18🍇

448 75 11
                                    

මාව එයා එයාගෙ ශක්‍තිමත් අතකින් ඇදලා ගත්ත පාර මන් කෙළින්ම ගිහින් එයායි ෆෙන්ස් එකයි අතර තීරුවෙ හිර උනා....එයා කෙළින්ම මගෙ අත් දෙක දෙපැත්තෙන් ෆෙන්ස් එකට අත් දෙක තියලා මාව ෆෙන්ස් එකයි එයයි අතරට හිරකරන් වගේ හිටපු නිසා මට අඩු ගානේ එහා මෙහා වෙන්නවත් ඉඩක් තිබ්බෙ නැති තරම්....ඊට වඩා එයා මාව ඇද්ද පාරට මගෙ කොන්දත් ෆෙන්ස් එකේ වැදිලා මගෙ කොන්දෙනුත් සියුම් වේදනාවක් ආව හින්දා මගෙ ඇස් වලට යොමුවෙලා තිබ්බ එයාගෙ ගිනි පිටවෙන නපුරු ඇස් දිහා ඇස් උස්සලා ටිකක් කේන්තියෙන් මන් බැලුවේ මොන පිස්සුවක්ද මේ කරන්නෙ කියලා අහන්න උනත් එයා ඊට කලින් කතා කළා....

"තමුසෙ මගෙ රතු ඉර පන්නලා ඊට පස්සෙ අඩන්න ලෑස්තිවෙන්න එපා යෝරා....තමුසෙ හිතනවට මේ බ්ලැක් ඩ්‍රැගන් ගොඩක් දරුණුයි අරස්සෝ....

එයා සැර ගැඹුරු හඩකින් කිව්වේ එයාගෙ නපුරු ඇස් වලින් මගෙ ඇස් දිහා සෘජුවම බලාගෙනමයි....මගෙ ඇස් වලට එක එල්ලේ යොමුවෙලා තිබ්බ ඒ කඩවසම් බවින් කිසි අඩුවක් නොතිබුනු ඒ නපුරු දිගටි ඇස් උනත් කියාගන්න තේරෙන්නෙ නැති තරම් කේන්තියකින් වෙවුලන ගමන් තිබ්බෙත්....මට ඒක හොදටම තේරුනා....ඒත් මට නම් ඒ නපුරු ඇස් දැක්කම කිසි භයක් නොදැනුනු තරම්....අනේ මන්දා ඇයි කියන්න....මට එයා කරන මේ කිසි දරුණු හැසිරීමක කිසි භයක් දැනුන්නෑ....මට එයා මේ වගේ මන් ඉස්සරහ නපුරු විදිහට ඉද්දි මට දැනුනු එකම දේ උනේ මන් එයාගෙ මේ නපුරු වැඩ වලට තව තවත් ආස වෙනවා කියන එක විතරයි....

ජීවිතේ පළවෙනි පාරට එයාගෙ ඇස් දිහා මෙහෙම ළගින් බලද්දි මට මොකක්දෝ දෙයක් දැනුනා....ඒ හැගීම මොනවගේ හැගීමක්ද කියලා හරියටම තේරුනේ නැතත් මගෙ ඇස් නම් ඒ නපුරු ඇස් අස්සෙ මොහොතකට අතරමං වෙලා තිබ්බෙත්....අඩු ගානෙ මට වටපිටාවෙ වෙන කිසි දෙයක්වත් තියෙන කිසි දෙයක්වත් නොපෙනුනු තරම්....

ඒත් එක්කම තව මොහොතක්වත් පරක්කු නොකර එයාගෙ කම්මුලකට අත තිබ්බ මන් ඉස්සිලා එයාගෙ රෝස තොල් දෙක මගෙ තොල් වලින් පරිස්සමට කිස් කළේ මට දැනෙන මේ හැගීම හරියටම තේරුම්ගන්න මට ඕනි උනු නිසා....

මන් එයාගෙ රෝස පිරුණු තොල් කිස් කළත් එක්කම මොහොතකට ගැස්සිලා ගිය එයා අනිත් පැත්තට මගෙ උරහිසින් තල්ලු කරල මාව එහාට කරලා පස්සට උනේ ඒ මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව වගේ බැල්මකින්....

