chapter 89

92 18 27
                                    

දුකට වගේම කේන්තියට මට ඒ මිනිහව මරන්න හිතුන වෙද්දි මන් ආපහු නැගිට්ටෙ ඒ ලෝයවයි අර පොලීසියේ මිනිහවයි මරනව කියල හිතාගෙන උනත් ජූනා ඇවිත් මාව ඇදගෙන කාර් එකට ගියා...මට..මට මුලු ලෝකෙම එපා උනා..කාර් එක ඕහේ ගමන් කරන කොට මන් පිටිපස්සට වෙලා ඔහේ හිටියා..අඩල අඩල හෙම්බත් වෙලා හිටපු බෝලෙට තවත් කදුලු ඉතුරු නොවෙනකොට එයා මගේ උරහිසට හේතුවෙලා හිටියා...හෙට දවසට මන් වෛර කරවා.....අනේ හෙට දවස උදා වෙන්න එපා...එයාව මගෙන් ගන්න එපා...

ගෙදර ආව මන් ඔක්කොම දමල ගහල ගිහින් කාමරේට ගියා වෙනකොට මට මන් ගැනම ආපු කේන්තියට මටම ගගගත්ත..මට එදා එයාව එලවගන්නෙ නැතුව ඉන්න තිබ්බ...එහෙම උනානම් එයාට මෙහෙම නොවෙන්න තිබ්බ....එයා මාව දාලයන්නෙ නැතුව ඉන්න තිබ්බ...මන්...මන් හැමදේම අව්ල්කලා.....මන් එයාව නැතිකරගත්තා...හ්..හෙට එයාව මට නැතිවෙනවා...කොච්චර මහන්සි උනත් අන්තිමට මට එයාවත් නැති උනා....

මගේ හැගීම් ඔක්කොම මගේ හිතේ පිරිල පිරිල පුපුරන්න වගේ මට දැනුනා ...මට එයාව බලන්නවත් දුන්නෙ නැ ...දුක හිතෙනකොට කේන්තියනකොට මගේ යූන් හැමදාම මාව තුරුල් කරගන්නව...එයාගෙ සීතල සුවදට මගේ ඇවිලුනු හිත නිවෙනව...අද..අද එයා මට නෑ...දැනෙන හැම හැගීමක්ම මට කියාගන්න බෑ..මාව මැරෙන්න තරම් වේගෙන් මගේ හදවත් ගැහෙනව...මට දරාගන්න බැරිම තැන මන් මුලු කාමරේම අනිත් පැත්ත ගැහුවා.....මන් කාමරේ තිබ්බ පර්ෆියුම් බෝතල්  වීදුරු කුඩුවෙලා සීසීකඩ යන්න  විසික් කලා..මුලු කාමරේම අනිත් පැත්ත හැරෙව්ව...මට...මට මගේ එකාව මරන්න කියල දුන්න තීන්දුව මතක් වෙන මතක් වෙන වාරයක් පාස දැනුනෙ ඒ මිනිහව අමුවෙන් මරන්න තරම් කේන්තියක්....ඒත් ...ඒත් යූන්ව මට නැතිවෙනව කියල දැනෙනකොට මගේ අතින් පුන්චි පුන්චි කෑලිවලට බිදිල ගියපු පෆියුම් බෝතලේ වගේ මගේ හදවතත් බිදිල ගියා...මට දැනෙන හැගීම් මට දරාගන්න බෑ....මාව පුපුරන්න වගේ..මට ..මට මේ හැමදේකින්ම පැනල යන්න ඕනේ..මට මේ හැමදේකින්ම අයින් වෙන්න ඕනේ...මට දැනුනෙ ලොකු අදුරක් මාව වටකරගන්න වගේ වෙනකොට මන් ඒ ලග තිබුනු වීදුරු කටුවක් අතමිටිමොලවගත්තා...උබ මට ආදරේ නෑ යූන්..

මන් තව තව වීදුරු කටුව අතමිටිකරගත්තා වෙනකොට කාමරේ දොර ඇරිල ඇතුලට ආවෙ ජින් වෙනකොට මගේ අතින් වීදුරුකටුව උදුරල ගත්ත එයා ඒක ව්සික් කරල දැම්ම...අතින් ලේ ගලන්න ගත්තත් මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ...ඊටවඩා මගේ හිත රිදුනා...

Undying LoveTahanan ng mga kuwento. Tumuklas ngayon