2🍇

676 92 6
                                    

අද මගෙ ශෙඩියුල් එකේ හැටියට උදේම තිබ්බෙ මගෙ හොටෙල්ස් වලින් ග්වන්ජු වල තියෙන හොටෙල් දෙක චෙක් කරන වැඩේ නිසා මන් ටිකක් වෙනදටත් වඩා කලින් නැගිටලා වොශ්රූම් එකට ආවේ කූල් වොශ් එකකුත් දාගෙන එහෙම ඉක්මනින් ලෑස්ති වෙන්න හිතාගෙන....මොකද අනිත් දවස් වගේ නෙවෙයි මගෙ හොටෙල්ස් චෙක් කරන්න තියන දවස් වලට මට පැය විසි හතරකුත් මදි....මොකද හොටෙල් එකක ෆුල් ප්‍රොසෙස් චෙක් කරනව කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕනි වගේම ලොකු ටයිම් එකක් වැයවන වැඩක්නේ....

හිතුවත් වගේ ඉක්මනින් කූල් වොශ් එකක් දාගත්තු මන් මගෙ බාත්‍රොබ් කලෙක්ශන් එකෙන් පින්ක් පර්පල් කලර් බාත්‍රොබ් එකත් ඇදන් කොන්ඩෙත් ගස ගසම ක්ලොසෙට් එක ගාවට ආවා....

මගෙ ඔෆිස් කිට් වලට විතරක්ම වෙන්වුනු ක්ලොසෙට් එක ඇරලා ෆුල් වයිට් කලර් ඔෆිස් කිට් එකක් ගත්තු මන් ඒකත් බෙඩ් එක උඩින් පරිස්සමට තියලා මිරර් ටේබල් එක ළගට ආවා....

බාත්‍රොබ් එක පිටින්ම මිරර් ටේබල් එක ගාව පොඩි චෙයා එකේ වාඩිවෙලා කොන්ඩෙ ඩ්‍රයි කරගත්තු මන් ඉක්මනින් මගෙ මේකප් වැඩ ටික කරගත්තේ වෙනද වගේම පොඩි සෝන්ග් එකක් මුමුණන්න අමතක නොකරමයි.....මේකප් වැඩ ටිකත් ඉවරකරගෙන වයිට් කලර් ඔෆිස් සූට් එකට මැච් වෙන්න ලයිට් රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් මගෙ තොල් වල ගාගත්තු මන් මිරර් එකෙන් පේන මගෙ රූපෙ දිහා බලාගෙනම ඇහැකුත් ගහලා චිල් එකේ සෝන්ග් එකකුත් මුමුණ මුමුණම චෙයා එකෙන් නැගිටලා බෙඩ් එක ගාවට ආවා....
.




.




.
"මෑම් අපි බ්ලූරේන් එකට ආවා....

මගෙ කා එකේ පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා බ්ලූරේ එකේ මේ වෙලාවේ වැඩ ටික සිද්ධ වෙන විදිහ cctv කැමරාස් වල උදව්වෙන් මගෙ ටැබ් එකෙන් චෙක් කරන ගමන් හිටපු මන් ඔලුව උස්සලා කා එකෙ වින්ඩෝ එකෙන් එළිය දිහාට ඇස් යොමු කළේ පැසේන්ජර් ශීට් එකේ ඉදන් හිටපු මගෙ ප්‍රයිවට් සෙකට්‍රි මිස්ට යන්ග් කියනව ඇහුනු හඩට....

මන් කා එකෙන් බහිද්දිම වගේ වෙනද වගේම හොටෙල් එකේ එම්ප්ප්ලෝයිස්ලා කිහිපදෙනෙක් එළියට දුවගෙන ඇවිත් මට ඇතුළට එන්න රෙඩ් කාපට් එක එලුවා....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now