42🍇

525 65 28
                                    

එහෙම්ම අනිත් පැත්තට එයාගෙ අතින් අල්ලගත්ත මන් පුලුවන් උපරිම ශක්තිය දාලා එයාව බිමට ඇද්ද පාර එයා මගෙ එහා පැත්තට නොවැටී ඇවිත් කෙළින්ම වැටුනෙ මගෙ ඇගටමයි🫠...

"ආහ්හ්හ්හ්හ්...

ජිමින් මහ උරුග දැවැන්තයා වගේ මගෙ ඇග උඩටම වැටුන පාර මට හයියෙන් කෑ ගැස්සුනත් එක්ක...ඇයි ඉතින් එසේ මෙසේ බරක් කියලෑ...හොද වෙලාවට වැටෙද්දිම එයා සම්පූර්ණයෙන්ම මගෙ ඇගටම බර වෙන්න නොවැටී මගෙ උරහිස් දෙපැත්තෙන් බිමට අත තිබ්බ නිසා මන් යන්තම් බේරුනා....නැත්නම් ඉතින් මේ උරුග දැවැන්තයා නිසා මට දවස් ගාණක් මගෙ මුළු ඇගටම පත්තු බදින්න වෙනවා🥲...

ජිමින් වැටුනත් එක්කම අනිත් පැත්තට නැගිටින්නැතුවම මන් දිහා ගිනි පිටවෙන ඇස් වලින් බැලුවෙ හරියට මේකිව මන් බැදලා කනවද උයල කනවද වගේ බැල්මකින්...අනේ ඇත්තමයි ඒ බැල්මට නම් මටත් විනාඩියකට කෙළ ගුලියක්ම ගිලුනත් එක්ක...

"ජ්...ජිමින් එහාට වෙන්නකො ඔයා බරයි...

එයාගෙ ඇස් දිහා මෙහෙම ළගින්ම බලද්දි හාට් එකත් එක්කම අසූ හාරදාහට ගැහෙන්න ගත්ත නිසා මන් අපහසුවෙන් වගේ එයාගෙ ඇස් මගෑරලා එයාගෙ පපුවට අත තියලා එයාව එහාට කරන්න හදන ගමන් කිව්වා...

"එහාට වෙන්න නෙවෙයි තමුසෙව😡....

තරහින් පුපුර පුපුර එයා මොකක්දෝ දෙයක් කියන්න ගියත් ආයිත් කියන්න ගිය එකත් මගින් නවත්තලා ඇස් දෙකත් පියන් එයාවම කන්ට්‍රෝල් කරගන්න වගේ ලොකු හුස්මක් පහළ දැම්ම එයා ආයෙමත් ඇස් ඇරලා මගෙ දිහාට ඇයගෙ සුපුරුදු නපුරු බැල්ම දාලා මගෙ ඇගින් මෙහාට වෙලා නැගිට්ටා...හැබැයි මොකක්දෝ හේතුවකට වෙනද වගේ ලොකු නපුරුකමක් නම් ඒ ඇස් වල තිබ්බා මන් දැක්කෙ නෑ...අනේ මන්දා මන් දැක්ක හැටිද කියලා...එයාගෙ නපුරුකම වෙනදට වඩා ගොඩක් අඩුවෙන් අද මට දැනුනෙ...අද විතරක් නෙවෙයි මේ ටිකේම එයා මාත් එක්ක වෙනද වගේම අගේන්ස් එකෙන් හිටියත් එයාගෙ නපුරුකම් ඉස්සෙල්ලාට වඩා ටිකක් අඩුවෙලා වගේ මට දැනුනේ...ඒක හරි වෙනස්...මොකද අපි හම්බුනු මුල් කාලේ එයා මීට වඩා ගොඩක් නපුරුයි...ඒත් දැන්...දැන් එයාගෙ නපුරුකමේ මොකක්දෝ වෙනසක් තියනවා...හරියට එයාගෙ නපුරුකම ඉස්සෙල්ලට වඩා සොෆ්ට් වෙලා වගේ කියලමයි මට හිතෙන්නේ...ඊට වඩා එයා මුල් කාලේ වචනයක් කතා කළේ නැති තරම්...ඒත් දැන්...දැන් එයා නපුරුකමේම උනත් ඉස්සරටත් වඩා කතා කරනවත් එක්ක...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now