38🍇

455 69 35
                                    

චොප්ස්ටික් දෙක අතරට ගත්ත පෝක් කට්ලට් කෑලි තුනත් එක්ක මන් අඩියට දෙකට එයා ගාවට ආවා...

"මොකෝ...

එයා මගෙ දිහාට මූණ උස්සල ඇහුවත් එක්කම අනිත් පැත්තට මන් ජබස් ගාලා එයාගෙ කටේ මන් අරන් ආපු පෝක් කට්ලට් තුන එබුවා...

හම්නේ දැන් ඉන්නෙ ඌරෙක් ගිලලා වගේ...කටේ ඉඩත් මදිද මන්දා මන් එහෙම්ම එබුවට😗...

"ම්බ්භ්ඩ්ග්ජ්ක්ම්න්ම්....

පෝක් කට්ලට් තුනත් කටේ පුරෝගෙන ගිනි පිටවෙන ඇස් වලින් එයා මොකක්දෝ කිව්වත් මට නම් එයා කිව්ව වචනයක්වත් හරියට තේරුන්නෑ...නිකන් ඣර ඣුරු ගානවා විතරයි මට ඇහුනෙ...

"තේරුනෙ නම් නෑ ජිමින්...කමක් නෑ ඕක කාලා මන් කාලා ඉවරවෙනකන් කට පියන් ඉන්නකො හොදේ...

එයාගේ පෝක් කට්ලට් තුන නිසා පිම්බිලා තිබ්බ කම්මුලකටත් හීනියට තට්ටුවක් දාලා කට කොනින් කින්ඩියට හිනාවකුත් දාලා කිව්ව මන් ආයෙමත් සැරයක් ඇවිත් සෝෆා එකෙන් වාඩිවෙලා මගෙ කෑම ටිකට වැඩේ දෙන්න ගත්තා...

මන් ඉදගත්තා විතරයි අනිත් පැත්තට මගෙ වෙලාවෙ හොදකමටමද කොහෙද ජිමින්ට කෝල් එකක් ආවා...ඒත් එක්කම මන් එයාගෙ කටේ එබුව පෝක් කට්ලට් ටිකත් අමාරුවෙන් වික විකම මගෙ දිහාට තමුසෙව මන් පස්සෙ අල්ලගන්නම්කො කියන්න වගේ ගින්දර පිටවෙන බැල්මක් මන් දිහාට දාපු එයා ෆෝන් එකත් උස්සන් බැල්කනි එක පැත්තට ගියා...

කෝකටත් කෑම ටික කාලා ජියාගෙ රූම් එකට සේන්දු උනොත් හොදයි වගේ...කෝකටත් ඉතින් පෙර සූදානම හොදයි කියනවනේ😗...

හිතින් හිතුව මන් ඉක්මන්ට මගෙ අනිත් කෑම ටිකටත් වැඩේ දෙන්න ගත්තා...
.







.










.
කෑම කාලා ඉවර උනත් ජිමින් තාම රූම් එකට ආවෙත් නැති නිසා බ්‍රෙක්ෆස්ට් එක අස් කරන් යන්න කියලා රූම් සර්විස් එකට කෝල් එකක් දීලා කිව්ව මන් අනිත් පැත්තට හැදුවෙ ජියාගෙ රූම් එකට යන්න උනත් එකපාරටම කවුදෝ රූම් බෙල් එක රින්ග් කරපු නිසා මන් බෙල්ලත් අත ගගා ඩෝ එක දිහාට ඇස් යැව්වේ මේ වෙලාවෙ කවුද කියල හිත හිත...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now