25🍇

389 63 15
                                    

"මොකද්ද ඇත්තටම ඔයා මේ කරපු වැඩේ තේරුම ජිමින්...

රෝඩ් එක දිහා බලන් කිසිම හැගීමක් හොයාගන්න බැරි මූඩ් එකකින් ඩ්‍රයිව් කරන ගමන් හිටපු ජිමින් දිහා බලන් මන් ඇහුවේ එයාගෙ මේ සයිලන්ට් ට්‍රීට්මන්ට් එක ඉවසන්න බැරිම තැනයි...

මන් ඇහුවත් කටින් කිසි උත්තරයක් නොදුන්නු එයා රෝඩ් එක දිහා බලන්ම කට කොනින් එවිල් හිනාවක් දැම්මා...හරියට ඉස්සරහට ඔයාටම තේරුම්ගන්න පුලුවන් වෙයි වගේ හින්ට් එකක් එයා ඒ කරපු වැඩෙන් මට දැනුනෙ
...

ඇත්තම කිව්වොත් මන් හිටියෙ කරකවල ඇතෑරල වගේ ෆීලින්ග් එකකින්...එක පැත්තකින් එකපාරටම උනු මේ මැරේජ් එක...අනිත් පැත්තෙන් එයාගෙ මේ නොතේරෙන වැඩ පිළිවෙල...මේ දේවල් හිතල හිතලම මගෙ ඔලුවත් හීනියට රිදෙන්න පටන් අරන් තිබ්බෙත්....

හැබැයි මේ වෙන දේවල් වලින් මන් එක දෙයක් නම් තේරුම් අරන් තිබ්බෙ...ඒ ජිමින් මේ මැරේජ් එක කළේ නම් එච්චර හොදකට නෙවෙයි කියන එක...

එයා මන් තව මොනව ඇහුවත් මොකුත් උත්තරයක් දෙන්නෑ කියල තේරුනු නිසා ලොකු හුස්මක් පාත දැම්ම මන් බොකේ එකත් අත් දෙකට තද කරගෙනම ශීට් එකට ඔලුව හේත්තු කරගත්තේ ඇගට විතරක් නෙවෙයි හිතටත් එක්කම දැනෙමින් තිබ්බ මහන්සිය නිසා....

ඇස් දෙකත් පියන් තද නින්දක ආපු මන් ගැස්සිලා වගේ ඇහැරුනේ සද්දෙන් ඇහුනු  හෝන් එකක සද්දෙට...

බැලින්නම් හෝන් එක උඩ නැගගෙන වගේ හෝන් එක ගහල තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි මේ නපුරා...

මන් ඇස් දෙක පීදලා එයා දිහා බැලුවම දැන් බහින එකයි ඇත්තෙ කියන බැල්මකින් මන් දිහාට සැර බැල්මක් දාපු එයා අනිත් පැත්තට බෙන්ස් එකෙන් බැස්සා...

අනෙ ඇත්තමයි මේ නපුර නම්😒....ඒත් මේ කොහෙද...මේක හොටෙල් එකක් නෙවෙයිනෙ මේක මැන්ශන් එකක්නේ...

මන් හිතින් හිත හිතාම කැළයක් මැද්දට වෙන්න වගේ හදල තිබ්බ එයාගෙ මැන්ශන් එකටත් වඩා ටිකක් ලොකු දැන්ටමත් ගොඩක් හවස් වෙලා නිසා වටේටම ලස්සන්ට ලයිට්ස් දාලා තිබ්බ මොඩර්න් මැන්ශන් එක දිහා බලාගෙනම බෙන්ස් එකෙන් බැස්සා...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now