40🍇

557 79 50
                                    

එහෙම්ම මගෙ බෙල්ල ගාවට මූණ ලන් කරපු එයා මගෙ බෙල්ලෙ සුවද බලලා ඉවරවෙලා එයාගෙ ඇස් වලට වැටිල තිබ්බ බ්ලැක් කලර් තෙත කොන්ඩ ගස් අතරින්ම මගෙ දිහා ඇස් උස්සලා බලලා කට කොනින් නෝන්ඩි හිනාවකුත් දාලා බෙඩ් මෙහාට වෙලා හිටගත්තා...

"තමුසෙ ඒ ගමන හොරෙන් මගෙ පර්ෆියුමුත් ගාන්න පටන්ගත්තද...

එයා ඇහුවෙ ඉස්සෙල්ල වගේම කට කොනින් නෝන්ඩි හිනාවකුත් දාගෙන...

ඔන්න එයා කතා කළත් එක්කම තමයි මෙච්චර වෙලා ෆ්‍රීස් වෙලා ගිහින් හිටපු මන් පියවි සිහියට ආවෙත්...ඒ අස්සෙ මගෙ අතේ තිබ්බ ෆෝන් එකත් මගෙ උකුළට වැටිලා මන් දන්නෙත් නෑ...ඒ අස්සෙ අනිත් පැත්තෙන් එයා ටවල් එක විතරක් පිටින් අත් දෙකත් පපුවට කරල බැදන් මගෙන් උත්තරේ දැනගන්න බලන් මන් දිහා බලන් ඉන්නවා...ඒ අස්සෙ එයාගෙ ගාවින් එන ෆ්‍රෙශ් පෙපමින්ට් සුවද මාව තවත් පිස්සු වට්ටනවා දෙයියනේ...ප්...පොඩ්ඩක් ඉන්න ම්... මේ පෙපමින්ට් සුවදම නේද ඊයෙ රෑ මට එයාගෙන් වෝම් වැනිලා සුවද එක්ක මික්ස් වෙලා ආවේ...

ඒක මීටර් උනත් එක්කම මන් ඇස් දෙකත් කටේ දාගෙන එයා දිහා බැලුවේ හාට් එකත් එකසිය ගාන්ට ගැහෙන අස්සෙ...

"ඔ...ඔයා බැරිවෙලාවත් ඊයෙ රෑ පෙපමින්ට් සුවද තියන මොනවහරි දෙයක් ගාලාද හිටියේ...

හිත ඇතුළින් දාහක් ප්‍රහේලිකා ඇදෙද්දි මන් එයා දිහා බලාගෙනම ඇහුවා...

"වට්?....පෙපමින්ට්?...ඇයි තමුසෙ එහෙම අහන්නේ...

එයා ඇහුවේ එයාගෙ නපුරු ඇස් වලින් මගෙ දිහා සැකෙන් වගේ බලන ගමන්...

ආයිශ් මන් මේ  ප්‍රශ්නෙට උත්තර හොයාගන්න බැරුව ඉන්නවා...ඒ අස්සෙ මේ නපුරා තව ප්‍රශ්න අහනවා...

"අයියෝ අහපු දේට උත්තර දෙන්නකො ජිමින්...මන් මේ සීරියස්ලි අහන්නෙ...

මගෙ අතෙ තිබ්බ ෆෝන් එකත් බෙඩ් එකේ එහා පැත්තෙන් තිබ්බ මන් ඇහුවේ සම්පූර්ණයෙන්ම එයාගෙ පැත්තට හැරෙන ගමන්...

"ඔය ඔයා ඒක අදත් ගාලා...බැරිවෙලාවත් ඔයා පෙපමින්ට් සුවද ශැම්පු එකක්ද ගාන්නෙ...

මන් ඇහුවේ බෙඩ් එකේ ඉදන්ම එයාගෙ දිහාට නහය උස්සලා බල්ලෙක් වගේ සුවද අහන ගමන්...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now