chapter 43

112 16 15
                                    

කබඩ් එකට වාරු වෙලා නැගිට්ට මන් මගේ ඉස්සරහ තිබ්බ කන්නඩියෙන් මගේම රූපෙ දිහා බැලුවා...සදුමැලි වෙලා ගියපු මගේම රූපෙ දිහා බලන් හිටියා...ඒ මොහොතෙම මට මගේ ගෙදර මතක් උනා...මගෙ මෝඩය....මගේ චීස් බෝලෙ...ජන්ග්කුක්...මගේ කුප්ප යලුවො දෙන්න...උන් ඔක්කොම මගේ මනස ඇතුලෙ සකම්න් කරන්න ගත්තා ..

තව අවුරුද්දක් වත් නෑ...මන් නැති වෙලා යයි...කුක්ට තනිවෙන්න වෙයි...මන් ආදරේ කරන දෙන්න තනිවෙයි...මන් ඕනවට වඩා උන්ට බලපොරොත්තු දීල ඒව කඩල දායි කියන බය මගේ ඔලුවෙ කැරකුනා..දැන් බෙහෙත් වලටවත් මේ කාලකන්නි ලෙඩේ පාලනය වෙන්නෙ නෑ...මට තව කල් නෑ...

අනේදෙවියනේ මට ජීවත් වෙන්න ඕනෙ...

ඔව් ජිවිතේ පලවෙනි පාරට මන් දෙවියන්නෙග් මගේ ජීවිතේ යැද්ද ...වෙනදට මැරෙන්න හිතන් බෙහෙත් මගහැරපු මමම අද දෙවියන්ගෙ ජීවිතේ යැද්ද...අනේ දෙවියනෙ මට ජීවත් වෙන්න ඕනෙ..මොකද මට ජීවත් වෙන්න අරමුනක් තියනවා...මට ආරක්ශා කරන්න මැනික් දෙක්කක් තියනවා...උන්ව කුමාරයො වගේ බලාගන්න මට ඕනෙ..අහස් උසට තියෙන කදු තරන් ආදරේ දීල මට බෑන් උන්ව තනි කරන්න..මන් නැති දාක හූල්ලනව බලන්න...

මන් දන්නව මීට කලින් මන් දෙවියන්ගෙන් ඉල්ලුව මාව මරල දන්න කියල...මොකද එකාපරටම පපුව පැලෙන්න තරම් දැනෙන්න වේදනාව දන්නෙ මන්ම විතරක් නිසා..මෙහෙම විදවනවට වඩා මැරිල යන එක හොදයි කියල හිතුවා.ජීවිතේ අගයක් නැති මට පලවෙනි පාරට මගේ ආදරවන්තයො දෙන්න නිසා ජීවත් වෙන්න බලාපොරොත්තුවක් හම්බුනා...ඇයි හැදේම හම්බුනු ගමන් මගෙන් ඒ හැම දේම උදුරගන්නෙ..

මගේ අත් තරහටම වෙව්ලන දිහා මන් කන්නඩියෙන් බලන් හිටියා. අසාදාරනයි ...මේ ලෝකෙ ගොඩක් ආසදාරනයි...මන් දන්නව...වෙන්න තියන දේ කාටවත් නවත්තන්න බෑ..මට ඕනෙ මේටිකේ මගේ පව්ලත් එක්ක එකට ඉන්න..සතුටින් ඉන්න විතරයි....

මන් තවත් බලන් නොයිද තිර රෙද්ද මෑත් කරල මගේ ස්ටඩී රූම් එකට ගියා...අර හිගන්න බිම වාඩි වෙලා ගානක් හදනවා...ඇත්තම කිව්වොත් එකම ගාන අතගානවා..මන් හිතන්නෙ ඒකට ඒක අමරුයි ටිකක්...

ටිකක් වෙලා ඌ ගාව හිටන් හිටපු මන් බිමින් ඉදගත්තා...මන් මගේ ගෙදර බිම ඉදගත්තු කෙනෙක් නෙමේ..අච්චර හොදට පුටු තියෙද්දි මොන මගුලටද බිම ඉදගන්නෙ...හෝසොක් ජිමින් එක්ක ගෙදර ඉද්දි බිම ඉදන් එක එක විකාර නැටුවට...මන් මෙහෙම හිගන්නොත් එක්ක එකට බිම ඉදගන්නෙ නෑ..මට මොනා වෙලාද කියල මටම නොතේරෙද්දි මන් බිමින් ඉදගෙන එරමිනියඔතාගත්තා...

Undying LoveWhere stories live. Discover now