chapter 59

91 18 71
                                    

Sg - මට..මට..බයයි කුක්...මට බයයි...උබ දන්නවනෙ මන් දැන් තාත්තෙක්...තාත්ත කෙනෙක් වෙන්න ඉන්න මාත් ආසයි මගේ චූටි මැනිකගෙ මූන බලන්න කුක්....මගෙ පුන්චි මැනික ටික ටික ලොකුවෙනව බලන්න මාත් ආසයි කුක්...අපි තුන්දෙනා ටිකෙන් ටික වයසට යනකොට එයා ලොකුවෙන හැටි බලන්න මාත් ආසයි...මන් දන්නව එතකන් මන් ඉන්නෙ නෑ...මට ඒ චූටි මැනිකගෙ මූන බලන්න පින නෑ...චූටි මැනික ඔයාගෙ තාත්ත ඒ තරම් අවාසනාවන්තයෙක්...

Jk- හියුන් මොනවද ඔයා කියවන්නෙ හියුන්...

Sg - මන්...මන් ආසයි කුක් එකම එක පාරක් හරි මගෙ මැනිකගෙ මූන බලන්න...එයා මන්වගේද මගේ සොකා වගේද බෝලෙ වගේද කියල බලන්න...ඒත් ඒකටනම් මට පින නෑ කුක්...මට අඩුම එයා ජිමිනගෙ බඩේ දගලන විදියහරි බලන්න ඕනෙ...අනේ මට ඒකවත් බලාගන්න බැරිවෙයිද කුක්..මන් ඒතරම් අවාසනාවනතයෙක්ද...

Jk- මොනවද කියවන්නෙ ආ!!!විකාරද හියුන්..ඔයා දන්නවනෙ..මන් දැක්ක හයියම කෙනා මගේ සුදුපූස්...ඔයාට එයා ජිමිනගෙ බඩේ දගලනව විතරක් නෙමේ එයාගෙ මූන,එයා ඇවිදින විදිය පවා බලන්න පුලුවන් වෙයි...මට විස්වාසයි...හියුන් මගහරින්නෙ නැතුව බෙහෙත් ගන්න නිසා මුකුත්ම වෙන එකක්  නෑ..අනේ දුක්වෙන්න එක නවත්‍තන්න හියුන්...

වෙනදට එයාව තුරුල් කරන් සනසන මමම අද මගේ මල්ලිගෙ තුරුලෙ සැනසෙනව....මන් මොනව කියල බැන්නත් ඇත්තටම උබ හොදම සහෝදරය මට ලැබුනු...ඒකනම් කිසිම කහටක් නැතුව පිලිගන්නවා....ඒකා මගේ අස්වලින් වැටෙන කදුලු පිහිදැම්ම...මට මගේ පැටියා ලොකුවෙනකම්ම බලන්න පුලුවන් කිව්වා....

Jk- හියුන්..

Sg - ම්ම්ම්

Jk- ට්‍රිප් එක ඉවර වෙලා ගෙදර ගියාම ඔයා ජියා හම්බුවෙන්න යන්න..

Sg - හ්ම්...ඔව් මාත් චෙකප් එකක් කරන්න යනවා...එයත්  හැමදාම වගේ කියනව මට චෙකප් එකක් කරන්න කියල...

Jk- ඒකනෙ නොයා ඉන්න එපා...

Sg - හ්ම්..

මන් ට්‍රිප් එක ඉවර වෙලා චෙකප් එකක් කරන්න යන්න හිතුවා...ජියා කියන දේ තබේට මායින් නොකරපු මන්ම එයාව හම්බුවෙන්න යනව කියල තීරනය කලා...

Undying LoveWhere stories live. Discover now