29🍇

395 66 18
                                    

ජිමින් එකපාරටම මගෙ අතේ තිබ්බ ස්පෙක්ස් දෙක ඇද්ද පාර එයාගෙ ඇදිල්ලෙ පවර් එක කොච්චරද කියනව නම් මාව කෙළින්ම ඇදිල ගිහින් එයාගෙ උකුළෙ ඉන්දවුනා...

මාව නිකන් ෆ්‍රීස් වෙලා ගියා වගේ උනා එකපාරටම ඒ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව...මට විතරක් නෙවෙයි ජිමිනුත් බාගෙට ටියුබ්ලයිට් වෙලා වගේ මගෙ දිහා බැලුව විදිහට මට තේරුනා ජිමිනුත් ඒ උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ කියලා...

ඒත් එක්කම එකපාරටම ජිමින්ගෙ ෆෝන් එක රින්ග් වෙනව ඇහුනා විතරයි එකපාරටම මාවත් බිමට පෙල්ලන් එයා ඉද්ද ගැහුවා වගේ සෝෆා එකෙන් නැගිට්ටා...

මේ නපුරා නිසා මන් කෙළින්ම නැවතුනේ කොෆි ටේබල් එකයි සෝෆා එකයි අතර ඉඩ තීරුවේ බිම😑...

මේ නපුරා නැගිට්ටා විතරයි මන් බිම කියල බැලුවෙත් නෑ මන් කියල කෙනෙක් එතන නෑ වගේ කෝල් එකත් ආන්ස්වර් කරන ගමන් අඩියට දෙකට රූම් එකෙන් බැල්කනි එක පැත්තට ගියා...

අයිශ් මේ නපුරා නම්😑 ...තව පොඩ්ඩෙන් මගෙ ඔලුවත් වැදෙනවා...

හිතින් බැන බැනම මන් යන්තම් කොෆි ටේබල් එකත් අල්ලන් බිමින් නැගිටගත්තා...

එහෙම්ම මගෙ අතේ තිබ්බ ස්පෙක්ස් දෙක සෝෆා එක උඩට විසික්කරපු මන් කටත් දෙක කරගෙන අඩිය හප්ප හප්ප ඇවිත් බෙඩ් එකෙන් වාඩි උනා😒...ඇයි අෆ්ෆා මේ මැට්ටා නිසා තව පොඩ්ඩෙන් මටත් බාම් ගාන්න වෙනවා😒...හොද වෙලාවට සෝෆා එක ගාව තිබ්බ වූල් රග් එක නිසා හොදට හිටියා...

මන් ඕවත් හිත හිතාම මූණත් දෙක කරන් අත් දෙකත් පපුවට බැදන් තාම වහලා නැති වින්ඩෝ පේළිය නිසා හුළගට තාලෙට එහෙ මෙහෙ විසිරෙන වයිට් කලර් කර්ටන්ස් අතරින්  ග්ලාස් වෝල් එකෙන් පේන කාත් එක්කද මන්දා බර කෝල් එකක හිටපු එයා දිහා බලන් හිටියේ මේ මැට්ටට හොද පාඩමක් උගන්නන විදිහක් හිත හිත...ඇයි අෆ්ෆා මගෙ ඇදුම් ටිකයි ස්කින් කෙයා බඩු ටිකත් පුච්චලා තව මගෙ ෆෝන් එකත් මට හොරෙන්ම මාරු කරලා...ඒක දන්නෙත් ගෙදරට කෝල් කරන්න ගත්ත වෙලේ...එතකන් මේ නපුරා මට කිව්වෙත් නෑ😒...මෙයත් අනේ මන්දා මොනව කරන්න හදනවද කියලා...

ටිකවෙලාවක් එයා දිහා බලන් කල්පනාවක හිටපු මට හොද අයිඩියා එකක් ආපු නිසා මන් දඩබඩ ගාලා බෙඩ් එකෙන් බැස්සේ ෆුල් හැපි එකේ...

එහෙම්ම හිමින් සැරේ අඩි තිය තිය ගිහින් බැල්කනි එකේ ඩෝ එක ගාවට ආපු මන් බැල්කනි එකේ ඩෝ එක හිමීට එයාට ඇහෙන්නෙ නැතිවෙන්න වහලා තව ඇරලා තිබ්බ වෝල් තරම් ලොකු වින්ඩොස් පේළියත් හොදට ලොක් කරලා එහෙම නට නටා ඇවිත් එහෙම්ම බෙඩ් එකට පැනලා ඩුවට් එක අස්සෙ ගුලිවුනා...

දැන් ඉතින් ඩෝ එක ඇරගන්න නම් මට කතා කරන්නම වෙනවනෙ මෙයාට😗🙃...

ෆුල් හැපි එකේ හිතින් හිත හිතම මන් ලාවට දැනුනු නිදිමත නිසා ටිකකට ඇස් පියාගත්තා...
.




.










.
තද නින්දක හිටපු මන් ඇහැරුනේ එළියෙන් ඇහුනු කුරුල්ලන්ගෙ සද්දෙට...කුරුල්ලන්ගෙ සද්දෙ නිසා නින්ද නම් ලාවට කැඩුනා උනත් මන් කම්මැළිකමේම තව ටිකක් ඩුවට් එක අස්සෙ ගුලි උනේ තව ටික වෙලාවක් නිදාගෙන ඉදලම නැගිටිනව කියල හිතාගෙන...ඒත් ටිකවෙලාවක ඉදන් දැනෙන්න අරන් තිබ්බ වොශ්රූම් යාමෙ අවශ්‍යතාය හේතුකොටගෙන ආයිත් ඔන්න ඔහේ කමක් නෑ කියලා මන් කම්මැළිකමේම නැගිටලා එක ඇහැකුත් බාගෙට ඇරගෙන ගිහින් වොශ්රූම් එකට ආවා...

එහෙම්ම මූණත් හෝදන් වොශ් එකකුත් දාගත්ත මන් යෙලෝ කලර් හීනි උරහිස් පටි තිබ්බ කොට ෆ්‍රොක් එකකටත් මාරුවෙලා එහෙම මෝනින්ග් රූටීන් වැඩ ටිකත් එහෙම කරන් එහෙම ටයිම් බලාගන්න ෆෝන් එක අතටගද්දි මොකක්දෝ හේතුවකට මන් නිකන් දැනුනෙම මට මොනවහරි දෙයක් අමතක වෙලා කියලමයි...අනේ මන්දා ඒත් මොකක්ද...මන් වෙනදට කරන මෝනින්ග් රූටින් එකම කරගත්තත් එක්කනේ...ප්....පොඩ්ඩක් ඉන්න ඕ ගෝඩ් ජිමින්....ජිමින් එ...එයා තාම බැල්කනි එකේද එතකොට😳...

ඒක මතක් උනා විතරයි මගෙ අතේ තිබ්බ ෆෝන් එකත් මගෙ අතින් අතෑරිලා බෙඩ් එක උඩට වැටුනෙ හිතට දැනුනු කම්පනේට...

_________________________________________

අහම්😗....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now