41🍇

484 78 70
                                    

මෙයා මොකක්ද ඒ ගමන කරන්න හදන්නේ?...

මට හිතන්න උනේ එච්චරයි මන් ගාවට ගහගන්න වගේ ටයිප් එකෙන් ආපු එයා මගෙ අතේ තිබ්බ කොෆි එකත් උදුරලා වගේ අරන් අපි ගාව තිබ්බ යකඩ ටේබල් එක උඩින් තියලා අනිත් පැත්තට මාව කිසි බරක් නැති දෙයක් උස්සනවා වගේ ලේසියෙන්ම උස්සලා එයාගේ කොන්දේ තියාගත්ත විදිහට මට විනාඩියකට හුස්ම ගන්න එකත් අමතක උනාද කොහෙද...

"ය්...යා පාක් ජිමින් මාව බිමින් තියනවා මෝඩයෝ...

මන් කකුල් දෙකත් ගස ගසා කිව්වට එයා නෙවෙයි කනකටවත් ගත්තේ...ආයිශ් ඒ ගමන මෙයා මේ මාවත් කරේ තියන් කොහෙද අප්පා උස්සන් යන්නේ...

"යා ජිමින්...යා...කොහෙද මාව උස්සන් යන්නේ...

එයාගෙ උත්තරයක් නැති තැන පඩිපෙල් ටික බහින අස්සෙ මන් කෑ ගැහුවේ එයා දැන්වත් නවතී කියලා හිතලා...

ආයිශ් මේ නපුරා මට උත්තර දෙන්නැති හැටියක්...කටේ පිට්ටුද මන්දා...

එයාගෙන් උත්තරයක් නැති තැන මන් එයාගෙ තුවාල උනු පැත්තෙ නෙවෙයි මන් හිටපු පැත්තේ කොන්දටත් ගගහා කකුල් දෙක පුලුවන් තරම් ගසන්න ගත්තා...ඕ ගෝඩ් මේ මැට්ටා යකඩ කනවද මන්දා මන් කොච්චර දැගලුවත් මේ නපුරාට කිසි ගාණක් නෑනේ...ආයිශ් ඒ අස්සෙ මගෙ අත් දෙකයි බඩෙයි හැමතැනම මේ නපුරගෙ දාඩිය...මට ආයිත් පාරක් නම් වොශ් දාන්න වෙයි වගේ😒...

දගලලා දගලලා මට මහන්සි නිසා අන්තිමට මන් දගලන එක පැත්තක තියලා මහන්සි අරින්න ගත්තේ අපෙ බෙඩ් රූම් එකට ලන් වුනා කියලා තේරුනත් එක්කමයි...ශුවර් එකට දැන් මේ නපුරා තියන කේන්තියට මාව රූම් එකට දාලා ලොක් කරලා කී එකත් අරන් මේ මැට්ටා ආයිත් රූෆ්ටොප් එකට යයි...හහ් ඒවා කොහෙද මාත් එක්ක...ඉන්නකො හොද වැඩක් කරන්න🙃...

ඔන්න රූම් එකටත් ආවා...දැන් ඉතින් මාව බිමින් තියන්න හදයිනේ...

හිතුවත් වගේ රූම් එකේ බෙඩ් එක ගාවට ආපු එයා මාව බිමින් තියන්න හැදුවත් අනිත් පැත්තට මන් බදලා එයාගෙ බෙල්ලෙ එල්ලුනා...දැන් නම් නිකන් මන් අර ගස් වල එල්ලිලා ඉන්න මොකෙද්ද එකෙක් වගේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now