chapter 72

86 17 64
                                    

ලොකු මැඩම්ට එහා යන්න මට බැරි නිසා මන් කටවහන් මන්ලග තිබ්බ බොක්ස් එක අරන් ඒකෙ තිබ්බ බෙහෙත් ටික අතට අරන් සාලෙ පැත්තට ගියා වෙනකොට යුන්ගි හියුන් කුක්ගෙ කාමරේ පැත්තට යනව මන් දැක්ක

යුන්ගි හියුන්ට කුක් එක්ක කතාකරන්න හිතුනද දන්නෙ නෑ...යුන්ගි හියුනුත් හරියට සෝඩ බෝතලයක් වගේ..තරහ යද්දි උපරිමේටම කේන්ති ගියත් හරි ඉක්මනනට නිවෙනවා...කොහොම උනත් යුන්ගි හියුන් කුක් එක්ක කතා කරන එක හොදයි...එයාගෙත් හිත හැදෙයිනෙ...ඉතින් මන් දැන් යන්න ගියොත්‍ යුන්ගි හියුන් ආයෙ හැරිල එයි...ඒ නිසා මන් බිත්තිය ගාවට වෙලා හියුන් කතාරල එනකම් හිටන් හිටියා....

යුන්ගි හියුන් කොරිඩෝව දිගේ ගිහින් නැවතුනේ කුක්ගෙ කාමරේ ගාව වෙද්දි කාමරේ ලොක් කරල තිබ්බ නිසාදෝ යුන්ගි හියුන් දොරට තට්ටු කලා....ඒ උනත් කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.....

Sg - ජන්ග්කුක්...

Jk- ..................

Sg - ඔයා ,නිදිද....

Jk- ......................

Sg - මන් දන්නව මාත් එක්ක කේන්තියෙන්නෙ ඉන්නෙ...

යුන්ගි හියුන් දොරට පිටදිල ඉදගත්ත වගේම කලාතුරකින් දකින කදුලු කැට එයාගෙ ඇස්වල රජකරන ගමන් හිටියා....

Sg - ඔයාගෙ සුදුපූස්ට සමාවෙන්න ජන්ග්කුක්....ඔයාගෙ හියුන් මෙච්චර කල ජීවත් උනේ රාමුවක් ඇතුලේ..සල්ලි කියන ගනකම ලීවලින් වලින් හදල තියන රාමුවක් ඇතුලේ..මට වෙන දෙයක් ගැන හිතුනෙ නෑ...මන් උබ වගේ ජීවත් උන කෙනෙක් නෙමේ කුක්...පොඩි කාලෙ ඉදන්ම ඉස්කොලෙන් සමාජෙන් කොන් වෙච්ච කෙනෙක්...හැමෝම සල්ලි නැති තැන මාව කොන් කරනකොට සල්ලි තියනකොට මට නැති යලුවොත් හම්බුනා..ඉතින් ඒ උන් පිටතට විතරක් මට ආදරේ පෙන්නුවත් මන් ඒ ආදරේට ලෝබ උනා..මන් බොලද උනා...මන් උබවත් මගේ තත්වෙට ඇදල ගන්න හැදුවා...ඔයාටත් සල්ලිකාර ලෝකෙක හොද ජීවිතයක් දෙන්න ඕන උනා..ඒත් උබ කියන්නෙ මට වඩා හාත්පසකින්ම වෙනස් චරිතයක් කුක්..උබ හැමෝම ගැන හිතන මටත් වඩා මේලොකෙ ගැන දන්න කෙනෙක්..ඔයාට වඩා අවුරුදු පහක් වැඩිමල් උනත් උබ මටවඩා ජිවිතේ ගැන දැනන් ඉන්නවකියන්න මන් තේරුම ගත්තෙ ලගදි.....
                              උබ හොදටම දන්නව..මට පොඩි කාලෙ උබ ඇරෙන්න වෙන සහෝදරයෙකුත් නෑ උබ ඇරෙන්න මට හොද යාලුවෙක් හිටියෙත් නැති බව...හැබැයි ඊටකලින් මටත් දුප්පත් යාලුවෙක් හිටියා...මන් ඒකට යාලුවෙක්ට වගේ සැලකුවා..හැමෝම කොන් කරද්දි එයා මගේ පැත්ත ගනිද්දි මන් ඒ යාලුකමට ආදරේ කලා...ඒත් ඒ දුප්පත් කොල්ලත් කලේ මන්  ඉස්සරහ රගපාපු එක විතරයි..ඒකත් මන් නැති තැන මටම පද හදද්දි..මන් දුප්පත් මිනිස්සුන්ට වයිර කලා..මන් උබවවත් උන්ට ලන්කරන්න කැමති උනේ නෑ..මොකද උබ තමා කුක් මගෙ ජීව්තේම උනේ...මව සතුටින් තියන මගේ සහෝදරය කරදරේ වැටෙනවට මන් ආස උනේ නෑ...මන් අර ලමයගෙ කෝනෙන් හැම මිනිහෙක්ම දිහා බැලුවා..මන් වැරදී...ඒක මට අද හොදටම තේරෙනවා...

Undying LoveWhere stories live. Discover now