chapter 82

67 16 21
                                    

මගේ තත්වෙ තේරුම් ගත්ත එයා ජිමිනව එක්කන් කාමරේට ගියා....අපි මුකුත් නොකිය හිටියා කතාකරන්න කොතනින් පටන් ගන්නද කියල මටවත් ජූනවත් ජියාටවත් හිතාගන්න බැරි වෙද්දි අපි මුනිවත රැක්ක....ටික වෙලාක් යද්දි ජිමිනටත් නින්ද ගිහින්ද කොහෙදෝ ජිනුත් සාලෙට ආව....කවුරුත් කිසිම කතාවක් නැතුව සාලෙට වෙලා හිටිය වෙනකොට ගෙදරට ආව කර් එකේ සද්දෙ නිසා අපේ අවදානෙ ඒ පැත්තට ඇදුනා...තප්පර කිහිපයක් යද්දි වාහනේ දොර ඇරිල වැහෙන සද්දෙ ආව වෙනකොට ජන්ග්කුක් වගේම ටේයොන් දෙන්නම අපේ ගෙදරට ආව වගෙම මන් ඉක්මනින් ගිහින් ඒදෙන්නට එන්න ගෙදර දොර ඇරියා..

දෙන්නම ගෙදරට ආවෙ හැගීම් මරපු දෙන්නෙක් විදියට  වෙද්දි ජන්ග්කුක් තවම හිටියෙ අර ලේ ගෑවුනු ඇදුමෙන්ම උනා..ටේයුනුත් හිටියෙ තුවා පිටින්මයි..එතන හිටපු මිනිස්සු තුවලෙ රෙද්දකින් තදට ගැටගහල තිබ්බ  විතරක් උනා...ජියා,ජින් ජූන් ඒ දෙන්නව මෙහෙම දැකල බය උනා වගේම වෙලා තියෙන්නෙ පුන්චි පහේ ප්‍රශ්නයක් නෙමෙයි කියල තුන් හතර දෙනටම තේරුනා...ආපු ගමන් ප්‍රශ්න කරන එක හරි නෑ...ඒගොල්ලොන්ගෙත් හිත කලබලයි...මටත් වඩා වුන දේ දන්නෙ ඒ දෙන්න..ඇස් දෙකට දැක්කෙ ඒදෙන්න...ඒත් උන් දෙන්නත් මනුස්සයො ඒගොල්ලොනුත් සිද්ද වෙච්ච දේවල් දැක්ක නිසා ඉන්නෙ ශොක් එකෙන් වෙනකොට මම නිකන් කිසිම හැගිමක නැති ගානට එයාගෙන් ප්‍රශ්න කරන්න හිත දුන්නෙ ඇති උනා...මගේ යූන් හොදින් ඇති නේද දෙවියනේ..

මන් එයාව අඩුම දැක්කෙවත් නැ..ප්‍රශ්නයක් නැතුව එයා ඉදී නේද...එත් මට බයයි...එයා ලෙඩින්..පොලිසිය එයාගෙ ලෙඩේ ගැන දන්නෙ නැ..බෙහෙත් නැති වෙයි...මට එයා ගැන ගොඩක් බයයි...නිතරම ඒ ගැන හිතෙනකොට මට ඔක්කොම දමල ගහල පොලීසියට ගිහින් එයාව එක්කන් ඉන්න හිතයි...මොන මගුලක් හරි කරල එයාව බේරගන්නයි මට ඕනෙ...ඒත් උන දේවල් නොදැන මුකුත් කරන්න බෑ...වෙච්ච දේ දන්නෙ  ටේයොනුයි ජන්ග්කුකුයි විතරයි...මන් ජන්ග්කුක්ටයි ටේයොන්ටයි මගේ ඇදුමකුයි බෝලෙගෙ ඇදුමකුයි දුන්න...ජන්ග්කුක් ඇදුම් මාරු කරගන්න ගියපු වෙලේ ජියා ටේයොන්ගෙ උරහිසට බෙහෙත් දැම්ම...

උන් දෙන්නට කන්නවත් හිත නොදෙන්න ඇති මන් කෑම එකක් ගෙනල්ල දුන්නත් කැමක් කටක් කෑවෙ නෑති උනා.උන දේවල් නිස බඩ ගින්න පෑලෙ දොරින් පැනලගිහින් තියෙද්දි  ජියා දෙන්නටම උනුවෙන් කෝපි දෙකක් හදන් ආව.....දෙන්න ඒක බොන්නවත් උනන්දු නොවෙනකොට ජන්කුකා ඇවිත් මන් ලගින් වාඩි උනා වෙනකොට ටේයොනුත් ජනග්කුක් ගාවින්ම  වාඩි උනා...එයාට කියන්න ගොඩක් දේවල් හිත අස්සෙ තිබුනත් මොකක් හෝ හේතුවක් නිසා එයාට ඒ දේවල් කියාගන්න බැරි උනා...වෙච්ච දේවල් නිසාද ,නැත්නම් වෙන මොනවහරි ප්‍රශ්නයක්දො නොදන්න නිසා මන් එයාට බල නොකර හිටියා...මන් හිතන්නෙ දැන් කුක් දන්නව යූන් වගේම එයා ලේ නැයො නෙමේ කියල..ඒකෙනුත් හිතරිදිල ඉද්දි අද එයාට හිටපු එකම කෙනත් නැති වෙද්දි එයාට කියන්න තියන දේවලුත් ඒයාගෙ හිතම හිරකරනව ඇති කියල මට හිතුනා...මන් ප්‍රශ්න අහන්නෙ නැතුව එයාගෙ පිට පිරිමැද්ද වෙනකොට සෙටියෙ ඉදගෙන දනිස්සෙ ඔලුව තියන් හිටපු කුක් එකාපරා මාව බදාගත්තා...

Undying LoveWhere stories live. Discover now