26🍇

398 61 13
                                    

ජියා බලන් හිටපු දිහාට ඇස් යැව්වමයි දැක්කෙ අජුම්මා කෙනෙක් රෙඩ් කලර් බැලුන්ස් වගයකුයි රෙඩ් කලර් රිබන් වගේකුයි තව මොනවද මන්දා පුරෝපු ලොකු කාඩ් බෝඩ් බොක්ස් එකකුත් උස්සන් ජියා දිහා ටිකක් අවුලෙන් වගේ බලන් ඉන්නවා...

"බේබි හරි වැඩේනෙ උනේ🥺...

ඒ අජුම්මා කිව්වේ ටිකක් දුකින් වගේ...

ඊට පස්සෙ ඒ අජුම්මා මන් දිහාත් දුකින් වගේ බලලා ජියා ගාවට ඇවිත් රහසින් ජියාට මොකක්දෝ දෙයක් කිව්වා...

"ආයිශ් අපෙ ඔප්පා නම්😐...කමක් නෑ අජුම්මා දැන් ඉතින් මොකක් කරන්නද...අජුම්මා දැන් යන්නකො...

"ඇයි ජියා?...මොකක්ද ප්‍රශ්නේ🙄?...

අජුම්මා අපි ගාවින් ගියත් එක්කම කේන්තියෙන් වගේ යටිතොලත් විකන් හිටපු ජියා දිහා බලලා මන් ඇහුවේ ලොකු කුතුහලේකින්...

"අ...අනී යෝරා...මොකුත් ප්‍රශ්නයක් නෑ...එන්නකො...

ජියා මාව ජිමින්ගෙ මාස්ටර් බෙඩ් රූම් එක ගාවින් ඇරලවලා ගියා මිසක් අජුම්ම එයාට මොකක්ද කිව්වෙ කියල නම් මොකුත් කිව්වෙ නෑ...අනේ මන්දා ඒ අස්සෙ ජිමින් මොනා කරලද දන්නෑ...

මන් හිතින් හිත හිතාම ජිමින්ගෙ රූම් එකේ ඩෝ එක ඇරන් රූම් එක ඇතුළට ආවා...හැබැයි මන් ඇතුළට යද්දි නම් ජිමින් රූම් එකේ කොහෙවත් හිටියෙ නෑ...සමහරවිට වොශ් එකක් දාගන්නවත් යන්නැති...

"ඕ ගෝඩ් ජිමින් මේ ෆ්‍රොක් එක කොහෙන් ගත්තද මන්දා ගල් ගොඩක් ඇදන් ඉන්නව වගේ දැනෙන්නේ මේක ඇදන් ඉද්දි...

මන් ඣුරු මූඩ් එකකුත් දාන් කිය කියා ඇවිත් බකස් ගාලා රූම් එකේ තිබ්බ සෝෆා එකෙන් වාඩි උනා...

හම්මෝ දැනෙන සනීපේ...

දාන් හිටපු හීල්ස් දෙකත් ගළවලා පැත්තකින් තිබ්බ මන් එහෙම්ම ඇස් දෙකත් පියාගෙන ජිමින් එනකන් පොඩි නැප් එකක් දානව කියල හිතන් සෝෆා එකට ඔලුව බරකරගත්තා...

ලා නින්දක හිටපු මන් ලාවට ඇහුනු ඩෝ එකක් ඇරෙන සද්දෙ නිසා එහෙම්ම ඔලුව උස්සලා වොශ් රූම් එක දිහා බැලුවෙ එයාවත්ද කියල සැකේට....

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now