chapter 53

106 20 16
                                    

හෝසොකා අහන් හිටියා..ඒක අපි දෙන්නගෙ වෙඩින් එක උනත් මට මතක් උනේ ඩාන්සින් ෆ්ලෝ එකෙ නැටුමෙන් පස්සෙ ගෙදර යන්න කලින් උනු සිද්දියක් වෙනකොට මන් ඒක ආපහු හෝසොක්ට මතක් කරල දුන්න...

Sg - ඔයත් එදා දැක්කනෙ සොකා...මන් එදා උගෙන වැඩගත්තද නෑ..ඌට තිබ්බෙ පැත්තකට වෙලා ඉන්න...ඒ ඉදල ගෙදරයද්දි මොකද උනේ ඌ කලන්තෙ දාල වැටුනා...පෙරේදා කලන්තෙ දාලා අද උන අරන්...අනික උට කලින් අසනීපයක් තිබ්බෙත්නෑ...මන් ඒකට කරදර කලෙත් නෑ...ඔයා හොදටම දැක්කනෙ සොකා එදා මමයි ඌව මගේ ගාවට වත්තම් කරන් සිහිය එන්න වතුර ඉස්සෙ..උබ නොදැක්කට මන් දැක්ක...උගේ බෙල්ලෙ තුවල වෙලා...බෙල්ල ගාවටම දිග ශර්ට් එකේ කොල එක ගැලෙව්වම ඒ ඇගේ තැලුම් පාරවල් තියනව මන් ඇස් දෙකටම දැක්ක සොකා...ඌට ඊට කලින් දවසෙ මොනාහරි වෙලා..

Jh- දෙයියනෙ යුන්ගි...ඇයි කලින් කිව්වෙ නැත්තෙ...අහන්න තිබ්බනේ ඒ ලමයගෙන්...

Sg - උබ ඇහුවත් නොකියන එකා මට කියයිද මෝඩයෝ...ඌට මොකෙක් හරි කරදර කරනව සොකා..ඒත් මට හිතගන්න බැරි කව්ද කියලා...අපේ ගෙදර ඉන්න සවන්ට්ස්ලව මන් හොදට බැලුව...මන් තාත්තටත් මේ ගැන කියල තියෙන්නෙ...සැක හිතුනොත් මට කියන්න කියලා...වෙන්න පුලුවන් කාරනා දෙකයි...එක්කො මූට කවුරුහරි කරදර කරනවා...නැත්නම් මූ ඒකගෙ අසහනේ විසදගන්න මගේ එකාවත් රවට්ටන් එක එකාගෙ ඇගට යටවෙනවා...

Jh- මොනාද යුන් ඔයා ඔය කියවනෙ...

මන් වෙන්න පුලුවන් දේවල් ගැන කියවද්දි හෝසොක් මැරෙන්න හැදුවා...ඇත්තනෙ කිව්වෙ..ඔය දෙකෙන් එකක්..ඕකගෙ මූනෙන් එහෙම පෙන්නෙ නෑ...ඒත් ඔය අහින්සක උන්ව තමා විශ්වාස කරන්නම බැරි...අනික ඌ ඒ වගේ එකෙක්නම් ඒකගෙන් ඒ ගැන අහල වැඩක් නෑ..ඌ කොහොමත කියන්නෙ නෑ..එතකොට මන් කරන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ මෝඩ වැඩක්..

Sg - ඇත්ත කිව්වෙ..

Jh- ඒකොල්ල කවදාවත් ඒතරම් ජරා වැඩ කරන්නෙ නෑ යූන්...මන් හිතන්නෙම මොකෙක්ගෙ හරි වැඩක්...කොහොමත් දැන් ටේයොන් මාත් එක්ක එකතුයි...මන් එයාට නොදැනෙන්න අහගන්නම්...

Sg - හ්ම් හ්ම්...එත් මටනම් ඌ ගැන විස්වාසයක් නෑ සොක්..

Jk- සුදු පෝ......ස්!!!!!!.

Undying LoveWhere stories live. Discover now