chapter 13

110 18 5
                                    

Sg - තියනවා.දැන් තමුන්ට ඒකෙන් වැඩක් නෑනෙ.අනික මට office යන්න ඕනෙ.තමුසෙ කරන දෙකයි පනහෙ රස්සාව වගේ නෙමේ.මම office එකේ මැනේජ.මම වෙලාවට වැඩට යන්න ඕනෙ තමුසෙ වගේ වෙලාව නාස්ති කරන්න මට බෑ.ඒනිසා අයින් වෙනවා.

යුන්ගිගෙ කතාවට හෝසොක්ට කේන්ති ගියේ යුන්ගි සූරුපුරුදු ලෙස එයාගෙ පම්පෝරිය කියවන්න ගත්ත නිසා.

Jh- මේ අහනව තමුසෙ කරන්නෙ රස්සවක් වගේම මාත් කරන්නෙ රස්සාවක්.තමුසෙ කොහොමද මගේ job එකට දෙකයි පනහෙ ජොබ් එකක් කියන්න.මනුස්සයෙක්ගෙ තත්වෙ මනින්නෙ ඒ මනුස්සයට ලබෙන තනතුර අනුව නෙමේ යුන්ගි.මම ඔයාට කොච්චර කියන්නද.මනුස්සයෙක්ගෙ මනුස්ස කමට ගරු කරනව.තමුසෙට ඉක්මනින් ජොබ් එකට යන්න ඕනෙ වගේම මටත් මගේ ජොබ් එකට කලින් යන්න ඕනෙ.හහ්.

Sg - ආශ්..මම තමුන්ට කිව්ව.මම තමුසෙගෙ දේශනා අහන්න නෙමේ ආවෙ අයින් වෙනවා.

යුන්ගි හෝසොක් කියනදේ මායිම් නොකර හෝසොක්ව තල්ලු කරල washroom එකට යන්න හැදුවත් යුන්ගිගෙ කතාවය මලපැනල හිටපු හෝසොක් යුන්ගිගෙ පිටිපස්සෙන් ගිහින් යුන්ගිගෙ කොල එකෙන් අල්ල පිටිපස්ස්ට තල්ලු කලා.යුන්ගිව තල්ලු කරපු හොසොක් ඉක්මනින් washroom එකට ගිහින් washroom එකේ දොර ලොක්කරගත්තෙ තරහෙන් මූනත් රතුකරන් හිටපු යුන්ගි හෝසොක්ට කෑගහද්දි.

Sg - මේ දොර අරිනවා මෝඩයා...!!!!මට පරක්කු වෙනව..!කියන දේ අහල දොර අරිනවා.......!!!!!

යුන්ගි කොච්චර කෑගහුවත් යුන්ගිගෙ කෑගැහිල්ල තබ සතේට මායිම් නොකරපු හෝසොක් තම්න්ගෙ පාඩුවේ නිවීසැනසිල්ලෙ wash කරගත්තෙ තමන්ගෙ වැඩවලින් යුන්ගිට ඔෆිස් යන්න පරක්කු වෙනව කියල දැනගෙනමයි.

හෝසොක් පැයක් යනකම් ඕනකමින්ම හෙමින් වොශ් කලේ ඒ පැය ගෙවෙනකම්ම යුන්ගි හෝසොක්ට බැන බැන දොරටගහද්දි.ඒ පැය ඇතුලතනම් යුන්ගිගෙන් හෝසොක් හොද අසබ්‍ය වචන දෙකතුනකුත් අහගත්තා.කොහොම හරි පැයකට ආසන්න කලයකදී හෝස්ක් washroom එකෙ දොර ඇරියෙ යුන්ගි හෝසොක්ට බැන බැනම washroom එකට යද්දි.

යුන්ගි washroom එකේ ඉන්න අතරෙ ඇදුම් ඇදගත්ත හෝසොක් තමන්ගෙ side bag එකත් කරේ දාන් ගෙදරින් එලියට ආවා.
ගෙදරින් එලියට ආපු හෝසොක් දැක්කෙ එයාගෙ බයිසිකලේ දිලිසි දිලිසි ගෙදර ඉස්සරහ තියන විදිය.ඉක්මනින් බයිසිකලය ගාවට දුවපු හෝසොක් තමන්ගෙ බයිසිකලය දිහා සතුටින් බලල බයිසිකලේ හැඩවැඩ බලුවේ මීයෙක්ට චීස් කැල්ලක් හම්බුවෙලා වගේ.

Undying LoveWaar verhalen tot leven komen. Ontdek het nu