21🍇

405 59 2
                                    

කොෆි එක ගේන්න පරක්කු උනු නිසා එයා නිදාගත්තවත්ද දන්නෙත් නෑ...

හිතින් හිත හිතම මන් කෝකටත් ඩෝ එකට තට්ටු කළා...

එක පාරක් තට්ටු කළත් කිසි සද්දයක් තිබ්බෙ නැති නිසා මන් ආයිත් කෝකටත් කියලා ඉස්සෙල්ලටත් වඩා සද්දෙන් තට්ටු දෙකක්ම දැම්මා...

කෝ අනේ මෙයා...මන් හිතුවත් වගේ නිදිවත්ද😐...

රූම් එකෙන් කිසි සද්දයක් නැති තැන මන් ඩෝ එකට කන තියලා බලන්න හදද්දිම මට හිතන්නවත් මොහොතක් නොතියා එකපාරටම රූම් එකේ ඩෝ එක ඇරුනා... ඩෝ එක ඇරුනා විතරයි බැලන්ස් එක නැතිවුනු පාර මාව කෙළින්ම රූම් එක ඇතුළට ඇදිල ගිහින් මොකද්දෝ ගල් ගෙඩියක් වගේ දේක මගෙ නළල වැදුනු පාර නම් විනාඩියකට මට තරු දෙක තුනකුත් මැවිල පෙවුනදත් මන්දා🥲...

මේ ගෙදර ගල් ගෙඩිත් තිය...ඔහ්...ජ්...ජිමින්🙄🥲...

වැදුනු නළලත් අත ගගා ඔලුව උස්සලා බලපු මට විනාඩියකට ලොකු කෙළ ගුලියක් ගිනුනෙ නෑ කිව්වොත් බොරුවක්...

එතන තිබිල තියෙන්නෙ ගල් ගෙඩියක් නෙවෙයි..ඩෝ එක ඇරල තියෙන්නේ ජිමින්..ඒකත් උඩට ශර්ට් එකක් නැතුව...එයා උඩට ශර්ට් එකක් නැතුව ග්‍රේ කලර් ස්වේට් පෑන්ට් එකක් පිටින් විතරයි ඉන්නෙ කියල තේරුනත් එක්කම මන් ඉක්මනින් වෙන පැත්තක් බලාගෙන එයාගෙ දිහාට මන් අරන් ආපු කොෆි එක දික් කළා...

ඒ අස්සෙ මගෙ හාට් එකත් ගැහෙනවා...කටේ කෙළත් හිදිල වගේ ඒ අස්සේ🥲...

"මොනවද මේ🤨...

එයා සැර ගැඹුරු හඩකින් අහනව ඇහුනු පාරට මන් එයා දිහාට ඇස් හරවල බැලුවේ...

"කොෆි...

"කොෆි🤨?...

"ඔව්...ඇයි ඉස්සෙල්ල ඔයා අජුම්මගෙන් ඉල්ලලා තිබ්බේ🙄...

මෙයා නිකන් කොෆි එකක් ඉල්ලපු නැති ගාන්ටනෙ දැන් කතාකරන්නේ😒...

"ඒ අජුම්මගෙන්නෙ...තමුසෙගෙන් නෙවේනේ🤨...

එයා එයාගෙ නළලට වැටිල තිබ්බ තෙත කොන්ඩ ගස් අතරින් නපුරු ඇස් වලින් මගෙ දිහා එක එල්ලේ බලන් කිව්වෙ ටිකක් කේන්තියෙන් වගේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Onde histórias criam vida. Descubra agora