55🍇

519 80 22
                                    

හොද නින්දක හිටපු මන් ගැස්සිලා වගේ ඇහැරුනේ මොකක්දෝ සීතල දෙයක් මගෙ කම්මුලේ ගෑවෙනව වගේ දැනුනු පාරට...

තද නිදිමතකින් හිටියත් මන් එහෙම්ම ඉක්මන්ට ඇස් ඇරියේ එකපාරටම ඒ මූණෙ ගෑවුනෙ සතෙක්වත්ද කියල හිතල උනත් ඇස් ඇරියත් එක්කම තමයි දැක්කේ බැලින්නම් මගෙ මූණෙ ගෑවිලා තියෙන්නෙ සතෙක් නෙවෙයි ජිමින් එයාගෙ අතින් මගෙ කම්මුල අල්ලලා තියෙන්නේ...මන් ඇස් ඇරල බලද්දි ජිමින් ඉන්නව ඩාක් බ්ලූ කලර් ස්ලික් පිජාමා කිට් එකකටත් මාරුවෙලා එහෙම බෙඩ් එකේ මගෙ එහා පැත්තෙ මගෙ දිහාට හැරිලා දිගාවෙලා මගෙ කම්මුලත් අල්ල අල්ල🥲...

"ඔහ් ඔයා ඇහැරුනාද...

මන් ඇහැරුනා දැකලද කොහෙද මගෙ කම්මුලින් අත ගත්ත එයා ටිකක් මූණ උස්සලා ඇහුවේ...

එයා දැන්ද කොහෙද වොශ් දාලා ඇවිත් තියෙන්නෙත්...එයාගෙ නළල දිගේ වැටිලා තිබ්බ තෙත කොන්ඩ ගස් දැක්කත් එක්කම මට හිතුනා...වාව් එයා මෙහෙම කොන්ඩෙ නළල දිගේ දාන් ඉද්දි තවත් හැන්ඩ්සම්🥹...උණත් අමතක වෙනවා මෙයා මෙහෙම ළගින් දකිද්දි...

"ම්ම්...

මන් මුමුණලා වගේ හිමින් කිව්වේ ජිමින්ගෙ කඩවසම් ඇස් වලින් ඉක්මනින් ඇස් අයින් කරගන්න ගමන්....ආහ්හ්හ් එයාව මෙහෙම ළගින් දකිද්දි මට නිකන් ලැජ්ජයි වගෙත් ආයිශ් මටත් මොකක් වෙලාද මන්දා කම්මුල් දෙකත් රත් වෙනව වගේ ඒ අස්සේ🥹...

"ජියා කිව්වා හවස උණ ගත්තා කියලා...දැන් කොහොමද තාම ඇගට අමාරුද...

එක අතක් බෙඩ් එකට කරලා ඔලුවට තියාගත්ත එයා ඇහුවේ මගෙ මූණට වැටිලා තිබ්බ කෙස් රොදක් මගෙ කන පස්සට කරල රදවන ගමන්...එයා මෙච්චර රොමෑන්ටික් උනේ කොයිවෙලේද දෙයියනේ😭...මගෙ හාට් එකත් එක්ක පිස්සු වට්ටනවා මෙයා මේ කරන වැඩ වලින්...ආහ්හ්හ් ඉවසන්න යෝරා...ප්ලීස් කාම් ඩවුන්...මේ වෙලාවෙ නම් රතු වෙන්න හිතන්නවත් එපෝ🥹...

"දැන් නම් ශේප්...ටිකක් ඇගට සීතලයි වගේ...එච්චරයි...

හාට් එක නම් දැන්ටමත් එයාගෙ මේ වැඩ නිසා පිස්සු නටන්න අරන් තිබ්බා උනත් මන් මූණින් ඒ බවක් නොපෙන්වා කියලා ඩුවට් එක තව ටිකක් බෙල්ල හරියටම කරල පෙරවගත්තා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now