28🍇

426 66 20
                                    

චටස්!!!!!!!!

එකපාරටම නින්දෙන් ඇහුනු ඌරෙක් පොළේ ගැහුවා වගේ සද්දෙ නිසා මාව ගැස්සිලා වගේ ඇහැරුනේ...

මොකක්ද ඒ අමුතු සද්දෙ කියල හරියටම හිතාගන්න බැරි උනු නිසා මන් ඇස් වල නිදිගැට කඩන ගමන්ම ඉක්මනින් බෙඩ් එකෙන් වාඩිවෙලා හතර අතේ ඇස් යැව්වේ අන්දුන්කුන්දුන් වෙච්ච ෆීලින්ග් එකකින්...

"ආයිශ්...

"ජ්...ජිමින්...

එකපාරටම බිමින් ඇහුනු ජිමින්ගෙ කටහඩට තමා ඔන්න මන් නින්දෙන් හරිම සිහියට ආවේ...මොකද මන් රූම් එක පුරා බැලුවට මොකද මන් හිටියේ බාගෙට නිදිමතේ...

මන් බලනකොටත් ජිමින් කොන්දත් අල්ලන් මූණත් ඔහොක් කරන් බිමින් නැගිටින ගමන් හිටියේ...

"ඔහ් ගෝඩ් ජිමින් එතකොට ඔයා වැටුන සද්දෙද ඒ ඇහුනෙ😗...

ජිමින් කොන්දත් අල්ලන් තරහින් පුපුර පුපුර බිමින් නැගිටින දිහා බලාගෙනම මන් ඇහුවේ කෝකටත් කියල බෙඩ් එකෙන් නැගිටිනත් ගමන්...මොකද ඉතින් දන්නෑනේ මේ මැට්ටා වැටුන කොහේ වැදුනද කියලා...ඒ අස්සෙ හිනත් යන්න එනව මේ නපුරගෙ ඇද උනු මූණ දැක්කම🥹...

"තමුන්ට මොළයක් කියල එකක් නැද්ද රූම් එකේ වතු‍ර හලන්නේ😑...

ඒ අස්සේ මේ මැට්ටා කොන්දත් අල්ලන් මගෙ දිහා කන්න වගේ බලන් කියනවා...

මේ මැට්ටා පව් කියලා බෙඩ් එකෙන් නැගිට්ට මොකද මේ නපුරා මූණත් තරහින් පුම්බගෙන ගොරවන විදිහට නම් ආයිත් පාරක් කකුල් මාට්ටුවක් දාන්නමයි හිතෙන්නේ තියන නපුරුකම බහින්නත් එක්ක😒...

"ඇයි ඔයාට ඇස් තිබ්බෙ බැද්ද බිම වතුර තියනව දැක දැක වතුර ටික උඩම කකුල තිබ්බේ😑😒...

මාත් නපුරට සෙකන්ඩ් නොවී අත් දෙකත් පපුවට කරල බැදගන්න ගමන් රවාගෙනම කිව්වා...

"තමුසෙට මන්...ආහ්...

කේන්තියෙන් පුපුරන ගමන් මොකද්දෝ කියන්න ගිය එයා එකපාරටම කොන්ද අල්ලගත්තු විදිහට නම් මට තේරුනා මෑන්ස්ට මොනා නැතත් දවස් දෙක තුනක් යනකන්වත් පිටේ බාම් ගාන්න වෙන සැර පාරක් වැදිල කියලා😗...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now