44🍇

518 75 23
                                    

එකපාරටම එයා කරපු මන් මොහොතකටවත් හිතල තිබ්බෙ නැති දේ නිසා මන් ජිමින් මාව බදාගත්ත විදිහට එහෙම්ම හෙලෙන්නෙවත් නැතුව විනාඩියක් විතර යනකන් එහෙම්ම හිටියේ මන් හිටියේ ඒ තරම් කම්පනේකින් නිසා...

"ජ්...ජිමින්...

යන්තම් කතා කරගන්න පුලුවන් මට්ටමට මාවම සන්සුන් කරගත්ත මන් හිමින් මිමිණුවේ හාට් එකත් එක්කම එකසිය ගාන්ට ගැහෙන අස්සෙ...

ඒත් එයා මට උත්තරයක් දෙනව වෙනුවට කළේ මාව තව ටිකක් තද කරල බදාගත්ත එක...දෙයියනේ ම්...මේ මොකද...ජ්...ජිමින් කවදාවත් නැතුව ඇයි මෙහෙම හැසිරෙන්නේ...බැරිවෙලාවත් එයා මොකක් හරි කියාගන්න බැරි අපහසුවකින් වත්ද ඉන්නේ...

ඒක හිතුනත් එක්ක මන් මගෙ එක අතක් එයාගෙ පිට දිගේ හිමීට උඩ පහළ අරන් යන ගමන් අනිත් අතින් එයාගෙ ඔලුවෙ කෙස් අතර සිනිදුවට පිරිමදින්න ගත්තා...

"ජිමින් ආ යූ ඕකේ?...ඔයාට ප්‍රශ්නයක් නම් ප්ලීස් හිතේ හිර කරන් ඉන්න එපා කියන්න...දැන් ඔයා ඉස්සෙල්ල වගේ හැමදේම තනියෙන් දරාගන්න ඕනි නෑනෙ ම්ම්... ඔයාට දැන් මන් ඉන්නවනේ...

එයාගෙ සිනිදු ශයිනි බ්ලැක් කලර් කෙස් අතර සිනිදුවට අත අරන් යන ගමන් මන් පොඩි බබෙක්ට කියන්න වගේ හරි සොෆ්ට් විදිහට කිව්වා...මොකද මට ඕනි උනේ වචනෙකින් හරි මේ වෙලාවෙ ජිමින්ගෙ හිතේ තියන බර ටිකක් හරි අඩු කරන්න...

ඒත් එයා මුකුත් කිව්වෙ නම් නෑ මගෙ උරහිස අස්සෙ මූණ තියන් හිටියා මිසක්...ඒත් එයා හුස්ම ගත්තෙ නම් සාමාන්‍ය ප්‍රමාණෙට වඩා වැඩි වේගෙකින්...හරියට මොනවහරි ලොකු හිතේ බරක් එයා කන්ට්‍රෝල් කරගන්න උත්සහ කරනව වගේ දැනුනෙ මට...අනේ ඇත්තටම ජිමින් මොකක්ද මේ ඉන්නෙ ප්‍රශ්නෙ...බැරිවෙලාවත් අන්ඩර්වර්ල්ඩ් එකේ ලොකු ප්‍රශ්නයක් වෙලාවත්ද?...

මන් හිතින් හිත හිතම නවත්තන්නැතුවම එයාගෙ සිනිදු කොන්ඩෙ අතර සිනිදුවට අත අරන් ගියේ එයාව පොඩ්ඩක් හරි සන්සුන් කරවගන්න ඕනි උනු නිසා...

"ජිමින්...ඇයි කතා කරන්නැත්තෙ...මොකක්ද ප්‍රශ්නෙ ජිමින් ම්ම්...මොකක් හරි අන්ඩවර්ලඩ් එකේ ප්‍රශ්නයක්ද?...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now