13🍇

422 75 13
                                    

"බේබි මන්....

ඩෝ එක එහා පැත්තෙන් අජුම්මාගෙ කටහඩ ඇහුනට පස්සෙ තමයි ඔන්න මන් ටිකක් හරි ‍රිලැක්ස් උනේ....මොකද එකපාරටම ඩෝ එකට තට්ටු කරන හඩ ඇහෙද්දි මට හිතුනෙම ඒ ජිමින්වත්ද කියලා🙂....

"ආ අජුම්මා....එන්න අජුම්මා ඩෝ එක ලොක් කරල නෑ....

ජියා කිව්වත් එක්කම වගේ අජුම්මා කෙනෙක් ඩෝ එක ඇරන් එක එක ස්නැක්ස් වර්ග වලින් පුරෝපු ප්ලේට්ස් කිහිපයක් තියාගත්තු ට්‍රේ එකකුත් අරන් ඇතුළට ආවා....

"චින්චා ජියා ඔයා මෙච්චර ස්නැක්ස් ගේන්න කිව්වෙ ඇයි....මගෙ නම් බඩෙ ඉඩත් නෑ ඩිනර් එක ගත්ත නිසා....

අජුම්මා ගියත් එක්කම වගේ මන් බෙඩ් එක උඩ අපි දෙන්නගෙ මැදින් ස්නැක්ස් ටේබල් එකේ අජුම්මා තියලා ගිය ස්නැක්ස් ප්ලේට්ස් ටික දිහා ඇස් දෙකත් බෝල කරල බලන් මන් කිව්වේ ඇත්තටම මට ස්නැක්ස් කන්න තරම් බඩේ ඉඩක් ඉතුරු වෙලා තිබ්බෙ නැති නිසා....

"අයියෝ මේවා කන්න ලොකුවට බඩේ ඉඩක් ඕන්නෑ අනේ....ඒ නිසා පිස්සු නැතුව කන්න😌....

"හරි හරි කන්නම්කො ඉතින්😅....මේ ඒක නෙවෙයි මොකක්ද අර සම්චොන්ගෙ කතාව....

කුතුහලේ බැරිම තැන එක එක පාට පෙබල්ස් පුරවලා තිබ්බ පෙබල්ස් ප්ලේට් එකෙන් පෙබල්ස් දෙක තුනක් ප්ලාස්ටික් හැන්දෙන් අතට ගන්න ගමන් මන් ඇහුවා....

මන් ඒක ඇහුවම ජියාගෙ මූණෙ තිබ්බ හිනාව නැතිවෙලා ගිහින් එයාගෙ මූණෙ සීරියස් මූඩ් එකක් ඇදුනෙ මන් බලා ඉද්දිමයි....

"මන් කිව්වනෙ අපි දෙන්න අර සිද්ධියෙන් පස්සෙ හැදුනෙ සම්චොන් ගාව කියලා....

"ඔව්?....

"අපෙ සම්චොන් ගොඩක් සැර වගේම ටිකක් දරුණු කෙනෙක් යෝරා....ඒ උනාට අපෙ ඉමෝ නම් හරි හොදයි....එයා අපි දෙන්නට සැළකුවෙ ඇත්තටම ඔම්මෙක් වගේ....ඒත්....

"ම්ම්?....

මන් ඇහුවත් එක්කම ජියා ලොකු බර හුස්මක් පාත දැම්මේ ලොකු කතාවකට මුල පුරන්න වගේ....

"මන් හැදුනෙ ගොඩක් ඉමෝ ගාව උනත් ඔප්පා හැදුනෙ ගොඩක් සම්චොන් ගාව යෝරා....ඔයා දන්නැති උනාට අපෙ සම්චොන් තමයි ඉස්සර අන්ඩර්වර්ල්ඩ් එකේ බ්ලැක් කින්ග් විදිහට හිටියේ....එයාගෙ නේම් එක කිව්වත් ඇති කොරියාවෙ මිනිස්සු ගොඩක් බයයිත් එක්ක....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now