14🍇

423 76 9
                                    

ජියාගෙ මැන්ශන් එකට ගිහින් ආපු වෙලේ ඉදන් මන් හිටියෙ නිකන් කරකවලා අතෑරලා වගේ....එක පැත්තකින් එකපාරමට ඊයෙ මන් හිතපුවත් නැති විදිහට ජිමින්ගෙන් ආස්ක් අවුට් කරපු එක ගැන ඔලුවෙ කැරකෙද්දි අනිත් පැත්තෙන් ජියා මන් ජිමින් ගැන ඇත්තටම ජිමින් ගැන ෆීලින්ග්ස් තියෙයිද කියල දැනගන්න හෙල්ප් කරන්නම් කිව්ව එක මගෙ ඔලුවෙ කැරකුනා....

ඇත්තටම මන් හිටියේ දෙලොවක් අතර හිරවෙලා වගේ....ඇත්තටම මන් ඒ වෙලාවෙ ඒක කටට ආපු පලියට කිව්ව මිසක් ඇත්තටම මන් එයාට කැමැත්තෙන්ද කියලා පොඩිවත් අයිඩියා එකක් මගෙ ඔලුවෙ තිබ්බෙ....ඒක....ඒක අනේ මන්දා....

ඕවා ගැනත් කල්පනා කර කර මගෙ සිල්ක් පිජාමා කලෙක්ශන් එකෙන් බ්ලැක් කලර් පිජාමා කිට් එකකට මාරුවෙලා මන් බෙඩ් එකට ඇවිත් බෙඩ් සයිඩ් ටේබල් එකේ ලෑම්ප් ලයිට් එක විතරක් ඔන් කරලා අනිත් ලයිට්ස් ටික ඕෆ් කරලා බෙඩ් එකේ ඇලවුනාට මොකෝ නින්ද කියලා දෙයක් මගෙ අහලකවත් තිබ්බෙ නෑ....

අන්තිමට එහෙට මෙහෙට පෙරළි පෙරළි ඉදලා මන් නිදාගද්දී උදේ තුනත් පහුවෙලා....ඒ නිසා කම්පනි එකට යන්න ඕනි නිසාම වෙනද වගේම උදෙන්ම ඇහැරුනාට මොකද මන් හිටියෙ බාගෙට නිදිමතේ....ඒ අස්සෙ ඊයෙ රෑ ජිමින්ගෙ ඩෝගියව හීනෙන් දැක්කත් එක්ක....මොකක්ද මන්දා මස් කට්ටක් හප හපා ඉන්නවා🙂....අනේ මන්දා මටත් මොන හීන පේනවද මන්දා....ජිමින් මදිවට දැන් එයාගෙ ඩෝගියත් මගෙ හීන වලට රින්ගන්න පටන් අරන්😪....
.

.


.
හවස තිබ්බ කම්පනි එකේ මෙයින්ස් සෙක්ශන් වල හෙඩ්ලාගෙ මීටින්ග් එකෙන් පස්සෙ කෙළින්ම මන් මගෙ ඔෆිස් රූම් එකට ආවේ මිල්ක් කොෆි එකක් බොන්න හිතාගෙන....මොකද වෙනදට වඩා අද ටිකක් බිසී දවසක් උනු නිසා මන් හිටියෙත් ටිකක් මහන්සියෙන්....

එහෙම්ම මගෙ ඔෆිස් රූම් එකේ තිබ්බ කොෆි මශීන් එකෙන් මිල්ක් කොෆි එකක් හදාගත්තු මන් කොෆි පුරෝපු මගෙ වයිට් කලර් මග් එකත් අරන් ඇවිත් මගෙ රූම් එකේ ග්ලාස් වෝල් එක ගාව තිබ්බ වයිට් කලර් සෝෆා එකෙන් ඇවිත් වාඩිවෙලා කොෆි එකෙන් උගුරක් බොන්න හදද්දිම මගෙ ෆෝන් එක වයිබ්‍රේට් උනු නිසා මන් මන් කොෆි එකෙන් උගුරක් බිබීම මගෙ ඔෆිස් පෑන්ට් එකේ සාක්කුවක තිබ්බ ෆෝන් එකට අතට ගත්තේ මේ වෙලාවෙ මැසේජ් දාන්නෙ කවුද කියල හිත හිත....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now