එයා මාව තදින් තල්ලු කරපු පාර මාව ආයෙමත් සැරයක් ෆෙන්ස් එකේ ටිකක් තදට වැදුනු නිසා මේ පාර නම් ඉස්සෙල්ලාටත් වඩා මගෙ කොන්දෙන් ලොකු වේදනාවක් දැනුනත් එක්ක....

"ජ්....ජිමින් මන්....

"යෝරා?....

මන් ජිමින්ට දෙයක් කියන්න යද්දිම එකපාරටම අපිට ටිකක් එහායින් ඇහුනෙ කිම් නම්ජූන්ගෙන් කටහඩ....

ආයිශ් මෙයා මොකටද ඒ අස්සෙ මෙතෙන්ට පාත් උනේ🙂....

"ඇයි?....

"මොකක්ද ඔයා මෙයත් එක්ක මෙතන කරන්නේ🤨?....

එයා ඇදන් හිටපු බ්ලූ කලර් ට්‍රවුසර් එකේ සාක්කුවකට අතකුත් දාගෙන හෙන සීරියස් බැල්මකින් අපි ගාවට එනගමන් එක ඇහිබැමකුත් උස්සලා එයා ඇහුවේ.....

මෙයා ඒ අස්සෙ මොකක්ද මේ අහන්නේ😐....එයාට මොකටද මන් කාත් එක්කවත් කතා කළත්🙂....

"එක්ස්කියුස් මී🙄🤨?....

මන් ටිකක් සීරියස් හඩකින් එයා දිහා බලලා ඇහුවේ එයා මොකක්ද මේ කරන්න හදන්නෙ කියල හිත හිත.....

"ඔයා දන්නවද මේ කවුද කියලා මේ වගේ තැනක මේ වගේ කෙනෙක් එක්ක තනියෙන් ඉන්නේ🤨?....

ජිමින් දිහාට ටිකක් නෝක්කාඩු බැල්මක් දාලාත් එයා ඇහුවෙ....

ඇත්තමයි මේ මනුස්සයට මේ මොකක්ද වෙලා තියෙන්නේ😐... මෙයාට මොකටද මන් කාත් එක්ක කතා කළත්....

"එක්ස්කියුස් මී?....මන් හිතන්නේ ඔයා මාව වෙන කාටහරි පටලගෙන මිස්ට කිම් නම්ජූන්....

එයා පැන පැන දෙන්න වගේ හදන්නේ කියල තේරුනු නිසා හිතට පොඩි කේන්තියක් දැනුනා උනත් මට කේන්තිය හන්ගගෙන පුලුවන් හොදින් කිව්වා....

"අන්න මන් දැක්කා මිසිස් ඉම් මේ පැත්තට එනවා....ඔයා කැමති දෙයක් කරගන්න....

මගෙ දිහා නෝක්කාඩුවෙන් බලලා වගේ එයා කිව්වේ....

ව්....වෙයිට් වට්?....ඔ....ඔම්මා....ඔහ් ශිට්😳....

එයා ඒක කිව්වා විතරයි මගෙ උගුරත් එක්කම වේලිලා ගියා වගේ උනා....

"ම්....මන් යනවා....

ඒ ගමන් ඉක්මන්ට මගෙ එහා පැත්තෙ තරහෙන් පුපුරන ගමන් හිටපු ජිමින් දිහා බලලා කිව්ව මන් අනිත්පැත්තට එතනින් අඩිය දෙකට ආවේ ඔම්ම නම් මූණට මුණගැහෙන්න එපා කියලා හිතින් වැද වැද....

_________________________________________

යෝරායි ජිමිනුයි පූල් එකෙන් නායි කියල බලන් හිටපු සෙට් එක මේ කොනට😪😂....

මගෙ කතා ආසාවෙන් කියවන වගේම කමෙන්ට්ස් වෝට්ස් කරන ඔයාලටත් ගොඩක් ස්තූතියි🍇....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now