19🍇

484 74 15
                                    

අයිස් ටී එකක් බොන ගමන් ෆෙන්ස් එකට අත් දෙක තියලා බරවෙලා රෑ අහස දිහා බලන් කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවේ රූම් එකේ ඩෝ එක ඇරෙනව ඇහුනු සද්දෙට....

ශුවර් එකටම අපෙ මැටි ඔන්නියා වෙන්නැති....ඔන්නියා තමයි කොහොමත් ඩෝ එකට තට්ටු නොකර කෙළින්ම ඩෝ එක ඇරන් එන්නෙ😒....

"යෝරා!!!....

"මන් මෙහේ....

"ආ ඔයා ඔතනද....මේ ඒක නෙවෙයි මන් මේ දෙයක් දැනගන්න ආවේ🤨....

ඔන්නි ටිකක් කටහඩ බර කරල ඒක අහපු විදිහ නම් මට එච්චර ඇල්ලුවෙ නෑ🙄....ඔන්නි මොකක් ගැනද මේ අහන්න යන්නෙ....

හිතින් හිත හිතාම මන් ඔන්නි දිහා බැලුවේ ඒ මොකක් ගැනද කියල අහන බැල්මකින්....

"කොහොමද ඔයා පාක් ජිමින්ව අදුරන්නේ🤨....ඊට වඩා මොකක්ද ඔයාට එයත් එක්ක තියන කතාව🤨....

ඔන්නි ඒක ඇහුවා විතරයි මගෙ උගුරත් එක්කම වේලිලා ගියා වගේ දැනුනෙ මට....

ඔහ් ශිට්....ඒත් කොහොමද ඔන්නි මන් ජිමින්ව දන්නව කියල දැනගත්තේ....මන් ඔන්නිට එයා ගැන මුකුත් කිව්වෙත් නෑනේ....

ඇත්තටම මන් හිටියේ කරකවල අතෑරලා වගේ....අඩු ගානේ ඔන්නිට දෙන්න මොකක් හරි උත්තරයක්වත් මගෙ ඔලුවට ආවෙ නෑ ....ඒ තරම් කන්ෆියුස් වෙලා මන් හිටියේ....

"යෝරා මන් දෙයක් ඇහුවා....උත්තර දෙනව මට😑....

ඔන්නි කිව්වේ යම්තාක් දුරකට කේන්තියෙන් වගේ....

"ම්....මන් එයාව එහෙම ලොකුවට අදුරන්නෑ ඔන්නි....

ඇත්ත කිව්වොත් හොදට අහගන්න වෙන නිසාම මන් කිව්වා....

"එහෙම ලොකුවට දන්නෑ කියන්නේ පොඩ්ඩක් හරි දන්නව කියන එකනෙ නේ😑🤨....

"ඔ....ඔන්නි මන්....

"යෝරා මගෙ තරහ අවුස්සන්නැතුව ඇත්ත කියනව මට....කොහොමද ඔයා පාක් ජිමින්ව අදුරන්නේ😑....

ඔන්නි ඇහුවේ ඉස්සෙල්ලටත් වඩා කේන්තියෙන්....ඔන්නිගෙ ඇස් උනත් කේන්තියෙන් දිලිසෙන ගමන් තිබ්බේ....

"ම්....මන් කිව්වනෙ මන් එහෙම ලොකුවට අදුරන්නෑ කියලා....

"අදුරන්නැත්තන් ඔයා මොන එහෙකටද ඒ මනුස්සයව ඊයෙ අර පාටි එකේදි කිස් කළේ කියනවා😑😡....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now