7🍇

472 86 13
                                    

මන් හන් ගග ගාවම තිබ්බ ෆෙන්ස් එක හරියට නොයා වෝකින්ග් පාත් එකේම චුට්ටක් නැවතුනේ හන් ගග ගාව බ්ලැක් කලර් ලොකු කැළෑ වුල්ෆ් කෙනෙක් තරම් ලොකු හස්කි බල්ලෙකුත් එක්ක හිටපු සම්පූර්ණයෙන්ම බ්ලැක් කලර් ට්‍රවුසර් එකකුයි බ්ලැක් කලර් ලොකු හූඩි එකකුයි ඇදන් බ්ලැක් කලර් කැප් එකකුත් දාන් හන් ගග දිහා බලන් ඉන්නව දැක්ක මනුස්සයා නිසා....

කොහොමත් කොරියාවෙ ගොඩක් අය ෆුල් බ්ලැක් කිට් ඇදලා බ්ලැක් කැප් දාන් ඉන්න එක නම් නෝර්මල් දෙයක් උනත් එයා ගාව හිටපු තඩිම තඩි බල්ලා නිසායි මන් චුට්ටක් නැවතිලා කල්පනා කළේ එතෙන්ට යනවද නැද්ද කියලා....

තත්පර කීපයක් බෙල්ලත් කහ කහ හන් ගග දිහයි අර බල්ලා දිහයි මාරුවෙන් මාරුවට බල බලා මොකක්ද කරන්නේ කියලා කල්පනා කරපු මන් අන්තිමට තීරණය කළා කමක් නෑ මාත් ෆෙන්ස් එක හරියට යනව කියල....

අවුලක් නෑ අර මනුස්සයා බල්ලගෙ බෙල්ලෙ තිබ්බ තඩි සිල්වර් කලර් වටේටම උල් උල් තිබ්බ කොලර් එකට දාලා තිබ්බ පටියෙන් අල්ලනුත්නේ ඉන්නේ....පැන්නත් ඒ මනුස්සයා ඒ නිසා ඒකෙන් අල්ලගන්නැතෑ🙃....

මන් එහෙම හිතලා ලොකුවට ඒ ගැන හිතන්න නොයා ඒ මනුස්සයා හිටපු තැනට ටිකක් එහාට වෙන්න ෆෙන්ස් ගාවින් ඇවිත් හිටගත්තා....

අනේ මන්දා මන් එතෙන්ට ආවත් අර බල්ලා නම් විනාඩියකටවත් බිරුවෙ නෑ....ඌ ඒ වෙනුවට මන් දිහා උඩ ඉදන් පහළට බලලා එතන ඉදන්ම චුට්ටක් ඉව අල්ලලා මගෙන් කිසි ප්‍රශ්නයක් නෑ කියන්න තහවුරු කරගෙන වගේ ආයෙත් හන් ගග දිහා බලාගත්තා....

වාව්....හොදට ප්‍රැක්ටිස් කරවපු බල්ලෙක් වගේ🙂....මොකද්ද දන්නෑ එයාගෙ නේම් එක....

ඒ බල්ලගෙ අමුතු ගාම්භීර පෙනුමටයි ලොකු පෙනුමටයි එයාගෙ තිබ්බ කැළෑ වුල්ෆ් කෙනෙක්ගේ වගේ සම්පූර්ණයෙන්ම බ්ලැක් කලර් ශයිනි පෙනුමටයි ආස හිතුනු නිසා ඒ කෙනාගෙන් බල්ල ගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න ආස හිතුනත් මන් ඒ ආසාව හිතේ හන්ගගෙනම හන් ගග දිහාට ඇස් යොමු කළා....

ටිකවෙලාවක් හන් ගග දිහා බලන් හිටපු මන් ගැස්සිලා වගේ පියවි සිහියට ආවේ අර මනුස්සයට කෝල් එකක් ආපු සද්දෙට....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now