මොකද ඒක ජන්ග්කුක්ගෙ නමට ලිව්වොත් ඒ ගැනි මට ඉන්න එකම වස්තුවත් මට ඇතිකරයි කියල හිතුනා.....ඒත් ඔයා ඒ හැමදේම ජග්කුක්ට ලිව්ව..උබ දනන්ව එදා මන් උබට බැනපු තරම..උබට ගහපු තරම...උබේ තාත්තට තිබ්බ තරහට නෙමේ යුන්ගි මගේ ලමය මට වටින නිසා....මට උබව වටින නිසා...උබ දන්නෙ නෑ උබට තියෙන්නෙ මටත් වඩා අඩු ආයුශ කියල දැනගද්දි  මන් මැරි මැරි ඉපදුනා..මට ඉන්න අන්තිම වස්තුව උබ යුන්ගි..

Undying LoveWhere stories live. Discover now