27🍇

406 66 17
                                    

"ජිමින්?...

"ඔප්පා?...

ඩෝ එකත් ඇරන් ඇතුළට ආපු ජිමින්ව දැක්කා විතරයි මායි ජියයි දෙන්නම කිව්වේ එකටම වගේ...

"වේ?...

ඩෝන්ට් කෙයා හඩකින් ජියා දිහා බලල ඇහුව එයා එයා අතේ තිබ්බ ෆෝන් එක කොෆි ටේබල් එක උඩින් තිබ්බා...

"එතකොට ඔප්පා කවුද අර ගියේ🙄 ?...මන් හිතුවා ඔප්පා යන්නැත්තෙ කියලා...

මගෙ හිතේ තිබ්බ ප්‍රශ්නෙම ජියා අහපු නිසා මාත් හෙන කුතුහලෙන් ජිමින් දිහා බලාගෙනම බෙඩ් එකෙන් බැස්සා...

"ඒ පොඩි වැඩකට රෙෆඩ් එහෙම ගියේ...

ජියා දිහා නොබලම එයා කිව්වේ අතේ තිබ්බ බ්‍රේස්ලට් එක ගළවලා මිරර් ටේබල් එකේ ඩ්‍රෝවර් එකකට දාන ගමන්...

හැබැයි එයා ජියා එක්ක කතා කරද්දි නම් මට වගේ නෙවෙයි ටිකක් හොදින් කතා කළා....වැඩිය සොෆ්ට් විදිහටත් නෙවෙයි..ඒත් ඒ කටහඩේ කිසි නපුරුකමක් කේන්තියක් තිබ්බෙ නෑ...මට මොහොතකට පුදුමත් හිතුනා ජිමින්ට මේ විදිහට කතා කරන්නත් පුලුවන්ද කියලා
...ඇයි ඉතින් මේ නපුරා මාත් එක්ක නම් ගහන්න වගේනේ කතාව😒...

"ආ ඒක තමයි...ඔප්පා මන් මේ ආවෙ ඔයාලට කන්න කතා කරන්න...එහෙනම් ඔප්පත් ආපු එකේ දෙන්නා එකටම එන්නකො😁😌...

ජිමින් ෆෝන් එක අරන් සෝෆා එකෙන් වාඩිවෙන අතරෙ මන් දිහා බලලා ඇහැක් ගහලා පැණි හිනාවක් දාලා කිව්ව ජියා අපි මුකුත් කියන්නත් කලින් අඩියට දෙකට රූම් එකෙ ඩෝ එකත් වහන් රූම් එකෙන් එළියට ගියා...

අනේ ඇත්තමයි මේ ජියා නම්🥲...ලැජ්ජාව බාල්දියෙන් එකයි...කවුද ඉතින් හිතුවෙ ඇරේන්ජ් මැරේජ් ff කියො කියො හිනාවෙවී හිටපු යාලුවගෙම ඔප්පව මැරි කරන්න වෙයි කියලා...දැන් ඉතින් මේ මැට්ටි හෙට ඉදන් මාව හොදට බයිට් කරයි🥲...

"ඇයි කන්න යන්න අදහසක් නැද්ද මිස්ට පාක්ට😒...

සෝෆා එකේ කකුලක් පිට කකුලක් දාන් ඉදගෙන ෆෝන් එකේ ඇස් ඔබන් හිටපු එයා දිහාට නෝක්කාඩු බැල්මක් දාන ගමන් කියපු මන් ආපිට එයා මොකුත් කියන්නෑ කියල දන්න නිසාම එහෙම්ම මූණ හෝදගන්න කියල හිතන් වොශ්රූම් එකට ආවා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now