43🍇

453 72 30
                                    

ඩෝ එකට තට්ටු කරනව ඇහුනු පාර ජිමින් ගිහින් ඩෝ එක ඇරියා...

ආ මේ ජිමින්ගෙ බොඩිගාඩ් කෙනෙක්නෙ...ඒත් මේ රෑ මොකෝ දන්නෑ🙄...

මන් හිතින් හිත හිතම බෙල්ලත් කහ කහ ඒ දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ හිතට දැනුනු කුතුහලේට...

අනේ මන්දා ඒ බොඩිගාඩ් ජිමින්ගෙ කනට කරල මොකක්දෝ දෙයක් කිව්වා...ඒක කිව්වත් එක්කම අනිත් පැත්තට ජිමින්ගෙ මූණ අවුල් ගියේ මන් බලා ඉද්දිමයි...

දෙයියනේ මේ රෑ මොකක් හරි ප්‍රශ්නයක්වත්ද?...

මන් හිතින් හිත හිතම පෙරවගත්ත ඩුවට් එකත් ඇගෙන් එහාට කරලා නැගිටලා බෙඩ් එකෙන් එරමිණියා ගොතාගෙන වාඩි උනා...

කොහොමහරි මන් ඉදගත්තත් එක්කම අනිත් පැත්තට වගේ ජිමින් ඒ බොඩිගාඩ්ව යවලා ඩෝ එකත් වහලා සෝෆා එකෙන් වාඩිවෙලා නිකටත් අත ගගා ලොකු බැරෑරුම් මූඩ් එකකුත් දාගෙන කල්පනා කරන්න ගත්තා...

ඇත්තම කිව්වොත් මන් ගාවත් දැකල තිබ්බෙ නෑ ජිමින් මේ විදිහෙ මූඩ් එකක ඉන්නව...එක කකුලකුත් වේගෙන් හොල්ල හොල්ල නිකටත් ඇගිල්ලකින් අත ගගා මොනවදෝ ලොකු කල්පනාවක හිටපු ජිමින්ගෙ මූණෙ තිබ්බෙ ඒ තරම් අමුතුම ලුක් එකක්...එයා මේ වෙලාවෙ ඉන්නෙ තරහින්ද,කේන්තියෙන්ද,මොකක්හරි ප්‍රෙශර් එකකද ඒ කිසි දෙයක් මට ඒ මූණින් හොයාගන්නවත් බැරි උනෙ එයා හිටියේ ඒ තරන් වෙනස්ම මූඩ් එකක නිසා...එයාගෙ මේ අමුතුම හැසිරීම නිසා මන් කෝකටත් කියලා එයාට කතා කරන්න ඕනි කියලා හිතාගත්තා...

බැන්නත් කමක් අහලම බලමුකො🫠...නැත්නම් මට කුතුහලේ වැඩිකමට අද රෑට නින්ද යනකනුත් නෑ🥹...

"ජිමින්🙄?...

මන් කතා කළත් මන් හිතන්නෑ එයාට ඒක ඇහුන නම් කියලා...මොකද එයා හිටියෙ ඒ තරමටම වෙනම සිහියක...

"ජිමින්!!...

බැරිම තැන මන් ටිකක් හයියෙන් එයාට කතා කළා...

ඔන්න මන් ඒ කතා කරපු පාර තමයි ජිමින් පියවිසිහියට ආවෙත් මන් හිතන්නේ...එයා ගැස්සිලා වගේ මන් දිහා බලපු විදිහටම මට තේරුනා...

"වේ?...

එයා ඒක ඇහුවේ වෙනද වගේ සැරෙන් එහෙම නෙවෙයි...එයා නෝර්මල් විදිහට ඒක ඇහුවේ...මට මොහොතකට පුදුමත් හිතුනා ජිමින් ඇයි එකපාරටම කවදාවත් නැතුව මේ වගේ හොදින් කතා කළෙ කියලා...දෙයියනේ බැරිවෙලාවත් ජිමින් මන් වොශ්රූම් එකේ හිටපු ටිකට ඔලුව කොහෙහරිවත් වද්දගෙනද😐...ඒත් ඒක වෙන්නත් බෑනේ මේ නපුරු පාත්තයා මේ දැන් ටිකකට කලින් වෙනකනුත් යස අගේට මාත් එක්ක පුපුර හිටියනේ🙄...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now