chapter 6

144 17 11
                                    

මම පොරොන්දු වෙනව ජන්ග්කුක් ඔයාගෙ ජීවිතේ වැඩකරයෙක් විදියට හරි මට තැනක් දුන්නට මම කවදාවත් කාටවත් ඔයාට රිද්දන්න දෙන්නෙ නෑ.ඔයා බොලදයි ජන්ග්කුක් ඔයා ලෝකෙ ගැන කිසි දෙයක් දන්නෙ නෑ.හැබැයි මම අද ඒ ගැන දැනගත්ත.මොන සල්ලි කාරය උනත් තම්න්ගෙ ආසවල් ඉශ්ට් කරගන්න ඕනම ජරා වැඩක් කරයි.මම පොරොන්දු වෙන්නම් ඔයාගෙ ලස්සන හදවත නොරිද්ද ඉන්න.

ටේ එසේ හිතමින් මුලු ගේම අතුගාන්න ගත්තා.

මේ අතර තමන්ගෙ කාමරේ වෙත යමින් සිටි යුන්ගිව දැකපු ජන්ග්කුක් ඔහුවත් බලෙන්ම ඇදන් තමන්ගෙ කාමරයට ගියේ සාලෙ අතුගාගා හිටපු ටේත් ඔව්න්දිහා අහින්සක හිනාවකින් බලද්දි.

Sg - මොකද්ද කුක් කරන්නෙ.හෙට මම ඔයාගෙ යුනිවසිටි එකට යන්නත් ඔනේ අර මනුස්සයත් එක්ක.මට නිදාගන්න දෙන්නකො.

Jk- සුදුපූස් ඔයා දැන් ගොඩක් වෙනස්.මට දැන් හිතෙනව මම ඔයාගෙ මල්ලි නෙමෙද කියලත්.හියුන් බැන්දව මාවත් අමතක කරයි.

ජන්ග්කුක් මූනත් ඇබුල් කරන් කිව්වෙ යුන්ගිගෙ ප්‍රපෝසල් එකෙන් පස්සෙ යුන්ගි වැඩිය එයාගැන හොයල බලන්නෙ නැති නිසා.

Sg - මෝඩ කතා කියන්න එපා කුක්.මට ඒ මොඩයට වඩ මට ආදරය කරන මිනිස්සුන්ව මට වටිනව.මම කවදාවත් මගේ සහෝදරයව අමතක කරන්නෙ නෑ.මම අමතක කරනවනම් කරන්නෙ අර මගෙ අනගත මෝඩ හස්බන්ව තමා.මොකද උගෙන් මට ඇති වැඩක් නෑ.දැන් ඇයි මම වෙනස් කියන්නෙ.මොකෝ මම ඔහෙට වඩා උස ගිහින්ද.

එහෙම කියපු යුන්ගි ජන්ග්කුක් ගාවින් හිටගෙන දෙන්නගෙ උස සන්සන්දනය කලත් තවමත් එයාගෙ බාල සහෝදරය එයාට වඩා උස නිසා යුන්ගි කටත් ඇදකරන් පැත්තකට උනා.

Jk- නෑ නෑ එහෙම දෙයක් නෙමේ සුදුපුස්.ඔයා මට හැමදාම රෑට නින්දයනකම් කතා කියනවා.ඒත් දැන් ඔයා එහෙම නෑනෙ.

ජන්ග්කුක් දුකෙන් වගේ කිව්වෙ එයාට එයාගෙ හියුන්ගෙ වෙනස හොදින් දැනෙන නිසා.ජන්ග්කුක් ගෙ පව්ලෙ අම්මා තාත්ත හිටියත් ඔවුන් දෙන්නම ව්‍යාපාරිකයො නිසා යුන්ගි ගැන සහ ජන්ග්කුක් ගැන ඔවුන්ට බලන්න වෙන්නෙ අඩුවෙන්.ඒත් ඔව්න් දෙපල තම ලමයි හම්බුවෙන හැම මොහොතම පව්ලක් විදියට ගතකරන්න අමතක කරන්නෙ නෑ.පුන්චි කාලෙ ඉදන් අම්මගෙන් තාත්තගෙන් ඈත්වෙලා, ඔවුන්ගෙ ආදරෙන් ඈත්වෙලා හැදුනු යුන්ගිට තියෙන්නෙ සීතල මුරන්ඩු ගතිගුන.යුන්ගි පොඩි කාලේ ඉදන්ම දැක්කෙ අම්මල තාත්තල සල්ලි හොයන්න ගන්න මහන්සිය.එයාල කොච්චරනම් හොදට ඉගනගන්නවද කියන එක.ඔවුන් දෙදෙනගෙ ආදරය නොලැබුනු තැන යුන්ගි හිතන් හිටියේ මේ ලොකේ මනුස්සයෙක්ව සම්පූරන කරන්නෙ ඉගනීමෙන් වගේම පොහොසත් කමින් කියල.පුන්චි කාලෙ ඉදන් මේ විදියට හිතන් හිටපු යුන්ගි ලොකු උනාම සීතල ගති ගුන තියන හැගීම දැනීම් පෙන්නන් නැති කෙන්ක් විදියට ඉන්න එක ගැන එයාගෙ අම්මයි තාත්තයි දැන් පසුතැවෙනව හුගක්ම.ඔවුන් යුන්ගිගෙ සීතල ගතිගුන හැරෙන්න ආදරනීය චරිතයක් දකිනවනම් ඒ දකින්නෙ එයාගෙ මල්ලි ඉස්සරහ පමනයි.

Undying LoveWhere stories live. Discover now