chapter 32

128 20 16
                                    

Jk- නෑ එහෙමනෙමේ...ඒක හැමදාම ඔයා ගාවමයි තියෙන්නෙ...යුනිවසිටි ගියත් අරන් යනවා...ගෙදරත් ඔයා ගාවම තියාගන්නවා...අනික පාවිච්චි කරන්නෙ නැතුව ඒක දිහා බලන් ඉන්නව...මන් හිතන්නෙ ඒක ඔයාට ගොඩක් වටිනව ඇති...ඒතරම් ලගින් තියාගන්න තරම් ඒක දුන්න විශේශ කෙනා කව්ද...

මන් ඇහුවෙ බැරි වෙලාවක් ඒ එයාගෙ ලවර් ද කියල හිතන්..

Tae- එයා මට ගොඩක් විශේශයි තමා ජන්ග්කුක්...ගොඩක්...මන් ජීවත් වෙලා ඉන්නෙත් ඒයා නිසා...මට ජීවත් වෙන්න එකම හේතුවත් එයා...ඔයාට තේරෙන්නෙ නෑ කුකු ඒ හැගීම...ඒ හැගීම ඔයා දැනගන්න ඕනෙත් නෑ...

මන් මුකුත්ම නොකිය අහන් හිටියා...මන් බලන් ඉද්දිම එයාගෙ ඇස් කදුලු වලින් බොද උනා...මන් ආස නෑ ඒයා මෙහෙම දුකින් ඉන්නවට...මන් වැරද්දක් කලා වගේ හැගීමක් මට දැනෙන්න ගද්දි එයා මට ආපහු කතා කල

Tae- ඔයාට අම්ම තාත්ත එතකොට හැමෝටම වඩා ඔයාට ආදරේ කරන හියුන් කේනෙක් ඔයාට ඉන්නව කුක්...ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්...පව්ලක ආදරෙ විදින කෙනෙක්...ඒත් අනාතයෙක් වෙච්ච මට ආදරේ කියන්නෙ නුහුරු දෙයක්...මට ඔයාට වගෙ හොද හියුන්කෙනෙක් තාත්ත කෙනෙක් අඩුම මාව බිහිකරපු අමවත් නෑ...ඔයාට දුක හිතුනම ඔයාගෙ අම්මව බදාගන්න පුලුවන්..ජීවිතේ හැම දේම බෙදා ගන්න පුලුවන්...කුක්ට අම්මගෙ උනුහුම දැනෙනවා...ඒත් මන් මගෙ අම්මගෙ මූනවත් දැකල නෑ කුක්...මන් දන්නව එයා ගොඩක් ලස්සන ඇති...මට අම්මව මතක් වෙන්න තියෙන්නෙ ඒ ලේන්සුව විතරයි කුක්..ඒනිසා මට ඒක ගොඩක් වටිනවා..මන් ඒක ගොඩක් ආරක්ශාකරනවා...

මන් මුකුත්ම නොකිය ටේව වැලද ගනිද්දි මගේ උරහිස් තෙත්වෙන්න පටන් ගත්තා...

Tae- මන් ඉපදෙනකොටම මගෙ අම්ම නැති වෙලා...අම්ම ඒක මන් වෙනුවෙන් මහල තියෙන්නෙ ජන්ග්කුක්..එයාට ලස්සනට මහන්න පුලුවන්....ඒනිසා එයාට සිනිදු දිග ඇගිලි තියන ලස්සන අතක් ඇති...එයා හිටියනම් එයාගෙ සිනිදු අත්වලින් මගෙ ඔලුව අතගායි නේද කුක්...මට තේරෙන්නෙ නෑ අම්ම මගේ ලේන්සුවේ මහල තියන අකුරුවල තේරුම...ඒවල කිසි ගැලපුමක් නෑ...තාත්ත කියන්නෙ ඒක මන් වෙලාවට දැනගනී කියලා...තාත්ත හරි...මන් මහ අවාසනාවන්තයෙක්...

Undying LoveWhere stories live. Discover now