chapter 31

101 20 6
                                    

ජන්ග්කුක් පූස්මහත්තයව සෙටියෙන් ඉන්දල ලෙමන් එකක් හදන්න කුස්සියට දිව්වා....
මන් දැක්ක පූස්මහත්තයා ටීපෝ එක දිහා බලන් ඉන්නවා...මන් හැමවෙලේම මගෙ අම්ම මන් වෙනුවෙන් මහල තියන ලේන්සුව මන් ගාවම තියාගන්නවා...ඒත් අද ගෙදර අස්කරන වෙලේ මන් අමතකවෙලා ඒ ලේන්සුව ටීපෝ එකේ දාල ගිහින්...දැන් ඒ සූදු පසුබිමේ නිල්පාටින් ගෙත්තම් කරල තියන ලේන්සුව දිහා පූස්මහත්තය තාලයකට ඇස් ගෙනියන දිහා මන් බලන් හිටියෙ මුකුත්ම නොකිය...ඒත් නොහිතපු විදියට මගේ ලේන්සුව දිහා බලන් හිටපු පූස්මහත්තය කේන්තියෙන් මූන රතුකරගන් කෑගහන්න ගත්තෙ මාවත් පුදුමකරවල...

Sg - කව්ද මගේ කාමරේ අවුස්සපු එකා....මොකාද...මගේ බඩු ඇද්දෙ...ජුන්ග්කුක්!!!!!තමුසෙද...මන් කිව්ව මගේ බඩු.........ගන්න එපා කියලා.!!!

පූස් මහත්තය මහ හයියෙන් කෑගහල සෝෆා එකෙන් නැගිටල වැනි වැනි ගිහින් ටීපෝවෙ උඩ තියන මගේ ලේන්සුව අරන් එයාගෙ කාමරයට යන්න හැදුවා...මන් ඉක්මනින්ම පූස් මහත්තයගෙ අතින් අල්ලල එයාව නැවැත්තුවෙ ඒ ලේන්සුව මගේ නිසා..ඒ මගේ අම්මගෙ අන්තිම මතකෙ නිසා...මට ඒක ගොඩක් වටිනවා..

Tae- අනේ පූස්මහත්තය ඕක මට දෙන්න...මේ ලේන්සුව මගේ...අනේ please මට මේක දෙන්න..

මන් පූස්මහත්තය ඉස්සර බැගෑපත් වෙද්දි එයාට තවත් කෙන්න්ති ගිහින් මට කෑගැහුවෙ වෙරි මතින්...

Sg - අහකට යනවා...ඒක මගේ.....තමුසෙගෙ...වෙන්නෙ කොහොමද..මේක මට මගේ අම්ම දුන්නෙ...තමුසෙනම් ......මන් හිතුව වගේම කපටි ...තමුන් මගේ දේවල් හොරකම් කරන්න හදනවද ආ!!!!

පූස් මහත්තය ඇස් හීනි කරන් මන් දිහා බලාගෙන කෑගහද්දි මන් නෑ කියන ඔලුව වැනුවා..ඒත් එයා මගේ ලේන්සුවෙන් අත ගන්නව තියා හිතුවෙවත් නෑ....පූස් මහත්තය මගේ අත ගසල දාල එයාගෙ කාමරේ පැත්තට යන්න හැදුවත් මන් ආපහු පූස්මහත්තයගෙ පාර හරස් කලා...

Sg - තමුසෙට........ මොනවද වෙලා තියෙන්නෙ...... වලස් පැටියො...මන් තමුසෙට මගේ දේවල් මුකුත් දෙන්නෙ නෑ.....මොකද ඒක මගේ.......අම්ම දුන්නෙ.......ඒක ගන්න පුලුවන් මගේ මල්ලිට .......විතරයි.......ඒක මතක තියාගන්නවා......

Undying LoveWhere stories live. Discover now