47🍇

458 80 28
                                    

අදට මන් ජිමින්ලෑ මැන්ශන් එකෙන් ඇවිත් මාස දෙකහමාරකට කිට්ටුයි...එයාගෙ එනමීස්ලගෙ ප්ලෑන් එක ගැන ජිමින් කියල තිබ්බ නිසාම මන් කෝකටත් කියලා මගෙ ආරක්ෂාවට බොඩි ගාඩ්ස්ලා එකට පහක්ම ගත්තා...කොහොමත් දැන් මගෙ ආරක්ෂාව තියෙන්නෙ මන් අතේනේ...ඔම්මයි අප්පයි ඔන්නියි නම් මන් ආපු එක ගැන ලොකු සතුටකින් හිටියේ...මන් හිතන්නෙ ඔම්මටයි අප්පටයිත් වඩා ඔන්නි තමයි ගොඩක්ම සතුටු වුනේ...පව් ඔන්නි මන් නැති ටිකේ හරි පාලුවෙන්ලු හිටියෙත්...

ඒ වගේම මේ මාස දෙක හමාරට මට මගෙ කම්පනි එක කොරියාවෙ හොදම කම්පනි පහ අතරට ගන්නත් මට පුලුවන් උනා...මොකද මේ ටිකේම මන් මාර විදිහට කම්පනි එකේ වැඩ වලට මහන්සි උනේ...පෙළක් දවසට මන් කම්පනි එකේ වැඩ ඉවරවෙලා මැන්ශන් එකට ආවෙත් රෑ එකත් පහුවෙලා වගේ...මොකද ඒ තරම් මන් මේ ටිකේම කම්පනි එකේ වැඩ අස්සෙ බිසී වෙලා හිටියේ...ඉස්සර නම් මන් මෙච්චරටම බිසී කෙනෙක් නොවුනත් දැන් නම් මේ විදිහට හුරුවෙන්න පටන් අරන් තිබ්බෙ...ඒකට ලොකු හේතුවකුත් තිබ්බා...මොකද මට ඕනි උනේ කම්පනි එකේ වැඩ වලට බිසී වෙලා හරි ජිමින් ගැන මට මතක් වෙන එක ටිකකට හරි අඩුකරගන්න...

ඔන්නි උනත් හැබැයි කැමති උනේ නෑ මන් කම්පනි එකේ වැඩ වලට මෙච්චර බිසී වෙන එකට නම්...ඒ නිසා එයා පුලුවන් තරම් උත්සහ කළේ මාව රිලැක්ස් එකේ තියන්න...ඒ නිසාම එයා ගොඩක් වෙලාවට වීක් එකට දවස් දෙක තුනක්වත් මාවත් ඇදන් බීච් එකට නැත්නම් කොෆි ඩේට්ස් වලට කැරකෝ රූම්ස් වලට වගේ යන්න පුරුදු වෙලා හිටියේ...

"යෝරා මන් මගෙ ෆෝන් එක කා එකේ දාලා ඇවිත් මන් ඒක අරන් එන්න යනව හොදේ...

"හරී...

ඔන්නි අපි හිටපු තැනින් නැගිටලා ගියත් එක්කම මන් හවස් වරුව නිසා කහදම් පාටින් රැළි ගහන මුහුද දිහාට ඇස් යැව්වේ හිතට දැනුනු ලොකු පාළුවකුත් එක්ක...

"යෝරා...

"ආ ඔන්නි ආවද...

"ඕ...යන් හොටෙල් එකට මොනවහරි කාලා ආයිත් එමු මෙතෙන්ට...හොදටම බඩගිනී හලො...

ඔන්නි බඩ අත ගාලා කට ඇද කරල ඒක කිව්ව විදිහට මෙතන වෙන කෙනෙක් හිටිය නම් හිතයි ඔන්නි හත් මාසෙකින් විතර කාලා නෑ කියලා...ඒ තරම් මොන්ගල් ඇක්ශන් එකක් ඔන්නි දැම්මේ🥲...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now