chapter 16

123 16 18
                                    

ඒත් කිසි සද්දයක් නෑ...මම ටිකක් වෙලා එතන හිටන් හිටියා.ඒත් එක්කම මට ඇහුනෙ පුන්චි කෙදිරිලි හඩක්.දැන් නම් මට බය හිතෙනවා.යුන්ගිට මොනා හරි කරදරයක්වත්ද.මගෙ හදවත් ආපහු වේගෙන් ගැහෙන්න අරන්.තවත් බලන් නොහිටපු මම ඩිසිප්ලීන් වලට බම්බු ගහගන්න කියල දොර ඇරියා.

Jh- දෙය්යනෙ යුන්ගි....!!!

මට ඉබේම පුදුමෙන් කියවුනේ යුන්ගිව දැකලා.යුන්ගි හිටියෙ ඇදේ ගුලි වෙලා..එයා ගැහෙනවා.මම හිමින් හිමින් යුන්ගි ගාවට ගිහින් ඇද කොනෙන් වාඩිඋනා.මම ආව වගවත් එයාට දැනුනෙ නෑ කියල එයා ඒවිදියටම ගුලිවෙලා හිටපු නිසා මට තේරුනා.මම හෙමින් මගේ අත එයාගෙ නලලට තිබ්බ...එයාට හොදටම උන අරන්...ඒත් උනගන්න තරම් මොනාද උනේ...ඔෆිස් එකේ ඉදන් පයින් අපු නිසා වත්ද...

Jh- යුන්ගි ඔයාට ගොඩක් අමාරුද ආ....

මම ඇහුවත් එයා මුකුත් නොකිය ශීට් එක අස්සෙ ගුලිවුනා.තවත් බලන් නොහිටපු මම ශීට් එක අයින් කරල යුන්ගිගෙ shirt  එක ලිහිල් කලා..මේ මනුස්සය නිදියන්න කලින් මේසුත් දාලා..කොහෙද ඉතින් පොශ් උදවියනෙ..මම ඉතින් මේ අලි ඔලුවගෙ මේස් දෙක ගලවන්න ඕනෙ නිසා ආපහු එයාගෙ කකුල් දෙක ගාවින් ඉදගත්තා.
ඇත්තටම මට මොනා වෙලාද කියල මටමහිතාගන්න බෑ.මේක මැරිල වැටුනත් ඇහැක් ඇරල බලන්නෙ නෑ කියල හිතන් මේකත් එක්ක විවාහ උන මමම දැන් එයාට පුන්චි ලෙඩක් හැදුනමත් මහ ගොඩක් බයවෙනවා.

මගෙ හිතට එක එක දේවල් ගලන් එද්දි ඒ ඔක්කොම අමතක කරල ඔලුව ගසපු මම යුන්ගිගෙ මේස් දෙක ගැලෙව්වා...දෙය්යනෙ!!!..මේ මනුස්සයගෙ කකුල් දෙක හොදටම රතුවෙලා.. කකුලෙ නහර පවා ඉලිප්පිලා පෙනෙන තරමට කකුල් දෙක නිල් වෙලා...මම හිමින් යුන්ගිගෙ කකුලට අතතිබ්බත් ඒත් එක්කම යුන්ගි ඉක්මනින් කකුල මගෙන් අහකට ගත්තෙ එයාට ඒක රිදුම් දුන්න නිසා වෙන්න ඇති..මට මම ගැනම මහ වරද කරී හැගීමක් දැනුනා...

මොකද මමයි බලෙන්ම එයාව පයින් එක්කන් ආවෙ...ඒ නිසා තමයි එයාට මෙච්චර අමාරු උනේ...මට තිබ්බ එයා කියන දේ අහන්න...ඒත් මට පුදුමයි ඔෆිස් එකේ ඉදන් ගෙදරට අඩුම කිලෝමීටරයක් නෑ... මේ චූටි දුර ඇවිදන් ආව කියල මනුස්සයෙක්ට උන ගන්න තරම් අමාරු වෙනවද...කකුල් වල නහර ඉලිප්පෙන්න තරම්...මට හිතග්ගන්න බෑ ඇයි යුන්ගි මෙච්ච weak කියලා.

Undying LoveWhere stories live. Discover now