48🍇

485 87 31
                                    

ඇස් ඇරියත් එක්කම එකපාරටම එයාගෙ මූණ දකිද්දි මට නිකන් දැනුනෙ මගෙ මුළු ඇගම එකම වෙලාවක හිරිවැටීගෙන යනව වගේ...එයා උනත් මගෙ දිහා බලන් හිටියෙ හරියට උපරිමේටම කන්ෆියුස් උනු බැල්මකින්...

මන් හරි නම් එයාගෙන් මෙහාට වෙන්න ඕනි කියල තේරුනත් මට අඩුගානේ කකුලක් හොලවගන්න පුලුවන් තත්වෙක නෙවෙයි මන් හිටියේ...මොකද මන් ඒ තරමට ලොකු කම්පනේකින් ගැහෙන ගමන් හිටියේ...

"ජ්...ජිමින්...

හිතේ කොච්චර දුකක් කේන්තියක් තිබ්බත් මගෙ ඇස් වලට යොමුවෙලා තිබ්බ එයාගෙ ඇස් දෙක දැක්කත් එක්කම මට නිකන්ම මිමිණුනේ මගෙ ඇස් දෙකත් එක්කම තෙත් වෙන්න ගන්නව දැනෙද්දි...මන් එයාගෙ නම කියද්දි මොකක්දෝ හේතුවකට එයාගෙ ඇසුත් ගැස්සුනා මන් බලාගෙන...

මට කියල කට ගන්න උන්නෑ එයා අනිත් පැත්තට මගෙ ඉන අතෑරලා මගෙන් එහාට උනු නිසා මාත් ඉක්මන්ට ඇස් වල පිරෙන ගමන් තිබ්බ කදුලු ඇස් වලම හන්ගගන්න ගමන් එයාගෙන් අඩියක් පස්සට උනා...

"සොරි මන් දැක්කෙ නෑ ඔයා එනවා...ඒ වගේම කුමාවෝ...

එයාගෙ ඇස් මගෑරල එයාව නොදන්න කෙනෙක් ගාන්ට දාලා  කිව්ව මන් අනිත් පැත්තට අඩියට දෙකට එතනින් ආපු මන් කෙළින්ම ඇවිත් නැවතුනේ ඔන්නිගෙ කා එක පාක් කරල තිබ්බ පාකින් ඒරියා එකේ...

කෑ ගහලා අඩන්න පුලුවන් තරම් වේදනාවක් හිත ඇතුළෙ කැකෑරෙන ගමන් තිබ්බත් මන් යටි තොල හපන් ඒ වේදනාව හිත අස්සෙම හන්ගගත්තේ මට ඔන්නි ඉස්සරහ මේ වෙලාවෙ අඩන්න කිසි ඕනිකමක් තිබ්බෙ නැති නිසා...

"යෝරා...

ඔන්නි කතා කරනවා ඇහුනු හඩට මන් අනිත් පැත්ත හැරුනෙ...මන් ඔන්නි පැත්තට හැරුනත් මන් ඔන්නි දිහා නොබලම රවාගෙන අත් දෙකත් පපුවට කරන් බැදගෙන වෙන පැත්තක් බලාගත්තා...

"යෝරා පිස්සු නැතුව ජිමින්ට ගිහින් කතා කරන්න පොඩී...අර දැන්ටමත් එයාලා යන්නද කොහෙද හදන්නේ...

ඔන්නි මගෙ අතින් හොල්ල හොල්ල කිව්වත් මන් නෙවෙයි විනාඩියකටවත් ජිමින්ලා යන දිහා බැලුවෙ...

"ආයිශ් ඔයා නම් හොදටම මුරණ්ඩුයි පොඩී...

මට කියල කියල බැරිම තැනද කොහෙද ඔන්නි කේන්තියෙන් කියලා කා එකට හේත්තු උනා...
.

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now