24🍇

424 65 21
                                    

ජිමින් අපෙ මැන්ශන් එකෙන් ගියාට පස්සෙ අනිත් පැත්තට ගිහින් ජිමින් එක්ක මේ ගැන හරියට කතා කරන්න ඕනි උනත් ජිමින් මැන්ශන් එකෙන් ගිය වෙලාවෙ ඉදන් අප්පා මට මැන්ශන් එකෙන් එළියට අඩියක් තියන්න දුන්නැති නිසා මන් හිටියේ මොකක්ද දැන් කරන්නෙ කියලා හිතාගන්න බැරුව...

ජියාට කෝල් කරලා ජියා මාර්ගෙන් ජිමින්ව කන්ටැක් කරගන්න හිතුවත් ඒකවත් කරගන්න උන්නැත්තෙ ජියා මගෙ කෝල් එකක්වත් ආන්ස්වර් නොකරපු නිසා...

ඕ ගෝඩ් ජිමින් ජියාට අනිවාර්යයෙන්ම කියන්න ඇති මගෙ කෝල්ස් ආන්ස්වර් කරන්න එපා කියලා..නැත්නම් ජියා කීයටවත් මගෙ කෝල්ස් ආන්ස්වර් නොකර ඉන්නෑනේ...

මන් නිකන් හිටියේ උනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව...ඕ ගෝඩ් මොකක්ද මේ ජිමින් කරන්න හදන්නේ...බැරිවෙලාවත් එයා මොකක් හරි දෙයක් ප්ලෑන් කරනවවත්ද...ඒත් මන් දැන් කොහොමද මේ වෙඩින්ග් එක කැන්සල් කරගන්නෙ...අඩු ගානෙ ජියාවත් කෝල්ස් ආන්ස්වර් කරනව නම්...

ජිමින් මට ප්‍රපෝසල් එක ගෙනාපු දවසෙ ඉදන් මොකක් හරි කරලා මැන්ශන් එකෙන් පැනගන්න කොච්චර උත්සහ කළත් අප්පා අප්පගෙ ගාඩ් එක මැන්ශන් එක වටේටම දාලා තිබ්බ නිසා මන් අඩු ගානේ මැන්ශන් එකෙන් එළියට අඩියක් තියන්නවත් හම්බුන්නෑ...ඔන්නි නම් අප්පලා එක්ක මේ ගැන වාද කළත් ඔන්නිටවත් පුලුවන් උන්නෑ අප්පලගෙ ඩිසිශන් එක චුට්ටක්වත් වෙනස් කරන්නවත්...අන්තිමට ඔන්නිටයි මටයි දෙන්නටම උනේ වෙඩින්ග් එක දවස වෙනකන් අපෙ රූම්ස් දෙකට වෙලා ඉන්න...
.





.












.
"හරි මේකප් එකේ වැඩ ටික නම් ඉවරයි මිස්...දැන් මිස්ට ඇස් අරින්න පුලුවන්...

මගෙ මේකප් එක කරපු ගර්ල් කියනව ඇහුනු හඩට මන් ඇස් ඇරියේ...

"ඇයි මිස් මේකප් එක අව්ල් වගේද🤔...

මන් ඇස් ඇරියත් මිරර් එකෙන් පේන මගෙ රූපෙ දිහා හිස් බැල්මකින් බලන් හිටියා මිසක් මුකුත් කිව්වෙ නැති නිසාද කොහෙද ඒ ගර්ල් ටිකක් අවුලෙන් වගේ ඇහුවා...

"අ....අනී...මේකප් එක හොදයි...ඔයා හොදට මේකප් එක කරල තියෙනවා...

අමාරුවෙන් උනත් හිනාවක් මූණට අරන් කිව්ව මන් අනිත් පැත්තට චෙයා එකෙන් නැගිට්ටා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Där berättelser lever. Upptäck nu