1🍇

1.2K 98 10
                                    

විටින් විට අහසින් පොළවට පතිතවන වැහි බින්දු කැළෑවෙ තිබ්බ ගස් කොළන් තෙත් කරගෙනම බිමට පතිතවෙන දිහා අඩවන් ඇස් වලින් ජිමින් හිටපු බ්ලැක් කලර් මර්සිඩීස් බෙන්ස් එකේ වින්ඩෝ එකෙන් බලන් හිටියේ කිසිම හැගිමක් ගැබ් නොවුනු සීතල බැල්මකින්....ජිමින්ගෙ අතේ දුම් දමන ගමන් තිබ්බ සිගරට් එක විටින් විට කටට ගත්තු ජිමින් තමන්ගෙ කටින් ඒ සිගරට් කැබැල්ලේ දුම් රෑ අදුර නිසා අදුරු බවක් ගත්ත කැළෑ රොද දිහා බලන් පිටකළෙත් කිසිම හැගීමක් නැති සීතල හැගීමකින්....

බෙන්ස් එකේ ඉස්සරහ තිබ්බ වැස්ස නිසා තෙත් බවක් රැදුනු කෙටි පාරෙන් ජිමින්ගෙ මැරයොන්ගෙන් ගුටි කන ගමන් හිටපු පුද්ගලයගෙන් විටින් විට ඇහුනු අදෝනාව කොතරම් උවත් ජිමින්ගෙ හදවත ඒ වේදනාත්මක අදෝනාවට විනාඩියකටවත් උණු උනේ තියා ජිමින් ඒ පුද්ගලයාගෙ අදෝනාව විනාඩියකටවත් ගණන් ගත්තෙවත් නැති තරම්....

"බොස් වැඩේ හරි....මිනිහාගෙ වැඩේ ඉවරයක් කළා අපි....

බෙන්ස් එකේ එළියෙන් යාන්තමට එළියවෙලා තිබ්බ අදුරු කැළෑ රොද දිහා බලන් සිගරට් දුම් වලාවක් පිට කරන ගමන් හිටපු ජිමින් පියවි සිහියට ආවේ ජිමින්ගෙ එක මැරයෙක් ජිමින් ගාවට ඇවිත් කතා කරපු සද්දෙට....

"කොහෙටද ගිහින් දැම්මෙ....

එහෙම්ම කටට ගත්ත සිගරට් එක කැළෑව පැත්තට විසික් කරපු ජිමින් කිසිම උණුසුමක් නැති රළු හඩකින් ඇහුවේ ආයෙමත් සැරයක් ශීට් එකට හේත්තුවෙන ගමන්....

"කැළෑවෙ පහළ තියන ගල් ගුහාවක් ඇතුළට ගිහින් දැම්මෙ බොස්....

"ගුඩ්....කට්ටියට දැන් එන්න කියපන් එහෙනන්....

"ඕකේ බොස්....

ඒ මැරයා එතනින් ගියත් එක්කම බෙන්ස් එකේ වින්ඩෝ එක උඩට කරපු ජිමින් ශීට් එකට ඔලුව බරකරන් ඇස් දෙක පියාගත්තේ නපුරු සෙල්ලක්කාර හිනාවකුත් කට කොනකින් දානගමන්මයි....
.













.












.
"චූටි බේබි....

තමන්ගෙ කින්ග් සයිස් ලක්සරි බෙඩ් එකේ කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන වාඩිවෙලා තමන්ගෙ අතේ තිබ්බ සිල්වර් ඝන බ්‍රේස්ලට් එක දිහා බලන් කල්පනාවක හිටපු යෝරා පියවි සිහියට ආවේ යෝරාගේ රූම් එකේ ඩෝ එක එහාපැත්තෙන් ඇහුනු අජුම්මාගෙ කටහඩට....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now