15🍇

431 69 17
                                    

බෙඩ් එකට වෙලා ස්ප්‍රයිට් එකකටයි පිට්සා එකකටත් වග කියන ගමන් ටීවී එකෙන් ඇනිමි එකක් බල බලා හිටපු මන් ගැස්සිලා ඩෝ එක දිහා බැලුවේ එකපාරටම කොහොමද ඩෝ එක ඇරුනෙ කියලා හිතාගන්න බැරුව....

"ය්....යා ඔන්නි ඔයා කොයිවෙලේද ආවේ....

දෙයියනේ දන්නෙත් නෑ අපෙ මැටි ඔන්නි ජැපෑන් වලින් ගෙදරත් ඇවිල්ලා🙂....මන් දන්නෙත් ඔන්නියා ඩෝ එකෙන් ඇතුළට සැපත් උනාට පස්සෙ....

මට අහලා ඉවර කරන්න උන්නෑ අපෙ මැටි ඔන්නියා වෙනද වගේම මගෙ පිට්සා එකට වැඩේ දෙන්නද කොහෙද බෙඩ් එකට පැනලා කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන මගෙ එහා පැත්තෙන් වාඩි උනා....

"යා මොකක්ද හලෝ බීෆ් එකක් ඕඩර් කරන්න එපෑ....අදත් චිකන් එකක්නේ😒....

කට ඇද කරලා පීට්සා එක දිහා බලන් කිව්වට මොකද ඔන්නියත් අනිත් පැත්තට පිට්සා එකෙන් කෑල්ලක් අරන් මගෙ එහා පැත්තෙන් පිලෝ එකක් හෙඩ්බෝඩ් එකට තියලා පිට්සා එකෙන් කෑල්ලක් කන ගමන්ම හෙඩ් බෝඩ් එකට හේත්තු උනා....

"යැයි යැයි තමයි....මේ එක නෙවෙයි කොයි වෙලේද ආවේ😒?....ඔයා එනව ඇහුනෙවත් නෑනේ🙄?....

"කොහෙ ඇහෙන්නද මන් එද්දි ඔයා පස්සත් උඩ දාගෙන නිදිනෙ🙂....මන් ඉතින් පස්සට එකක් ඇනලා ඇහැරවන්නත් හදලා ආයිත් ඉතින් පව්නෙ කියලා ගියා🙂....

"ආ ඒක මිසක්....ඒක නෙවෙයි කොහොමද ජැපෑන් බිස්නස් ට්‍රිප් එක....ඇග්‍රිමන්ට් එක සයින් කරගත්තද....

පිට්සා බොක්ස් එකෙන් තව පිට්සා එකක් අතට ගමන් මන් ඇහුවේ....

"ම්ම්....ඒ වැඩෙත් ශේප්😌....මිස්ට ජන්ග් ගොඩක් සතුටු උනා මගෙ ප්‍රොජෙක්ට් එක දැකලා....අපරාදෙ ඔයා ඉන්න තිබ්බේ....මිකෝ කාරයාගෙ කට ඇදේ ගිහින් තිබ්බේ මට මිස්ට ජන්ග් ප්‍රොජෙක්ට් එකේ වැඩේ බාරදෙද්දි😌😏....

ඔන්නියා කට කොනින් මුරණ්ඩු හිනාවක් දාලා කිව්ව විදිහටම මට තේරුනා මිකෝ කාරයාට මේ පාර තනි ඇහැට ඇඩෙන්න ඇති කියලා....

"මේ ඒක නෙවෙයි😌....

"ම්ම්?....

"මගෙ අනාගත බෑනා පොඩ්ඩත් ඔයත් එක්ක ජැපැන් හිටියානේහ්😌....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now