50🍇

496 87 57
                                    

රූම් එකට ආවත් හරි අනිත් පැත්තට දරාගත නොහැකි වොශ්රූම් යෑමේ අවශ්‍යතාවක් ඇති උනු නිසා මන් ජිමින් රූම් එකේ කොහෙදවත් ඉන්නෙ කියලා බලන්නැතුවම බෑග් එකත් සෝෆා එකට විසික් කරලා අනිත් පැත්තට වොශ්රූම් එකේ ඩෝ එක ඇරියේ ඉක්මන්ට වැඩේ කරගන්න හිතාගෙන උනත් මන් විනාඩියකට එකතැන ෆ්‍රීස් වෙලා ගියේ උඩ ශර්ට් එක ගළවලා ට්‍රවුසර් එකේ බටන් එක ගළවන්න හදන ගමන් හිටපු ජිමින්ව දැක්කත් එක්කමයි...

දෙයියනේ මාත් මොන සිහියෙන් ඩෝ එක ඇරියද මන්දා...දැනුනු ලැජ්ජාවට අනිත් පැත්තට හැරුනු මන් වොශ්රූම් එකෙන් එළියට දුවන්න හැදුවත් තිබ්බ කළබලේ වැඩිකමට මගෙ නළල ඩෝන් ගාලා ඩෝ එකේ වැදුනු පාරට නම් මට හික් ගෑවුනත් එක්ක...ඒ තරම් සනීපයක් මගෙ නළලට දැනුනෙ🥲...

"ආයිශ් තමුසෙත් කොයිවෙලේ බැලුවත් මොකකහරි වද්දගන්නව හරි ඇදගෙන වැටෙනව හරි😑...

නළලත් අල්ලන් අඩියක් පස්සට උනු මන් ගැස්සිලා ගියේ මගෙ ළගින්ම ඇහුනු ජිමින්ගෙ කටහඩට...

"කො පහළට දානවා අත...

නෝක්කාඩුවෙන් වගේ කිව්ව එයා බලෙන්ම වගේ මගෙ අතත් පහළට දම්මලා මගෙ නළල දිහා හොදට බැලුවා...

මට නම් ඇඩෙන්න වගේ ඒ අස්සෙ ඇයි ඉතින් එසේමෙසේ පාරකුත් නෙවෙයිනෙ වැදුනෙ...දඩාන් ගාලමනෙ වැදුනෙ🥹...

ඒ අස්සෙ මේ මැට්ටා ශර්ට් එකක් නැතුවත් ඉන්නෙත්🥹...මට දැන් ඇඩෙන එක කෙසේ වෙතත් මගෙ කම්මුල් දෙක රතුවෙනව කියන එක නම් හොදටම ශුවර්...

"බලනවා රතු වෙලත් එක්ක...තමුසෙත් සකබඹරෙ වගේනේ ගියේ...වදින්නැතුව තියේයෑ ඉතින්...

අනේ ඇත්තමයි ඒ අස්සෙ මේ මැට්ටා පණ්ඩිතයා වගේ කියවනවා...අනේ ඇත්තමයි දැන් නම් නළලින්ම එකක් දෙන්න හිතයි මේ මැට්ටගෙ නිකටට හික් ගෑවෙන්නම😒...ඇයි අෆ්ෆා...හිතල වද්දගත්තෑ මන්...

"අනේ මේ මන් සකබඹරෙ වගේ කැරකුන එකක් නෑ...මන් යනවා😒..

රිදෙන එකත් මොහොතකට අමතක කරලා එයාට රැවිල්ලක් දාලා කිව්ව මන් හැදුවෙ එතනින් එන්න උනත් මේ මැට්ටා මගෙ අතින් අල්ලන් ඇද්ද පාරට මන් ආයිත්  එයාගෙ ඉස්සරහට ඇදිල ආවා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now