chapter 74

85 15 24
                                    

Sg - උබ හිතනවද මන් උබ අමතක කරයි කියල ආ..මේ අහපම්....ලේ බැදීම් හයියයි...ඒත් ලේ බැදීමක් නොවුනේ මගෙයි උබෙයි සහෝදර බැදීම ඊටවඩා හයියයි...ටේයොන්ට කලිනුයි මට උබව හම්බුනේ..උබට ආදරේ දුන්නෙ....ඉතින් උබ හිතනවද එහෙම ආදරේ දුන්න මන් ලේ බැදීමක් නිසා උබව අත අරී කියලා...මන් ටේයොන්ට ආදරෙයි...එවගෙමයි උබටත්...

එයාව වැල්දගෙන හිටපු මන් එයගේ ඔලුව පිරිමදින ගමන් කියද්දි මගේ උරහිස් තෙත්වෙනව මට දැනුනා...

Jk- මට ටේයොන් එක ඊරිසියයි...එයා කිසිම දෙයක් නැතුව ඇවිත් එයාට මුලු ලෝකෙම හම්බුනා...මන් හැමදේම තිබිල හිටියත් අන්තිමේ මට මගෙ ලෝකෙම නැති උනා සුදුපූස්...

Sg - උබට මුකුත් නැති උනේ නෑ කුක්..

Jk- සුදුපූස්.

Sg -ම්ම්ම්

Jk- මන් පුන්චි ඉල්ලීමක් කරන්නම්...මට මෙහෙම ඉල්ලිමක් කරන්න අයිතියක් නෑ...ඒත් සුදුපූස් ටේයොන්ට මට වඩා ආදරේ කරන්න එපා...මන් දන්නව ඒක අර්මාර්තකාමී...ඒත්..

Sg - ශ්..ශ්...මන් කාටවත් වැඩියෙන් ආදරේ කරනෙ නැ කුක්..දෙන්නටම එකට ආදරේ කරන්නෙ.......ජන්ග්කුකා..

Jk- ම්ම්ම්

Sg - මට දැන් ගෙදර යන්න ඕනෙ ජන්ග්කුක්...මට දැන්ම ගෙදර යන්න ඕනෙ..

Jk- විකාර කියවන්න එපා..හියුන්..තව ටිකකින් වගේ ඔය කැනියුලා ටික ගලවයි එතකොට යන්..නැත්නම් මන් කලින්ම යන්නම්.

Sg - හ්ම්...එහෙනම් ඉක්මනින් ගෙදරයන්න ජන්ග්කුක්...අම්ම කියන්නෙ අපි හිතන් හිටපු ආදරනීය චරිතෙ නෙමේ කුක්...එතකොට ටේයොන් කියන්නෙ අම්ම උබට පෙන්නපු නරකචරිතෙ නෙමේ...ඉක්මනට ගෙදර යන්න....ටේයොන්වත් අරන් බෝලෙගෙ ගෙදරට යන්න හරිද..ඒ දෙන්න ඔක්කොමද දන්නවා..තව දෙයක් ජන්ග්කුක්...තාත්තගෙ ගෙදර මගේ කාමරේ ඩයරියක් ඇති ඒක මතක ඇතුව අරගන්න..

Jk- හ්ම්ම්ම්...මන් එහෙනම් යන්නම්..දගලන්නැතුව මෙහෙට වෙලා ඉන්න...

Sg - ම්ම්.පරිස්සමින් පලයන් ....

Jk- ඔයත්...

ආපහු මාව වැල්දගත්ත එගා කාමරේ දොරත් වහගෙන එලියට ගියා වෙනකොට් මගේ කකුල් හිරිවැටිල තිබ්බා...ඒ නිසා මන් ඇදෙන් බැහල ටිකක් හිටගත්ත වෙනකොට අර බිම වැටිල තිබ්බ ඉරිච්ච කොල කෑලි දැක්ක...මට ඒක බලන්නම ඕන හිතුන නිසා මන් ඒ ඉරිච්ච කොල ටික අතට අරන් අපහු ඇදෙන් ඉදගත්ත වෙනකොට ඒ ඉරිච්ච කොල හොස්පිට්ල් රිපෝර්ට් එකක් කියන්න මට තේරුනා..ඉරුනු කොලේ අග මගේ නමේ බාගයක් තිබ්බ වෙනකොට මේක මගේ රිපෝර්ට් එක කියන්න මට තෙරුනා...එතකොට කව්ද මේක ඉරුවෙ..

Undying LoveWhere stories live. Discover now