36🍇

417 65 46
                                    

"ඇයි ඔයා මේ වගේ කරදරේක පැටලුනේ යෝරා?...ආ ...වේ?...

එයා ඇහුවේ සැර හඩකින් නොවුනත් ඒ කටහඩේ යම්තාක් දුරක කේන්තියකුත් රැදිලා තිබ්බා කියලා මට හොදටම දැනුනා...

"ම්...ම්වෝ?...මොකක් ගැනද ඔයා මේ කියන්නේ ජිමින්...

එකපාරටම එයා ඒ කිව්වේ මොකක්ද කියලා හිතාගන්න බැරි උනු නිසා මන් ඇස් වල පිරිල තිබ්බ කදුලු එක අතකින් පීදගන්න ගමන්ම ඇහුවේ අපහසු උනත් පුලුවන් තරම් ඉකි නොගහ ඉන්න උත්සහ කරන ගමන්...

"මේ හැමදේම ඔයා නිසා යෝරා...ඔයාගෙ අකමැත්තෙන්ම මන් ඔයාව මැරි කරපු එක...ඔයා ඔයාගෙ පවුලෙ අයගෙන් වෙන්වෙලා ඉන්න උනු එක...ඔයාගෙ නිදහස නැති උනු එක...මේ හැමදේම...මේ හැමදේම ඔයාමයි කරගත්තේ යෝරා...

එයා කිව්වේ කේන්තියෙන් වේගෙන් හුස්ම පිටකරන ගමන්මයි...ඒ ඇස් උනත් මොකක්දෝ පීඩනේකින් ගැහෙන ගමන් තිබ්බේ...

"ම්...මොකක්ද?...මොකක්ද ඔයා මේ කියවන්නේ...

"කියවන්නෙ...කියවන්නෙ ඇත්ත යෝරා...දන්නවද මන් ඇයි හදිසියේම ඔයාට ප්‍රපෝස් කරලා ඔයාගෙ කැමැත්ත අහන්නැතුවම ඔයාව මැරි කළේ කියල ආ...

"අ...අනී...

ඉකියක් අස්සෙන්ම මන් කිව්වේ මොකක්දෝ හේතුවකට හාට් එකත් එක්කම එකසිය ගාන්ට ගැහෙන්න ගද්දි...

"මට තමුසෙව බේරගන්න තිබ්බ එකම ක්‍රමේ ඒක විතරක් උනු නිසා යෝරා...නැතුව තමුසෙට ඇති කැමැත්තකට කියලද තමුසෙ හිතුවෙ ආ...හහ්...මේ මන්...ඉන් යුවර් ඩ්‍රීමස්...

කට කොනින් නපුරු හිනාවක් දාලා කිව්ව එයා මගෙ ඇස් දිහා සීරියස් නපුරුකමින් පිරුණු බැල්මකින් බැලුවේ එයා කියපු දේට මගේ රිඇක්ශන් එක බලාගන්න වගේ...

ද්...දෙයියනේ මේ මොකක්ද ජිමින් කියවන්නේ ඒ ගමන...එ...එතකොට එ...එයා මාව මැරි කරල තියෙන්නේ ආදරේකට නෙවෙයිද...එතකොට...එතකොට මොකකින් බේරගන්නද එයා මාව මැරි කරලා තියෙන්නේ...

දහසක් ප්‍රශ්න හිත අස්සෙ කැලැත්තෙත්දි මන් එයාගෙ ඇස් දිහා එක එල්ලේ බැලුවේ මොකක්දෝ හේතුවකට මගෙ හාට් එකත් එක්කම හිරිවැටීගෙන යනව වගේ දැනෙද්දි...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now