51🍇

561 91 37
                                    

අයියෝ ඉතින් ඕකනෙ බැරි...හරි හරි මන් මේකෙම නිදාගන්නම්😒...

මූණත් චුරු කරන් කිව්ව මන් හැදුවෙ ආයිත් බෙඩ් එකට යන්න උනත්... ජිමින් මගෙ අතින් අල්ලගත්තු නිසා මන් එයා දිහාට හැරෙන්න හදද්දිම එයා මගෙ අතින් ඇද්ද පාර මාව තව පොඩ්ඩෙන් මන් එයාගෙ ඇගේ...හොද වෙලාවට එයාගෙ අතින් අදින පුරුද්ද මට හුරු නිසා මන් මගෙ මස්කල් මෙමරි එකට පින්සිද්ධ වෙන්න යන්තම් එයාගෙ ඇගේ නොවැදී මෙහාට උනා...

"මොකද කරන්නෙ අත අතාරින්නකො ...ඔය රිදෙනව අනෙ...

මන් එයාගෙ අතින් අතෑරවගන්න හදන ගමන් කිව්වට එයා නෙවෙයි විනාඩියකටවත් මගෙ අත අතෑරියේ...ඒ වෙනුවට තව ටිකක් මගෙ අත තද කරල අල්ලගත්තත් කොහෙද මෙයා...

"මගෙ තරහ අවුස්සන්නැතුව මන් ඇහුව දේට උත්තර දෙනව යෝරා...

එයා කිව්වේ ටිකක් කේන්තියෙනුත් වගේ...

"එහෙම මුකුත් හින්දා නෙවෙයි අනේ...මන් නික...

"මගෙ ඉස්සරහ බොරු කියන්න ලෑස්ති වෙන්න එපා යෝරා😑...කෙළින්ම කියනව තමුසෙට මාත් එක්ක මේ රූම් එකෙ ඉන්න බැරි නම්...

"අයියෝ එහෙම එකක් නෙවෙයි ජිමින්...මට...මට මේ...අද...අද පොඩ්ඩක් ආයිශ් මන් ඒක ඔයාට කොහොමද කියන්නෙ දෙයියනේ...

එයාගෙ අත ගසල දාලා කිව්ව මන් බෙඩ් එකට එන්න ආපිට හැරුනත් ඒ විනාඩියට එයා මගෙ ඉස්සරහට ආපු විදිහට තව පොඩ්ඩෙන් මාව ආපස්සට වැටෙනවත් එක්ක...

"ම්...මොකක්ද කරන්නේ?...

"ඔව්...කියනවා...මොකක්ද කියන්න ගිය දේ..ඒක කියනවා...

ආයිශ් මෙයත් අතාරින්නෑ වගේ අද නම්🥲😭...දැන් මොකක්ද දෙයියනෙ මන් මෙයාට කියන්නේ😭...

"ම්..මේ...හරි හරි අනේ කියන්නම්..මට අද බියර් එකක් බොන්න ඕනි වගේ හිතුනා...ඔයා දන්නැති උනාට බියර් බිව්වම මන් ගොඩක් කියවනවා...ඉතින් මන් දැන් බියර් බීලා රෑ තිස්සෙ කියවන්න ගත්තොත් ඔයාට නින්දකුත් නෑනෙ...ඉතින් ඒකයි මන් අරහෙම ඇහුවේ🙃...කෝ ඉතින් ඔයත් එක්ක බෑනෙ😒...

යන්තම් ඔලුවට ආපු බොරුවකුත් ගොතාගෙන කියාගත්තු මන් එයාට රැවිල්ලකුත් දාලා ගස්සගෙනම ඇවිත් කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන අත් දෙකත් පපුවට කරල බැදන් බෙඩ් එකෙන් වාඩි වුනා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now