chapter 25

125 18 14
                                    

අද ඔයාව දැක්කොත් අනිවාරෙන් මන් අඩයි..මට ඕනෙ නෑ...ආයෙ ඔයාව දැක්කත් කෙලින් බලන් උත්තර දෙන්න පුලුවන් තරම් මන් මගේ හිත හදාගන්නව..එක දවසින් බෑ...මන් හෙට ඉදන් ඒකට පුරුදු වෙනවා..අදට ඔෆිස් නොගිහින් ඉන්නවා කියල හිතපු මන් යුන්ගිගෙ සෙන්ට් සුවද  පිරිල තියෙන සෙටියෙ හාන්සි උනා....

ඒත් එක්කම වගේ ඩෝ බෙල් එක වැදුනා..මන් පොඩ්ඩක් හාන්සි උනොත් තමා ලෝකෙ නැති ඔක්කොම ගෙදරට කඩාපාත් වෙන්නෙ...
මන් කේන්තියෙන් දොර ගාවට ගිහින් මහ හයියෙන් දොර ඇරියා..

Man- good morning sir..

මොන ගුඩ්ද යකෝ..මෙතන මගේ මිනිහා මාව දාල ගිහින් මන් හිත හදාගන්න හදනොකට මේ උලම මගේ නින්ද කඩල ගුඩ් මෝනින්ලු..

Jh- මොකද !

මන් ටිකක් කේන්තියෙන් ඇහුවම පොර ටිකක් බයවෙලා වගේ මන්දිහා බලන් ඉදල මට කොලයක් දික්කලා..ඕ ලයිට් බිලද කොහෙදෝ..මන් ඒක අරන් ඇරලබැලුව..මොකක්..40 000ක්...මන් ඇස්දෙක කටේ දාන්  ඒදිහා බලන් හිටියා..මන් අම්මත් එක්ක ඉන්න කලෙ අවුරුද්දක ලයිට් බිල මට මේගෙදරට මාසෙකට ගෙවන්න වෙලා..ගෙදර හැටියට මීටවඩා අඩුවෙන් ආවොත් තමා පුදුම හැබැයි..අනික යුන්ගි ඉන්න කාලෙ රෑට තියන හැම ලයිට් එකම දානව තොරන වගේ..ගාර්ඩ්න් එකේනේවයි..ඒවල ගස්වල දාල තියන ලයිටුයි...තව මාලු ටැන්කි පහට දාල තියන ගනන් ලයිට් ටිකකුයි ගෙදර තියන එකි මෙකි නොකි හැම ලයිට් එකම දානවනේ..දැන් ඉතින් ඔය තියෙන්නෙ එවල පලේ..දැන් ගෙවපම් හෝසොක් හත්ලිස්දාහක්..යකො මගෙ පඩියත් හත්ලිස්දාහයි....මේ මිනහ යන්නෙ නැතුව මන් දිහා බලන් ඉන්නව..සල්ලි නෑ යකෝ..බලන් ඉන්නැතුව පලයන් කියල කෑගන්නත් තිබ්බ හැබයි..එහෙම නොකලෙ මූ කරන්ට් එක කැපුවොත් එහෙම..මන් කරුවලට ටිකක් විතර බයයි නේ..

Jh- මන් අදම ගෙවන්න ඕනෙද..

මන් හෙන අහින්සක විදියට ඇහුවම ඒමනුස්සයත් මට උතර දුන්න..

Man- අදම ගෙවන්න ඕනෙ කියල නෑ..sirට කැමතිදවසක් ගෙවන්න පුලුවන්..හැබයි ගෙවන දවස වෙනකම් අපිට ඔබතුමාට කරන්ට් සප්ලයි කරන්න බෑ..

මුගෙ ආච්චිට..මට කරන්ට් එක ඕනෙ යකො..මන් උදේ ඇදුම් අයන්ට් කරනෙ මේ මිනිහගෙ ගෙදරට ඇවිත්ද..හරි උදේට ඕනෙ නෑ රෑට අනිවාරෙන් ඕනෙ..අනේ මට බෑ කරන්ට් නැතුව ඉන්න..මට මුට දෙන්න සල්ලිත් නෑ..ඇදන් ඉන්න කලිසම ගලවල තමා දෙන්න වෙන්නෙ මේ මිනිහට..ඒත් එක්කම මගේ ඇස් ගියේ මගේ රහස් අවයව තියන් පැත්තට..

Undying LoveWhere stories live. Discover now