31🍇

389 57 7
                                    

එහෙම්ම අඩියක් පස්සට ගිය මන් හැදුවෙ දුවන්න උනත් එකපාරටම කවුද මන්දා අපෙ ඩෝ එකට තට්ටු කරනව ඇහුනා විතරයි ගැස්සිලා වගේ එයාට ඇහැරුනා...

ඊට වඩා එයා ඇහැරුනෙත් මන් දිහා බලාගෙනමයි...ඇහැරුනා විතරයි තත්පරයක් විතර හරි සිහියට එන ගමන් වගේ හිස් බැල්මකින් ඇස් දෙකත් පොඩි කරලා මන් දිහා බලන් හිටපු එයා එකපාරටම මොකක්දෝ දෙයක් මතක් උනා වගේ ඇස් ලොකු කරල මන් දිහා බලපු විදිහටම මට නෝට් උනා වැඩේ හරිතමා කියලා🙃...

"ත්...තමුසෙ...

එයා මොකක්ද කියන්න කට හදද්දිම ඉක්මනින් මන් අනිත් පැත්තට රූම් එකට දිව්වේ ජිමින් ඩෝ එකට කරල තිබුනු දේ මැවි මැවී පේද්දි...එහෙම්ම රූම් එකට දුවන් ආපු මන් අනිත් පැත්තට රූම් එකේ ඩෝ එක ඇරන් එළියන් දුවන් ආපු පාර මන් කෙළින්ම කාගෙද මන්දා ඇගේ වැදිලා එයාවත් පෙරලන්ම බිමට වැටුනා...

"ආව්ච්...ය්...යෝරා?...

"දුවමු මැට්ටියේ🥲...

බැලින්නම් මන් පෙරලගෙන වැටිල තියෙන්නෙ ජියා...ආයෙත් ජියාට උනු දේවල් විස්තර කර කර ඉන්න ටයිම් එකක් තිබ්බෙ නැති නිසා එහෙම්ම ජියාගේ අතිනුත් අල්ලගෙන බිමින් නැගිට්ට මන් එහෙම්ම එයාවත් ඇදගෙනම ඩවුන්ස්ටෙයා එකට දුවන් ආවා...

ඩවුන්ස්ටෙයා එකට බහින්න හදද්දිම වගේ මන් ඇහැ කොනින් වගේ දැක්කා අපෙ රූම් එකේ ඩෝ එක ඇරෙනව වගෙත්...මන් ඕව ආයිත් බල බල ඉන්න ගියෙ නෑ එහෙම්ම ජියාවත් ඇදගෙනම ඩවුන්ස්ටෙයා එකට ආවා...

"හම්මෝ 😮‍💨😵‍💫...කොහෙද හලෝ මේ දුවන්නේ අපි...

ජියා දුවන අස්සෙම හති දදා අහද්දි තමයි ඔන්න මට ඒකත් මීටර් වුනේ...දිව්වට මන් හැන්ගෙන්න තැනක් හිතුවෙත් නෑනෙ තාම🥲...

"ආයිශ් ඒකත් අමතක උනානේ...කොහෙද ඔයාගෙ රූම් එක ජියා🙄...

"අර තියෙන්නේ...ඒත් ඇ...

ජියා අතක් දික් කරලා අපි හිටපු ෆ්ලෝ එකේ ලෙෆ්ට් සයිඩ් එකට වෙන්න තිබ්බ රූම් එකකට අත් දික් කරලා පෙන්නුවා විතරයි ජියා ආයෙ මොකක්ද අහන්න හැදුවත් මන් අනිත්පැත්තට ජියාව ඇදන් දුවන් ඇවිත් නැවතුනේ ජියාගෙ රූම් එකේ...

~THE ONE~||PJM||[Sinhala ff]✅Where stories live. Discover now