chapter 62

93 17 43
                                    

Sg - මොන මගුලක්ද වෙලා තියෙන්නෙ ජියා...මොකද කෑ ගහන්නෙ ආ!!!

මන් ඒකිට කෑගහද්දි එයා කේන්තියෙන්ම හිනා වෙලා මේසෙට හයින් පාරක් ගැහුව..

Jy- කෑගහන්නෙ...ඇත්ත කියනව ඔප්ප..ඔයා බෙහෙත් හරියට ගත්තෙ නෑ නේද!!

එයා තදින් ඇහුව වගේම මාත් එයාට උත්තර බැන්ද..

Sg - බෙහෙත් මග හැරියනම් මන් ඉවර වෙච්ච බෙහෙත් වලට අලුත් බෙහෙත් ගන්න එයිද ආ ජියා!..මොනාද කියවන්නෙ...

Jy- මොකක්..

මන් ජියාට තදින් කිව්ව වගේම..මාත් කේන්තියෙන් ඉන්නව දැක්ක ජියාගෙත් ඇස් ගැස්සිලා යද්දි මන් කිව්ව දේ ටිකක් විස්වාස කරපු එයා මට පුදුමෙන් මොකක්ද කියල ඇහුවම මන් අත් දෙකත් පපුවෙ බැදන් රවාගෙන හිටියා..

Sg - හ්ම්...මන් බෙහෙත් මග හැරියෙ නෑ...

Jy- ඒත් එහෙනම් මෙහෙම උනේ කොහොමද...

එයා කිව්වෙ මගේ පැත්තට ෆයිල් ටික පෙන්නන ගමන් වෙනකොට මාත් ෆයිල් එකට ඇහ යැව්ව...ෆයිල් එකේ තියෙන රිපෝට් එක දැකපු මට රිපෝට් එකේ තියෙන දේවල් හිතාගන්න බැරි වෙද්දි මාත් පුදුමෙන් ජියා දිහා බැලුව වගේම එයත් හිටියෙ කලබලෙන් වගේම රිපෝට් එක ගැන කනස්සල්ලෙන්..

Sg - ඇ..ඇත්තමයි ජියා මන් මේටිකේ බෙහෙත් මග ඇරියෙ නෑ..මෙහෙම උනේ කොහොමද...

Jy- ඒක තමා ඔප්ප මටත් හිතාගන්න බැරි..කොහොමද රිපෝට් මෙච්චර නරක අතට හැරුනේ...ජන්ග්කුකුත් කිව්ව තමා ඔයා බෙහෙත් ගත්ත කියල ඒත් මේ  රිපෝට් එකේන් එහෙම පේන්නෙ නෑ ඔප්ප..හරියට ඔයා මේ මාස තුනම බෙහෙත් මග ඇරල වගේ...හදවත එන්න එන්න දුර්වලවෙනව..මෙහෙම වෙන්න කොහෙත්ම විදියක් නෑ...

ජියා කිව්වෙ එයගෙ ඔලුව අව්ල්කරගන්න ගමන් වෙද්දි එයාටත් මුකුත්ම හිතාගන්න බැරි වෙනකොට හිටගෙන හිටපු ජියා එහෙමම පුටුවට වැටුනා.

Jy- මොකක් හරි වැරද්දක් තියනව...එක්කො රිපෝට් එකේ වැරද්දක්..

Sg - මේ ලොකේ මන් තරන් අවාසනාවන්තයෙක් තවත්  ඇතුව ඇති ජියා..මට ඉන්න හොදම පව්ල මට ලැබුනට පස්සෙත් මට ඒගොල්ලොත් එක්ක ඉන්න පින නෑ...අඩුම ඔපරේශන් එකක්වත් කරන්න බැරිවෙයිද...තව හදවත් සැත්කමක්..මට බෑ ජියා අර තත්වෙන් ජිමින්ව දාල යන්න..මට බෑ හෝසොකාව දාල යන්න..දාහකට ගහන්න කතාව තිබ්බත්, මගෙ හෝසොකාට මන් නැතුව පාලු නෑ කිව්වත් දැනටත් ඒක ඇත්තෙ හෙන පාලුවෙන්..ඒ මගෙ පලවෙනි ආදරේ...මට තව මාස හයක් ජීවත් වෙන්න පුලුවන්නම් හොදටම ඇති...

Undying LoveWhere stories live. Discover now