34🍇

438 66 37
                                    

බැල්කනි එකේ ෆෙන්ස් එකට අත් දෙකත් තියලා බරවෙලා වෙලා දැන්ටමත් රෑ වෙලා නිසා කළු පාටට රැළි ගහන පහළින් පේන  මුහුද දිහා බලන් මන් කල්පනා කළේ අද ජියා මට කියපු දේවල් ටික ගැන...

ජියා කියන විදිහට ජිමින් සෝල් වල මොකක් හරි ලොකු රිස්ක් එකක් තියන කේස් එකකට අතගහන හැමවෙලාවකම ජියාව ෆීමෙල් බොඩිගාඩ්ස්ලා එක්ක ලොකු ආරක්ෂාවක් ඇතුව ජේජු වල තියන මේ හොටෙල් එකට එවනවා...එතකොට මේ පාර මාවත් ජියාත් එක්කම මෙහෙට එකපාරටම එව්වේ ඒකයි එතකොට...ඒ වගේම ජියා කියන විදිහට මේ හොටෙල් එකත් ජිමින්ගේ...වාව් මන් නොදන්න කොච්චර දේවල් තියනවද මන්දා එතකොට...

ලොකු හුස්මක් පහළ දැම්ම මන් තව ටිකක් බැල්කනි එකේ ඉන්නව කියල හිතන් හැදුවෙ බැල්කනි එකේ තිබ්බ පැද්දෙන ඔන්චිල්ලාවෙ වාඩිවෙන්න උනත් එකපාරටම රූම් එකේ ඩෝ එක ඇරෙනව ඇහුනු හඩ නිසා මන් ඔන්චිල්ලාවෙ වාඩිවෙන්නැතුවම රූම් එක ඇතුළට ආවේ ජියාවත්ද කියල හිතලා...

"ජ්...ජිමින් ඔය මොකද...

රූම් එකේ ඩෝ එකත් ඇරන් මොනවද මන්දා පොඩි බ්ලැක් කලර් බෑග් එකකුත් එක අතකට අරගෙන ඇතුළට එන ගමන් හිටපු ජිමින් ගාවට අඩියට දෙකට එන ගමන් මන් ඇහුවේ එයා ඇදන් හිටපු බ්ලැක් කලර් කෝට් එකේ එක අතක් අස්සෙන් පහළින් බේරෙන ගමන් තිබ්බ ලේ ටික දැක්කත් එක්කම හිතට දැනුනු කම්පනෙන්...

"යනව අහකට...

සැර මූණක් දාලා කිව්ව එයා එහෙම්ම මගෙ අතකින් අල්ලලා මාව බලෙන්ම එහාට කරලා වොශ්රූම් එක පැත්තට ගියා
...

වොශ්රූම් එක ඇතුළට ගිය එයා ඩෝ එක වහන්න හැදුවා උනත් ඊට කලින් මන් ඉක්මන්ට වොශ්රූම් එක අස්සට පැනගත්තා...

"වට් ද😡...යනව දැම්ම එළියට මන් එළියට ඇදල දාන්න කලින්...

"‍යන්න තිබ්බා ඔයා මගෙ කවුරුත් නොවුනා නම්...ඒත් දැන්...දැන් ඔයා මටත් අයිතියි...ඒ නිසා ඔයා එළියට දාන්න හැදුවත් මන් මෙතනින් යන්නේ ඔයාගෙ තුවාලෙට බෙහෙත් දාන්න උදව් කළාට පස්සෙ විතරයි ජිමින්...

එයා දිහා රවලා බලලා කිව්ව මන් එයා හිතන්නත් කලින් ඉක්මන්ට අනිත්පැත්තට එයාගෙ තුවාල උනු අතේ නැතුව අනිත් අතේ තිබ්බ බෑග් එක අරන් සින්ක් එක ගාවට ඇවිත් ඒක ඇරියා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now